IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දනයට

නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් තියටර් හවුස්” ආයතනය 8 වැනි වරටත් සංවිධානය කරන “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ප්‍රවීණ නාට්‍යවේදියකු, චිත්‍රපට, වේදිකා, සිනමා රංගධරයකුවන ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවා වෙනුවෙන් “මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල” වෙන්කොට තිබේ. “ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල” වන මෙහි ජාත්‍යන්තර ආරාධිත නාට්‍යකරුවා වන්නේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ නාට්‍ය හා නර්තන අංශ ප්‍රධානි තෝමස් ස්ට්‍රම්ප් මහතාය. 

මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔස්ටේ්‍රලියාව, පාකිස්ථානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් නූතන රංග කලාවේ ප්‍රගමනයට හේතුවන නාට්‍ය නිර්මාණ 13 ක් වේදිකා ගත කිරීමට නියමිතය. 

සමාරම්භක උත්සවය අගෝස්තු මස 03වැනි දින කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, නාට්‍ය දර්ශන 04 වැනිදා සිට 09 වැනිදා දක්වා දිනපතා පස්වරු 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ. “කොළඹ නාට්‍ය කතිකාව” 05 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, නූතන රංග කලා වැඩමුළු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වෙන බව උළෙලේ අධ්‍යක්‍ෂ, නාට්‍යවේදී එම්. සෆීර් “රසවින්දන”ට පැවසීය.

 



අදහස් (4)

ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දනයට

C.K.Lankaputhra Friday, 05 July 2019 07:34 AM

අපේ ජාතිවාදී නඩය දැන් කියයි නායඨ උළෙලේ අධ්‍යක්ෂක අයි අයි එස් කාරයෙක් කියල ඕක වර්ජනය කරන්න කියල.

:       9       3

sharm warn Friday, 05 July 2019 09:58 AM

සෆීර්ව නොදන්නා අය එහෙම කියයි.. මේ මනුස්සයා ලංකාවේ නාට්‍ය කලාවට කරන බරපතල මෙහෙය දන්නා අය ඔහුව ජාතියෙන් මනින්නේ නැහැ..

:       0       10

ravi Friday, 05 July 2019 10:38 AM

"ජයලත් මනෝරත්නගේ " චිත්‍රපටි බලලා හුඟක් රසිකයෝ .. " හිනාවෙලා මලා "

:       5       1

sanju Thursday, 28 November 2019 09:31 AM

රංගනයට එතුමාගේ පූර්ණ ජීවිතයම කැප කරපු කලාකරුවෙක් විචාර බුද්ධියෙන් බලන්න.. එතුමාගේ රංගනය ඔබ අල්ලා ගන්නවත්, හිතාගන්නවත් බැරි තැනකට ගෙන යාවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 380 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 377 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 120 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1290 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 336 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 390 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site