IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


2023 වන විට කොළඹ පැල්පත් ගැටළුව ඉවරයි

ඩයනා උදයංගනී
 
කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා 2023 වසර වන විට නිවාස 50,000 ක් ඉදිකර පැල්පත්වාසී ගැටළුව නොමැති නවීන නගරයක් ඉදිකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
බොරැල්ල ප්‍රදේශයේ වෘත්තීයවේදී නගරයක් ඉදිකිරීම සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුන් හා ගණකාධිකාරීවරුන් ආදීන් වෙනුවෙන් නිවාස 600 කට අධික ප්‍රමාණයක් තව වසර එකහමාරකින් පමණ ඉදිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
කොළඹ නගරයට වැදගත් නායකත්වයක් අවශ්‍ය බව ද කී අමාත්‍යවරයා පදික වේදිකාවේ ව්‍යාපාරයන්ට ඉඩ දී, රජයේ ඉඩම් අල්ලා දී සහ පැල්පත්වාසීන්ට මත්කුඩු, කසිප්පු විකුණා ඡන්දය ගන්නා අය වෙනුවට වැදගත් දේශපාලන නායකත්වයක් තෝරාගැනීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියලූ දෙනා අදිටන් කරගත යුතු බව ද කීවේය.



අදහස් (23)

2023 වන විට කොළඹ පැල්පත් ගැටළුව ඉවරයි

ravin Sunday, 01 October 2017 03:34 PM

පැල්පත් වාසීන් ? එකතැනකින් ඉවත් කළාම තව තැනක ගිහින් ඉදිකර ගන්නවා. ගෙවල් දුන්නම ඒවා කුලියට දීලා අාපහු පුරුදු තැනටම හෝ අලුත් තැනක ඉදිකර ගන්නවා. ඕක තමා පැල්පත් ලෝකය. පොලිටික්කලගේ ජඩවැඩ කරන්න ඒ දුප්පත් මිනිස්සු නැතුව බැහැ.

:       353       259

RuwanMonday, 02 October 2017 06:12 AM

අප මන්ද මානසිකත්වයෙන් මිදිය යුතු කාලය පැමිණ ඇත. මේ තිබෙන්නේ යහපාලන රජයයි. එය පෙර රෙජිමයන් සමඟින් සම්බන්ද නොකර වසර පහකින් පසු ප්‍රතිපල බලන්න. එයයි අප ඇති කරගත යුතු මානසිකත්වය.

:       21       266

Lalith Sunday, 01 October 2017 05:15 PM

ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. තව අවුරුදු දෙකකින් යන්න වෙනවනේ? මේ ව්‍යංගයෙන් කියන්නේ 2023 අලුත් ගෙවල් අවශ්‍ය නම් තව අවුරුදු පහකට දෙන්න කියන එකද?

:       0       0

kumar (galf Sunday, 01 October 2017 05:38 PM

මේකත් මෙයාගේ දවල් හීනයක්ද?

:       0       0

Senarsth Sunday, 01 October 2017 06:45 PM

අවුරුදු 2 ක් ගෙවුණා මොනවද රටට ලැබුනේ. අඩුම තරමේ කොළඹ කුණු ටික ඉවත්කරගන්න බැහැ.

:       0       0

mahee Sunday, 01 October 2017 08:06 PM

චම්පික, මොන විවේචන තිබුනත් ඔබ යමක් කළහැකි පුද්ගලයෙක්.

:       0       0

Diluupa Sunday, 01 October 2017 10:12 PM

හා හා.. දැන් 2020 තමයි ඔක්කොම කරන්න හදන්නේ....

:       1       2

sisira Sunday, 01 October 2017 10:29 PM

එතකන් රට කකා බලයේ ඉන්න වගේ කල්පනාව නේද?

:       1       2

Dilan Monday, 02 October 2017 12:16 AM

2023 වෙනකොට පැල්පතක් වත් ඉතුරු වෙන්නේ නැති බව දන්නවා මෙයාලගේ පාලනේ යටතේ. රටේ මිනිස්සු ගොනුන් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් තමයි මේ.

:       20       3

dias Monday, 02 October 2017 12:44 AM

බස්නාහිර පළාත තුල ප්‍රවාහන සේවා ක්‍රමවත් කරන්න. පොදු ප්‍රවාහන සේවා දුර්වලයි. විදුලි දුම්රි ,බස් ,උමං පටන් ගන්න.

:       0       46

ramani Monday, 02 October 2017 01:44 AM

මේ කියලා තියෙන දේ දැක්කම පෙනෙන්නේ දුප්පතුන්ව කොළඹින් පන්නලා දමන බවයි. යහ පාලන ආණ්ඩුව ආපු ගමන්ම විදුලි බල මණ්ඩලයේ සභාපතිකමට යාලුවා දැම්ම වගේ ඔය හදන නිවාසවලටත් යාලුවන්වම දාවි නේද.

:       103       92

ET Monday, 02 October 2017 01:54 AM

පැල්පත් වාසීන් බේරේ වැව දිගටම, රේල් පාර දිගේත් ගෙවල් හදන් ඉන්නවා...ඔවුන්ට පහසුකම් දී මේ අනවසර නිවෙස් ඉවත් කළ යුතුයි...ගෙවල් දුන්නහම ආපහු පරණ තැනටම යන්න එදන එකනම් ඇත්ත....

