IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත අභියාචනාධිකරණය අහෝසි කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද(20) රිට් ආඥාවක් නිකුත් කළේය.

එම අධි චෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සමක තීන්දු ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පෙත්සම්කාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මගින් අධිකරණය කරුණු දක්වමින් කියා තිබුනේ 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවයි.

එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සමට අදාලා තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම් කරූට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කළේය.

එහිදී විත්තිකරුගේ සහභාගිත්වයකින් තොරව මෙම ලඝු නොවන නඩු විභාගය එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බවයි කියා සිටියේය.

ඒ අනුව ලඝු නොවන නඩු විභාගයේ නිර්දේශ පදනම් කරගනිමින්  නීතිපතිවරයා විසින් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ද නීතියට පටහැනි වන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ නීති විරෝධී අධිචෝදනා පත්‍රය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ අනුව එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් රන බවද අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.



අදහස් (3)

අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත අභියාචනාධිකරණය අහෝසි කරයි

wije Friday, 20 November 2020 10:56 AM

ස්වාධීන අධිකරණයක් අපට නැත. ස්වාධීන පොලීසියක් අපට නැත. ස්වාධීන රාජ්‍ය සේවයක් අපට නැත. ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් අපට නැත. කොටින්ම, ස්වාධීන පාර්ලිමේන්තුවක් පවා අපට නැත.

:       0       2

asanka Friday, 20 November 2020 11:09 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       3

Perera Friday, 20 November 2020 06:36 PM

20 වැනි සංශෝධනය නියමෙට වැඩ. එක රටක්.. එක නීතියක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 179 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 798 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 473 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 78 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1520 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3383 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site