IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු  සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පාසල් කාලයේ දී මෙම අතවරය සිදුව තිබේ.

බරපතළ ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මෙම සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අවුරුදු 12ක් වයසැති මෙම සිසුවාව විදුහල් භූමියේ ඇති වැසිකිලිය ආසන්නයේ ඇති ගසක බැඳ මෙවැන්නක් කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

එම සිසුවා පාසලේදී ගැහැණු ළමයකු ආකාරයට නිහඬව,කලබලයකින් තොරව සිටින නිසා එවැන්නක් කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමටඇත්ත.

මෙම බරපතළ සිද්ධිය යටපත් කර ගැනීමට පාසලේ ගුරුවරියක දැඩි උත්සාහයක නිරතව සිටින බව කියති.

මෙම ගුරුවරිය පොලිස් පරීක්ෂකවරියක් වන සිසුවාගේ මවට කිහිපවතාවක් ඇයගේ ජංගම දුරකථනයට කතා කර මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසට බලපෑම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (14)

අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම

චමින්ද Monday, 27 March 2023 03:04 AM

අපචාරයට අනුබල දීමක් ගුරුවරිය කර ඇතිබව පේනවා දරුවාට අපරාධයක් කිරීම වෙනුවෙන් ප්‍රශ්නය දුරදිග නොයන්න නම් ගුරුවරියට දඩුවමක් දියයුතුය මෙහෙම දේවල් සදහා වසර දෙකකට නොවැඩි සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ ගණනක් දඩයක් දෙන්න පුළුවන් කියලා අහල තියෙනවා මොනවා කලත් මිට්ට තට්ටෙගෙ සාමාජිකාවක් කියලා කියන්න පුළුවන් නැත්නම් මෙහෙම දේවල් කරන්නෙ නැහැ කියලා පැහැදිලියි

:       2       34

sugath Monday, 27 March 2023 05:16 AM

මේ හැසිරීම තමා "හරක් කටා", "බුරු මුහුනා" බිහි කලේ. මෙවැනි නරුමයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       1       34

Lalla Monday, 27 March 2023 06:51 AM

ඔය කියන ගුරුවරියට සම්බන්ධ දරුවෙක් මේක මෙහෙයවන්න ඇති. කටකතාත් වැදගත් වෙන වෙලාවල් තියෙනව... චුට්ටක් කන් යොමුකර හිටියනම් ගේට්ටුව අසල දෙමාපියන් පොදිය ඉන්න වෙලාවට....

:       0       30

ජගත් ලියනගේ Monday, 27 March 2023 07:05 AM

ළමයි, නොයෙකුත් හේතු නිසා පුදුම අසහනයෙන් ඉන්නේ .

:       0       17

බී.එම්.ආර්. බස්නායක Monday, 27 March 2023 07:39 AM

ළමයින් වුවත් මෙවැනි අපරාධ වලට කිසිම බුරුලක් දෙන්න එපා.

:       1       32

අරගලකරුවෝ Monday, 27 March 2023 08:47 AM

අන්තරේ නායකත්වයට සියලු සුදුසුකම් සපුරා ඇති බව මහත් සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ! අරගලේ ටෙන්ට් ඇතුලෙ කරපුව ලමයි ඉස්කෝලෙදි කරනව.

:       29       29

pakeer Monday, 27 March 2023 08:54 AM

දුරදිග නොයන්න නම් මෙම ගුරුවරියවත් එසේ ගස් බැඳ දරුවට කළ දේම ඒ ආකාරයටම කරන්න ඕනි කියලයි මම කියන්නේ.

:       0       14

Tharuka Silva Monday, 27 March 2023 09:01 AM

ලජ්ජා නැති ගුරුවරු සහ ලමයින්. ශිෂ්‍යයන්ට සහ ගුරුවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔනෙ. මේ ගුරුවරයාත් සම්බන්ද ඇති මේ අසික්ශිත ක්‍රියාවන් වලට.

:       2       17

මුදිත් Monday, 27 March 2023 10:24 AM

පොලිස් පරීක්ෂකගේ දරුවට එහෙම නම් අනිත් අයගේ දරුවන් ගැන කුමන කතාද?

:       0       21

rangana Monday, 27 March 2023 11:18 AM

මෙච්චර දෙයක් කරනකන් මේ පාසලේ ගුරුවරු මොකද කරේ දරුවෙකුට ආරක්‍ෂිත පරිසරයක් පාසලේ ඇති කිරීම ගුරුවරුන්ගේ වගකීමක්

:       0       13

Marsipala Monday, 27 March 2023 12:20 PM

ගුරුවරියටත් ඒ වගේම දඬුවමක් දුන්නනම් තේරෙයි ඒ දරුවට කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද කියලා. ආගම ධර්මය පිරිහිලා දරුවන්ගේ මන විකෘත්ති වෙලා. කණගාටුයි.

:       0       9

sam Monday, 27 March 2023 01:16 PM

ගුරු සේවයට නුසුදුසු ඒ එළදෙනගෙ වැඩ වහාම තහනම් කරන්න. ගුරුවරියක් කියා මෙවැනි අයට කියන්න එපා.

:       0       11

ranjith Monday, 27 March 2023 03:57 PM

ගුරුවරියො පිරිමි ලමයිට කරන දේවල් පහුගිය කලෙ පත්තර වල අපි දැක්ක ඔයිට වඩා හොර රහසෙ එලිනොවෙන දේවල් කොපමන ඇතිද.

:       0       4

sampath Monday, 27 March 2023 09:17 PM

බලපෑම් කල ගුරුවරියට විරුද්ධව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතින් පැමිණිල්ලක් ගොනු කරන්න ඇප ගන්න බෑ .එතකොට ඔය බලපෑම් ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 16 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 56 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 121 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 166 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 318 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 708 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site