IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අරගලය මැද්දේ ජර්මන් ජාතික යුවලගේ නිවස කොල්ලකයි

(නිමන්ති රණසිංහ)

ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (09) කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

එම නිවසේ ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාව සදහන් කර සිටියේ මෙම සිද්ධියෙන් තම නිවසේ සියලු බඩු මුට්ටු සහ ඇඳුම් පැළදුම් මෙන්ම දරු දෙදෙනාගේ පොත්පත් ද විනාශ වී ඇති බවය.

තමන් මෙරට ඡන්ද හිමි අයවලුන් නොවන අතර කිසිදු දේශපාලන පක්ෂයකට වැඩ නොකළ බවත්, නිවෙසට ගිනි තබා බඩුමුට්ටු කොල්ලකෑම සිදුකළේ කුමන පදනමක් මත දැයි තමන්ට ගැටලුවක් බවත් එම ජර්මන් ජාතික කාන්තාව සදහන් කළාය.

තම දරුවන් දෙදෙනා මේ වන විට අඩා වැටෙන්නේ ඔවුන්ගේ පොත්පත් ඉල්ලමින් බවත්, තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ යට ඇදුම්පවා රැගෙන ගොස් ඇති මොවුන් සිදුකර ඇත්තේ අරගලයක් දැයි ඔවුන් ප්‍රශ්න කළහ.

අරගලයක් වෙනුවෙන් තම නිවසේ බඩු මුට්ටු මෙන්ම දරුවන්ගේ පොත්පත් රැගෙන ගියේ මන්දැයි ප්‍රශ්න කළ එම ජර්මන් ජාතික යුවළ වැඩිදුරටත් සදහන් කර සිටියේ, තමන් මේ රටට ආදරය කරනබවත්, කිසිදු අවස්ථාවක මේ රට දමා නොයන බවත්, අරගල ලෙසින් නියමාකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ සදහා තමන්ද සහයෝගය දක්වන බවත්ය.

අප මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කර සිටියේ මෙම ජර්මන් ජාතික යුවළ එම නිවසේ කුලී පදනම මත ජීවත්ව සිටි අයවලුන් වන බවය. එසේම, කිසියම් පිරිසක් විසින් ඉකුත් 09 වැනිදා එම නිවසට ගිනිතබා එහි තිබූ බඩුමුට්ටු මංකොල්ල කා පලා ගොස් ඇතැයි ද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (17)

අරගලය මැද්දේ ජර්මන් ජාතික යුවලගේ නිවස කොල්ලකයි

Praba Tuesday, 10 May 2022 08:44 PM

අනේ මෙන්න අත් දෙකම උස්සලා වැනිදා මහත්වරුනි. මාසයක් තිස්සේ අරන් ආපු අරගලයේ ප්‍රතිපත්තිය පාවා දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය ට ඉඩ දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය වර්ණනා කරන්න එපා. ශෙයා කරන්න එපා

:       0       0

chaminda perera Tuesday, 10 May 2022 08:51 PM

අපිත් මීගමුවේ මේ කතාව බොරැවක් - ගමේ අයගෙන් ඇත්ත අසා දැන ගන්න - පුධෘන පෙළේ දේශපාලකයන්ට සෙවන දෙන තැනක් - ඔය ‌හෝටල් ඩාලයටම පහර දී ඇත - මීගමුවෙ වෙන කිසිම හෝටලයකට අතවත් තබැ නැත - මොවුනට හිතවත් මීගමුවේ වෙබ් අඩවි කරැවෙක් මෙ වැදි පුවත රටටම ලබා දෙයි

:       0       0

රංගන Tuesday, 10 May 2022 09:10 PM

මේ කරන උන්ට නම් වෙඩි තියන්න ඕනි...

:       0       0

ලාන්සගේ ගෙදර සිටි කට්ටියලු Tuesday, 10 May 2022 09:18 PM

මේ අය ලාන්සගේ ගෙදර පදිංචිව සිටි නැදෑයො හරි කුළියට ඉන්න කට්ටියක්ලු. ඒකයි ගේ ගැන වද නොවී බඩු ගැන කථා කරන්නෙ. හැබැයි කාගෙ උනත් මේ විදියට දේ්‍පළ විනාශ කිරීම. ශීලාචාර සමාජයක අනුමත කළ නොහැකියි. නීතිඥ සංගමය කිව්වෙ මේ වගේ දේ කරපු අයවත් නීතියට කොටු කරනව කියලයි.

:       0       0

sugath Tuesday, 10 May 2022 09:31 PM

මේ මංකොල්ලා කෑම්. මේවා ජන අරගලයක ක්‍රියාවන් නොවේ.

