IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


20 වැනි සංශෝධනය ගැන විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

(ඩයනා උදයංගනී)
 
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ නිල සාකච්ඡාවක් ලබන සතියේදී පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
 

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්තී‍්‍ර කණ්ඩායමේ ඡුන්දය තීරණාත්මක වන බව ද දිසානායක මහතා සඳහන් කළේය.

 මෙම සංශෝධනය පිළිබඳව සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කරතිබීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
 
මෙම සංශෝධනය පිළිබඳ යෝජනාව ලබන මාර්තු පළමු සතියේදී න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාද කිරීමේ හැකියාව පවතින බව කී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂවල නායකයින් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කීවේය.
 
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම මුස්ලිම් කොංග‍්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් සාකච්ඡා පවත්වන බව ජ.වි.පෙ නායකයා ප‍්‍රකාශ කළේය.
 
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධය හඬ නැගුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව කී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ සමුළු දෙකකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න යෝජනා සම්මත කරගෙන ඇති බැවින් අගමැතිවරයාට එය මඟහැරිය නොහැකි බව ද කීවේය.
 
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ තීන්දුවට යට නොකොට ජනතාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ලබාදෙන ලෙස තමන් සියලූම මන්තී‍්‍රවරුන්ගෙන් හා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළත්, සියලූම පක්ෂවල සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඒවා ඇතුළත් කිරීමට සූදානම් බව කී මන්ත‍්‍රීවරයා මේ සංශෝධනයෙන් රට බෙදෙන බවට ඇතැමුන් කරන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ද කියා සිටියේය.


මේ සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල්යාමක් ද සිදුනොවන බව කී අනුර කුමාර දිසානායක මහතා 20වැනි සංශෝධනය සම්මත වෙනවා නම් 2020 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙන බව කීවේය.
 

 



අදහස් (13)

20 වැනි සංශෝධනය ගැන විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

Chris Thursday, 28 February 2019 11:12 AM

අනුර ඔයාගේ උපදෙස් මහින්දට දැන් ඇතිවෙලා රනිල් හාමුත් එක්ක තමයි ඔයාට මේක කරන්න වෙන්නේ... ඔයාට යන එන මන් නැහැ කියලා පේන්නේ මේ ළඟදී ජනාධිපතිත්, අගමැතිත් විපක්ෂ නායකත් කියලා තිබුණා ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන සාකච්ඡාව මොකක්ද?

:       0       0

Sanath Kandy Thursday, 28 February 2019 11:20 AM

හතලිස් අවුරුද්දක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවූ ඒකාධිපතිවාදී විධායක ජනාධිපතික්‍රමය වෙනස් කිරීමට මහඟු අවස්ථාවක් උදාවී ඇති බව පෙනේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙ දේශපාලන දුරදර්ශි බව පෙන්වන වටිනා උදාහරණයකි.

:       0       0

siripala Thursday, 28 February 2019 11:32 AM

දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ව්‍යවස්ථාව! පාරේ යන්න පුලුවන් බස් තියෙනවා.. බදු මිල අඩුයි. රස්සාවල් තියෙනවා! කොහොම හරි 20 ගේන්න!

:       0       0

කෝලිත Thursday, 28 February 2019 12:08 PM

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තියාගෙන ඕක කලොත් උඹලා හදන්නේ රට කොටින්ටම දෙන්න නේද පරයෝ..?

:       0       0

sampath Thursday, 28 February 2019 12:16 PM

මෙය ඉතා භයානක දෙයක්... මේ රට පවතින්නේ විධායක ජනාධිපතිවරයා කියන තනතුර නිසා... නැත්නම් අග්ගලා ගුලියක් ලිහිලා යන්න වගේ.. කෑලි කෑලි කැඩිලා යන එක නවත්තන්න බැහැ. කල යතු සෑමවිටම හොඳ කෙනෙක් තෝරාගැනීම පමණි. කෙසේ ජනතා අයිතීන් ව්‍යවස්ථාවෙන්ම ඉවත් කිරීම වෙනුවට තනතුර මාරු කිරීම පටු දේශපාලන වාසි තකා සිදුවන ක්‍රියාවක්..

