IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘20 ජනමත විචාරණයකට ගෙන්න තියෙන අවස්ථාවට බාධා කරන්න එපා‘

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ජවීපෙ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලා සිටියේය.

මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පසු එය සම්මත කිරීමට සහය දෙන ලෙස ඉල්ලා සිටි දිසානායක මහතා ඊට අවහිර නොකරන්නැයි ද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී පැවැති කල් තැබීමේ විවාදයට සහබාගි වෙමින් දිසානායක මහතා මේ බව කීය.



අදහස් (7)

‘20 ජනමත විචාරණයකට ගෙන්න තියෙන අවස්ථාවට බාධා කරන්න එපා‘

lalith Tuesday, 09 October 2018 02:43 PM

ඒ කියන්නේ මේ රටේ විධායක බලතල ඇති නායකයා ජනතාවට ස්වකිය ඡන්දයෙන් කෙලින්ම තෝරා ගැනීමටත්, රටේ ප්‍රධාන පක්ෂ වල නායකයන් හැරුනුකොට ජනතාව කැමති වෙනත් ස්වාධින පුද්ගලයෙකු රටේ නායකත්වයට පත්කර ගැනීමටත්, රටේ ඕනෑම පුද්ගලයෙකුට රටේ නායකත්වය සඳහා තරඟ කිරීමටත්, ඇති අයිතිය අහෝසි කෙරෙන සංශෝධනය ගැන නේද?

:       74       213

සතයපාල Tuesday, 09 October 2018 04:25 PM

මේක විධායක ජනාධිපති ධූරය පිලිබද විවාදය අවසන් කරන්න හොද අවස්ථාවක් කරගත හැකි මොහොතක් බවට පත්කර පත්කර ගමු. පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරයකට ලක් කිරිම මගින් රටට විධායක ජනාධිපති ධූරයක් අවශයද නැතිද යන කාරණය ජනතාවටම තීන්දු කරන්න අවස්ථාව ලබාදීම තුලින් එක්කෝ රට විධායක ජනාධිපති ධූරය අහෝසී වේවී. එසේ නැත්නම් විධායක ජනාධිපති ධුරය අහෝසී කල යුතුයි යන මතය අහෝසී වේවී.

:       305       152

chandimaTuesday, 09 October 2018 10:49 PM

මලේ ඔය විධායක බලතල එක්කෙනෙකුට බුදල් කරනවට අපිත් අකමැතියි. හරිනම් එක තියෙන්න ඕන ජනතාව විසින් නම්කර වැඩි චන්දයෙන් තොර පත්කරගන්න පාර්ලිමේන්තුවටයි. කිසියම් පනතක් විධානයක් සඳහා අවශ්‍යනම් මේ පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබාගෙන කල හැකියි. නැතුව එක්කෙනෙකුට දෙන්නෙකුට මේ බලතල හැමදාම පාවිච්චි කරන්න පවරලා දෙන්න අවශ්‍ය නැහැ. එතකොට වෙන්නේ එයට ඕන ඕන විදියට එව්වා පාවිච්චි කරන එකයි. අනික දැන් ඉන්නෙත් ජනතාවගේ චන්දෙන් ඇවිත් උන්නත්, ජනතාව නම්කළ නියෝජිතයෝ නෙමෙයිනේ. ඔය විධායක බලතල ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියම තෝරපු පිරිසක්. ඉතින් එයාලගෙන් අහල විධායක බලතල හොබවන්න කෙනෙක් තෝරාගන්න අපිට කැමැත්ත දෙන්න කියලද මේ කියන්නේ? මේ විධායක බලතල අතට ගත්තට පස්සේ රට කෑලි කෑලි වලට කඩල දුන්නත් අපිට උඩබලාගෙන ඉන්න තමයි වෙන්නේ. බලේ දුන්නට පස්සේ අයෙත් අපෙන් මොනවත් අවශ්‍ය නැහැ. කුරුල්ලා මිටෙන් අරිය වගේ තමයි. ඊළඟට බලන්න තියෙන්නේ ලාම්පු කළගෙඩි තමයි. ඔන්න බලාගන්න අද කිව්වා කියල දිනෙත් ලියාගන්න ඕනෑමනම් ...

:       0       8

Ratnamalala Tuesday, 09 October 2018 05:36 PM

මේක ආයේ ජනමතයකට ගිහින් රටේ මුදල් නිකරුනේ නාස්ති කරන්න ඕන නැහැ. පාර්ලිමේන්තුවේදීම පරාජය කලහම ඒ හොඳටම ඇති.

:       277       496

deshabandu Tuesday, 09 October 2018 10:52 PM

ඔහේලට 20 ට කහිනවට කියක් දෙන්න පොරොන්දු උනාද?

:       0       0

Senarath Wednesday, 10 October 2018 03:21 AM

මෙයා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ? මේකේ අඩංගු කරුණු ගැන දන්නේ කවුද ? එසේ තිබියදී රටේ ජනතාවගේ කිසිම සාකච්ඡාවකට බදුන් නොවුණු ව්‍යවස්ථාවක් රටකට ගෙන එම සුදුසුද ?

:       0       0

Rathu aliya Wednesday, 10 October 2018 03:21 AM

අපි දැක්කා මේ අයගේ රෙදි ගලවන හැටි මේ 20 ගැන විවාදයේදී............

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 28 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 787 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 818 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 557 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 715 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 85 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site