රංජන් කස්තුරි
ලබන 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර එම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවද මුදල් ඇමැතිවරයා විසින් මේ මස 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
වසරේ අයවැය පරතරය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක් වන බවද එහි සඳහන් වේ.
මීට අමතරව ඉකුත් 2014 වසරේ දී දළ දේහීය නිෂ්පාදිතයෙන් සියයට 11.5 ක් ව පැවති රාජ්‍ය ආදායම 2019 වසරේ දී සියයට 15.1 ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද එහි සඳහන් වේ.
වසර 63 කට පසුව 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වු අතර 2019 වසරේ දී එම අතරික්තය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 1.3 කින් වර්ධනය වනු ඇතැයි එමගින් අපේක්ෂා කර තිබේ.
තවද 2019 වසරේ පුනරාවර්තන වියදම සඳහා රුපියල් බිලියන 1456 ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 856 ක් ද විසර්ජන ගිණුමේන් වෙන් කර ඇත.
රාජ්‍ය සේවකයින්ගේ, විශ්‍රාමිකයින්ගේ වැටුප් ගෙවීම සඳහා එම වසරේදී රුපියල් බිලියන 100 ක් වෙන්කර ඇත.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘2019 යේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 යි’
Raveendra Tuesday, 02 October 2018 04:31 PM
බිලියන 4376 න් කීයක් දියවන්නාඔයේ " 225 රෑන නඩත්තුවටද " කියලා කිව්වොත් තමයි වටින්නේ , නිකං මුළු වියදම් ගැන කවි කියලා වැඩක් නැහැ.
perera Tuesday, 02 October 2018 07:16 PM
ඕකෙන් රටේ මුළු රටේම ඉන්න දේශපාලකයන් වෙනුවෙන් කීයක් වියදම් කරලද කියල කිව්වනම්.