IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’2020 ජනපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන්නේ නායකත්වයයි’ - අකිල


 
අංජුල මහීක වීරරත්න
 
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකත්වය බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධය හමුවකදී අද (4) පැවසීය.


2020 ජනාධිපතිවරණයේ දී තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාදැයි මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.


පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට යන හෙයින් අභියෝගයක් නැති දැයි ඇසු පැනයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් ඇමැතිවරයා සඳහන් කළේ කිසිදු අභියෝගයක් නැති අතර 2015 වසරේදී මාධ්‍යවේදීන්  එවැනි ප්‍රශ්න ඇසු බවයි.


එදාත් කිසිඳු අභියෝගයක් නැති බව පැවසු අයුරින්ම තම අපේක්ෂකයා පත්කර ගත් බව ඇමැතිවරයා කීය.


පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ජයමාල් චන්ද්‍රසිරි) 


 



අදහස් (19)

’2020 ජනපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන්නේ නායකත්වයයි’ - අකිල

සතයපාල Monday, 04 June 2018 12:49 PM

ප්‍රතිඵල අාවහම හැරෙන තැපෑලෙන් ගෙදර යන්න බලාගෙන නායකතුමාව ඉදිරිපත් කරන්න අයුබෝවන්...

:       434       775

sisiraMonday, 04 June 2018 01:25 PM

2020 ප්‍රතිඵල එනකන් ඉන්න අවශ්‍ය නැහැ. මේ වසර අවසානයේ පවත්වන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ආවම ඒ ටිකවෙයි.

:       88       285

සචිත් පී ලියනගේ Monday, 04 June 2018 01:46 PM

පිටසක්වල ජීවින් වගේ කට්ටියක්. හිතන්නෙත් , කියන්නෙත් කරන්නෙත් ඒ වගේ වැඩමයි.

:       45       115

ravi Monday, 04 June 2018 02:13 PM

නායකත්වය කියන්නේ රනිල් නම් 2020 එජාපයට සොරිම තමයි.

:       63       317

ජගත් ලියනගේ Monday, 04 June 2018 02:38 PM

මෙදා පාර නං ඇපත් නැති වෙනවා. ඉල්ලුවොත් එහෙම...

:       45       178

Hafeel Monday, 04 June 2018 03:06 PM

එහෙම 2020දී රනිල් නම් තරගයක් නැත.

:       2       108

Lapaya Monday, 04 June 2018 03:12 PM

සමනල්ලු දෙන්නෙක් හිනාවෙන ලස්සන...

:       1       78

සමන්ත Monday, 04 June 2018 03:13 PM

ඇයි එහෙම වෙන්නේ..? එහෙම වෙන්නේ නැහැ. ඔය බෑ කියන බොහෝ දේවල් ගොඩක් කරන්න පුළුවන් කෙනෙක් තමයි රනිල් කියන්නේ. හැබැයි පුළුවන් බව පෙන්නලා ඇවිත් වැඩේ අනලා, රටේ ලෝකෙට මුහුණ දෙන්නත් බැරිවුණු, ලොවෙත් නැතුව හොරාකාපු අයම ඕනේ කියන අය අර ආචාර්ය අසන්තා අත්තනායක කියන කතාවත් එක්ක හරියනවා. ඒ කියන්නේ දැන් අපේ රට බුද්ධිමත් භාවයේ ඉන්න තැන අනුව මන්ද බුද්ධික භාවයට තව ටිකයි තියෙන්නේ. ඒ අනුව ගෝඨා ජනාධිපති කරගත්තත් ඒක පුදුම වෙන්න දෙයක් නම් නෑ කියන එක....

:       529       274

Thilina Monday, 04 June 2018 04:36 PM

හම්මේ... පුදුම දැනීමක් නොවැ තියෙන්නේ.. මහත්තයෝ තමන් මහ උගතා කියලා හිතාගෙන අනිත් අයට ගරහන්න එපා.. තමන්ගේ මහ ලොකු නායකයා 2005දී නූගත් මිනිස්සු පරද්දපු නිසා තමයි අද යහතින් හුස්ම අරන් ඒ මිනිස්සුන්ටම බනින්නේ ..

:       0       0

Adam Monday, 04 June 2018 03:13 PM

2020 තමා මෙයාලගේ අවසානය... අපිත් බලාගෙන තමයි ඉන්නේ... අඩු නැතිවම හොඳට සලකන්න... ගොඩක් ආසා ඇති.. රනිල්ගේ කකුල් දෙක මැද්දට වෙලා ඉන්න ඔතන ඉන්න අය සේරටම අඩු නොකියන්න පුන්නක්කු දෙනවාl 2020 මේ ටික හොඳයි නගර සභාවේ කුණු එකතු කරන්න.. රට කන්න ආපුම කට්ටියක්...

:       214       510

Bamunuarachchi Monday, 04 June 2018 05:22 PM

අකිල පරාජය කියන්නේ මොකක්ද කියා 2020 දී ඉගෙන ගනීවි. මිනිස්සු පරාද වෙනවා ඒත් මෙහෙම පරාජයක් ජීවිතේටම දැකලා නැහැ කියාවි. තැතිගැස්ම වලට ඔරොත්තුදෙන ශක්තිය නැතිනම් ඡන්දෙදි ලංකාවේ ඉන්න එපා.

:       0       0

Bamunuarachchi Monday, 04 June 2018 05:22 PM

අකිල පරාජය කියන්නේ මොකක්ද කියා 2020 දී ඉගෙන ගනීවි. මිනිස්සු පරාද වෙනවා ඒත් මෙහෙම පරාජයක් ජීවිතේටම දැකලා නැහැ කියාවි. තැතිගැස්ම වලට ඔරොත්තුදෙන ශක්තිය නැතිනම් ජනාධිපති ඡන්දේදි ලංකාවේ ඉන්න එපා

:       0       0

asanka Monday, 04 June 2018 06:08 PM

ස්ථිර වශයෙන්ම 2020 දී පරාදයි

:       0       0

hewawitharana Monday, 04 June 2018 06:22 PM

තමන්ගේ බලය රැක ගන්න කතා කරනවා මිසක් අද දක්වා රටේ යහපතට කල කතාවක් මට නම් මතකයට එන්නේ නැහැ

:       0       0

prakaash Monday, 04 June 2018 11:14 PM

රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ අනුර කුමාර තමයි පක්ෂයේ ඉන්නේ.

:       0       0

Maarshal puthaa Tuesday, 05 June 2018 12:38 AM

ආයේ දෙකක් නෑ...................අපේ නම් නිමල් සිරිපාලම ඉල්ලනවා..............

:       0       0

අසරණයා Tuesday, 05 June 2018 02:09 AM

කවුරු අකමැති වුනත් රනිල් මහත්තයා කැමති ගෝඨා ජනාධිපති වෙනවට ඒකයි කිසිම නඩුවක් අහන්නේ නැතුව කල්මරමර ආරක්ෂා කරන්නේ .

:       0       2

Ajith Nissanka Tuesday, 05 June 2018 02:53 AM

පරාජය නියතයී! මට තියන බය ඊට පස්සෙත් ලජ්ජා නැතිව පක්ෂයේ නායක කම අල්ලාගෙන ඉදීවිද කියන එකයී!

:       3       1

Bamunuarachchi Tuesday, 05 June 2018 06:01 PM

2020 දී නායකත්වය අතින් ඇදගෙන දුවන්න වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 34 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 221 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 483 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 635 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 858 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1279 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site