:       0       0

රුවනි Tuesday, 10 May 2022 11:33 PM

කාට වුණත් වැඬේ හොඳ නැහැ. ඒත් මේ මොන බොරුවක් ද. ලාංකික අය ජර්මානු පුරවැසි කම හෝ පදිංචි වෙලා ඉන්න වීසා ඇති... එහම ටැමිල් අයත් ගොඩක් මෙහෙ ඉන්නවා!

:       0       0

ශාන්ත වීරසිංහ Wednesday, 11 May 2022 07:20 AM

කාලකන්නි පිරිසකගෙ අමනෝඥකමකි. පව් අප්පාා..!

:       0       0

නිර්පාක්ෂිකයා Wednesday, 11 May 2022 08:03 AM

ජෙප්පන්ට බලය ගියොත් රටට් වෙනදේ හිතා ගන්න පුළුවන්. අවුන්ගේ නියම ස්වරුපය නැවත පෙන්නුවා.

:       0       0

Bamunuarachchi Wednesday, 11 May 2022 08:36 AM

අපේ ළමයි රට හැර යනකොට ඔබලා මෙරටට ආවේ ඇයි? ආපසු යන්න. මම ළමයි පිටරට යැව්වේ එක ඩොලරයක් වත් මෙරටට එවන්න එපා කියන කොන්දේශීය යටතේ.

:       0       0

Ruwan R Wednesday, 11 May 2022 09:35 AM

කවුරු කරත් බලු වැඩ එපා...

:       1       8

සරණපාල Wednesday, 11 May 2022 12:54 PM

මේ වගේ ජරා වැඩ කෙරීමෙන් අපගේ ලක්‌ මෑණියන්ගේ නාමය අපකීර්තියට පත්වේ

:       0       0

kamal Wednesday, 11 May 2022 09:38 AM

මේ මන්දිරේ ලංසාගේ.. මේ ගොල්ලෝ කුලියට ඒකෙ ඉන්න අය.

:       6       8

චන්දන Wednesday, 11 May 2022 11:47 AM

එතකොට අර පොඩි එකාගෙ ඉඳලා ගෙනියපු පොත්පත්, බඩු භාණ්ඩත් ලන්සාගේද?

:       5       10

kamalWednesday, 11 May 2022 12:27 PM

ලන්සාගේ ගෙදර ඉඳන් අය ලන්සාගේ මිනිස්සු වෙනවා. පොඩි එකාගේ පොත් මල්ලත්, ලන්සාගේ පිටින් තමයි යන්නේ. පිටරටින් ඇවිත් ආගම් ප්‍රචාරය කරන බොහෝමයක් ගමක ජීවත් වෙන විදිය දන්නේ නැහැ. ගම්වල ඉන්නකොට ගමේ මිනිස්සු එක්ක එකට හිත හොඳින් ඉන්න ඕනේ. අලිවංශයෙන් අපි පිටරට කියලා හිටියොත් අන්තිමට හිරවුණාම කාත් කවුරුත් නැහැ. මේ කලබල කාලේ ගම් වල මිනිස්සු දේශපාලකයන්ගේ ගෙවල් ගිනිතියන්න දෙන්න නැතිව ආරක්ෂා කරපු හැටි රහසක් නෙමෙයිනේ... මේ සැරේවත් ගම්වල ජිවත් වෙන විදිය ඉගෙන ගන්න...

:       2       1

චන්දන Wednesday, 11 May 2022 02:28 PM

ගෙවල් ගිනි තියපු එක සාමකාමි උද්ඝෝෂණ කරන අයගේ වැඩක් නොවෙයි. එතන දේශපාලන ගේමක් ගිය බව නගරයේ මෙන්ම ගමේ අයත් දන්නවා. 88 කාලෙත් පළිගැනීම් කළ බව අමතක කරන්න එපා. ගමේ ඉන්න අපි ඒවා හොඳින් දන්නවා...

:       0       2

SUNIL MILANO Wednesday, 11 May 2022 11:54 AM

කමල්, ගෙදර කාගේද? ඉන්නේ කුලියට.. මොනවද මේ විකාර කතා...? මේ ඉන්නේ අපේ රටට විදේශ විනිමය ගෙනෙන, අපේ රට බලන්න ආපු විදේශිකයන් බව අමතක කරන්න එපා. ඔබලාගේ යුතුකම මෙයාලට ආරක්ෂාව සැපයීමයි.

:       2       6

Mee Wednesday, 11 May 2022 01:21 PM

අහිංසක මිනිස්සු මරපු, කොල්ල කාපු අයට සාපවේවා...! අරගලය නමින් නීතිය අතට ගන්න කාගේවත් ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ. ඔවුන්ට පටිසන් දෙනවාමයි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 59 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 16 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 97 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 107 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 298 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 511 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site