:       0       91

vidya Monday, 02 October 2017 01:58 AM

වැඩේ බොහොම හොඳයි.... නොරොච්චෝලේ වගේ වන කරගත්තේ නැත්නම්...

:       0       55

Senarath Monday, 02 October 2017 03:21 AM

මොකද ඇමතිතුමා 2023 ? කැරට් අල පෙන්නලා ලබන ඡන්දෙත් දිනන්නද කල්පනාව ? කතාව නම් දෝලාවෙන් , ගමන තමයි වෙන්නේ නැත්තේ .

:       232       280

ajit Monday, 02 October 2017 04:52 AM

බොරු කාරයෝ.. කෝ අල්ලපු හොරු ... ලොකු ටෝක්නේ අධිවේගේ හොරු ගැන තිබුනේ

:       56       93

MP Monday, 02 October 2017 04:53 AM

2030 නම් ඔය අයට කවදාවත් බලය තියෙන්නේ නැහැ. ඔය අය කවදා යයිද කිය කියා තමයි බහුතරයක් මිනිස්සු බලා ගෙන ඉන්නේ. පරදින බව දන්න නිසානේ ඔය අය හැමදාමත් ඡන්දේ කල් දාන්නේ? ඒත් ඕක තව කොච්චර කල් කරන්න පුළුවන්ද? ඔය අය වැජඹුණා මිසක්, ඔය අය මේ අවුරුදු 2 1/2ට කිසිම හොද දෙයක් මිනිසුන්ට කරල නැහැ... නරක දේම පමණයි කරල තියෙන්නේ. මුළු කාලෙටම කරල තීයෙන්නේ "කථාව" පමණයි. ඕවට තමයි මිනිස්සු බදු ගෙව ගෙවා ඔය අයට සැප දීලා තියෙන්නේ. දැන් මංගල උන්නැහේ පාරේ ඉන්න හිඟන්නාට - සත පහක ආදායමක් නැති අනුන්ගෙන් යැපෙන මහල්ලා සහ ලෙඩුන්ට පවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අංකයකුත් වෙන් කරන්න හදන්නේ. මෙහෙම් ඇමතිවරුන් නඩත්තු කරන්න තමයි අපි බදු ගෙවන්නේ.

:       70       3

sando Monday, 02 October 2017 05:05 AM

මේ උත්තමයා නමෝ විත්තියෙන් පාර්ලිමේන්තුවට ආවේ අර ඡන්දෙන් පත්වූ එස්. එල් ගුණසේකර මහත්තයව එලවල තව හිටපු මහාචාර්ය කෙනෙක්ගෙන් බලෙන් අත්සනක් අරන් කියලා... ඒ කාලේ පත්තරවල ගියා. දැන් නම් ඒවා කතාකරන්නෙත් නැහැ. හැබැයි කොහොම හරි හැමතැනින්ම තමන් ගොඩ. කවුරුහරි වෙන එකෙක් වලේ තමයි.

:       89       54

daham Monday, 02 October 2017 05:42 AM

ඊට ඉස්සර ඔබලා සියලු දෙනා ඉවර වෙනවා.

:       15       1

vipula Monday, 02 October 2017 05:56 AM

බොහොමයක් දේශපාලකයෝ කියන්නේ දුර ඈත අවුරුදු වල නොම්මර. කරුණාකරලා කියන්න මේ වසරේ දෙසැම්බර් වෙනකොට ගෙවල් කීයක් හදනවද අයින්ක රන්නේ මොන ප්‍රදේශයේ පැල්පත්ද , ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ගෙවල් කීයක් හදනවද . මේවගේ දේවල් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් නේ.

:       0       2

ඩී. ජයදේව Monday, 02 October 2017 06:28 AM

ඕවා කරන්න තිබ්බා මේ සර්ව ජන ඡන්ද බලේ කියන උගුල සුද්දා අටවලා නොතිබ්බා නම්...

:       0       16

kasun Monday, 02 October 2017 06:41 AM

එච්චර කල් ඉන්නද කල්පනාව? රටට දෙයියන්ගේම පිහිටයි.

:       98       56

මැක්ස් Monday, 02 October 2017 08:04 AM

දැන් අපේ ඡන්දෙන් ආපු යහපාලකයෝ ගෝඨාභය මහත්මයා ලස්සන කළ කොළඹට කරපු වින්නැහිය දකිද්දී අනේ අපොයි කියලා හි‌තෙනවා.

:       107       28

prakaash Monday, 02 October 2017 12:01 PM

මේ නිවට දේශපාලුවා ඕනෑම පාහර වැඩක් කරනවා. හොරකම,වංචාව,කුමන්ත්‍රණ,බොරුව,එක්ක තමයි ජීවත් වෙන්නේ. මෙයා තමයි මේ රට විනාශ කරන එක ඒජන්ත කෙනෙක්.මෙයාට ඩොලර්වලින් තමයි සන්තෝසම් ලැබෙන්නේ.මේ වගේ අය නින්දාවක්,ලැජ්ජාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 116 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 588 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 49 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 213 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site