IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


20 ගැන බලන කමිටුවේ මුල් පුටුව රාජිතට

(නිමල කොඩිතුවක්කු)

20 වන සංශෝධනය පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පියවර ගනු ලැබීය.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , සරත් ෆොන්සේකා , කබීර් හෂීම් , මනෝ ගනේෂන්, ඉරාන්  වික්‍රමරත්න , ඉමිතියාස්  බාකීර්මාකර් , ලක්ෂ්මන් කිරිඇල්ල , හර්ෂ ද සිල්වා , නීතිඥ සුරේන් ප්‍රනාන්දු , නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එහි සාමාජිකත්වය දරනු ලබයි.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරනු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන වැඩමුළුවක් අද (21) පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 2 දී පැවැති අතර එහිදී මෙම කමිටුව පත් කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩමුළුවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විද්වතුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

ආණ්ඩුව විසින් ගෙන එන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය මෙන්ම 19 යෝජනාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

 



අදහස් (9)

20 ගැන බලන කමිටුවේ මුල් පුටුව රාජිතට

Rohana Monday, 21 September 2020 04:49 PM

බැලුවත් වැඩක් වෙයිද? 2/3 තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති 20 ට ඇතුල්කරලා ඒකාධිපති ගමනක් යන්න හදන බවනම් පෙනෙනවා.

:       21       6

chandanaFriday, 25 September 2020 06:36 PM

බහුතරයක් ගොනාට අන්දවන්නේ නැති, ත්‍රස්තවාදය, පාතාලය, කුඩු මර්දනය කරන, රටට, ජාතියට ආදරය කරන ඒකාධිපති පාලකයා අපිට හොඳයි. බොරු ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වඩා. ඒක නිසා තමයි අතිබහුතරයක් ඡන්දය දුන්නේ.

:       0       0

chandima Monday, 21 September 2020 05:03 PM

තවපාරක් ජම්පරය අඳින්න වෙයි..

:       2       16

isuru Monday, 21 September 2020 08:25 PM

රාජිත මහත්තයෝ 2015 දී ජනතාව පැරැද්දුවේ 18වැනි ව්‍යවස්ථාවයි.. මේ පාරත් 18 ගෙනාවෙත් 2026 පරාජය සිකුරුයි.. ඕන් කිව්වා.

:       0       0

isuru Monday, 21 September 2020 08:26 PM

20 ගෙනාවොත් 2026 දි මෙයාලා පරාදයි.

:       0       0

විජේ Monday, 21 September 2020 11:00 PM

කරපු අපරාදවලට දරුමුණුබුරෝ ගෙවයි පොදු වැසිකිළියටත් එක්කම..

:       0       0

bandara Monday, 21 September 2020 11:07 PM

නියම කෙනාට දීලා තියෙන්නේ. තවත් කෙනෙකුට සුබපැතුම්.

:       0       0

bdarani Tuesday, 22 September 2020 04:02 AM

හිටපු දත් දොස්තර නිසා සංශෝධනේ හපලා බලන්න හොඳ නරක කියයි. නැතිව ව්‍යවස්ථා ගැන ගැන මුන්දෑට තියෙන දැනුම මොකක්ද?

:       0       0

kamal Tuesday, 22 September 2020 06:25 AM

පරණ දත් දොස්තරනේ.. සංශෝධනේ බලයි. මෙයාගේ දේශපාලන දැනුම වතාවක් ජනතාවට පෙන්නුවා නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 55 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 137 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 179 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 358 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 127 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1569 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site