:       0       0

Bamunuarachchi Friday, 01 March 2019 01:53 AM

රට කෑලි කෑලි වලට කඩලා දෙමළුන්ට බලය දීලා ජෙප්පෝ රට විනාස කරලා තමයි නවතින්නේ. අනේ මුන් මොකට මේ රටේ ඉපදුනාද?

:       40       68

Bamunuarachchi Friday, 01 March 2019 01:58 AM

මහින්ද මහතනනී 20 ට අත උස්සන්න එපා. එහෙම කලොත් මැරෙන මොහොතේත් නුඹලාට සාප කරලයි මැරෙන්නේ. ජනාදිපතිට බලයක් නැතිනම් ඝෝඨාභය ජනාධිපති වීමේ ප්‍රයෝජනය මොකක්ද? එහෙමනම් අර චතුර කියන හාදය ජනාධිපති කරමුකෝ.

:       2       50

sujeewa Friday, 01 March 2019 04:24 AM

මේ වගේ ද්වේශ සහගත අදහස් වලින් රටකට හෝ සමාජයකට අයහපතක් මිසක් යහපතක් සිදුවන්නේ නැත. ප්‍රශ්නයක් දිහා කරුණු සහිතව විද්‍යාත්මකව බලන අදහස් තමයි සමාජයක් ඉදිරියට ගෙනියන්න හේතුවෙන්නේ. ජවිපෙ සම්බන්දයෙන් මේ විදියේ වයිරී අදහස් දක්වන්නේ ජවිපෙ අවන්ගඩ් එකෙන් වංචා කරාද. සතොසෙන් හරි සිල්රෙදි වලින් හරි වංචා කරාද. මහා බැංකුවෙන් වංචා කරාද. අදිවේගී මාර්ග වලින් කොමිස් ගැහුවද. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියාගෙන පිහි අරගෙන මිරිස්කුඩු වලින් ගහ ගත්තද. ජනාදිපතිකම මහා ලජ්ජා නැති නිලයක් බව දැන් වෙන දේවල් වලින් පැහැදිලි වෙන්නේ නැද්ද.

:       57       214

Raveendra Friday, 01 March 2019 04:37 AM

" රතු හැට්ට " කාරයෝ මේ මොකාටද එන්න හදන්නේ.. ???? අනේ අහිංසක විජේවීර මයා හිටියානම් මේ හිවල්ලුන්ට ඇඩ්රස් නැති වෙනවා මයි.

:       0       158

chinthaka Friday, 01 March 2019 06:15 AM

රට විනාශයට ඇද දමපු නුඹලාට තවත් මේ රට කන්න ඉඩ තියන්න එපා.

:       0       44

abaran Friday, 01 March 2019 06:40 AM

විජේවීර මයා සහ ප්‍රභාකරන් යන මහත්තුරු තමයි මිනීමරු දේශපාලනයක් ගෙනැවිත් වසර ගණනාවක් මුළුරටම අගාධයට පත් කලේ... දැන් ජේ.වී.පීය ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන ප්‍රවාහයට එන එකට සමහරක්ට ඇඹුල් වගේ..

:       0       0

BamunuarachchiFriday, 01 March 2019 09:58 AM

හිට්ලර් වගේ ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිල්ලා මිනීමරු වුනොත් මොකද කරන්නේ... කාටද කියන්නේ? අපි මොනවද කරන්නේ අබරන් උන්නැහේ...?

:       0       0

Bamunuarachchi Friday, 01 March 2019 08:23 AM

ජේවීපිය කළ ලොකුම වංචා 2 සිදු වුනේ 1971 හා 1989. ඒ වංචාවෙන් ලක්ෂයකට කිට්ටුවෙන්න මිනිසුන්ට ජීවිත අහිමි වුනා. මේ කරන්න යන වංචාවේ සිංහලයාගේ රටින් කොටසක් දෙමළුන්ට යනවා. ඊට පසු මොවුන් බලයේ ඉන්න පක්ෂයකට පැනගෙන කෝටිපතියෝ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 226 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 59 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 574 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 617 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1064 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 995 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site