IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සුමන්තිරන් පෙත්සම අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයේ පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) ඉල්ලා අස් කර ගන්නා ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර ,ප‍්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී.එම්.ස්වාමිනාදන් මහතා , ලක්සම්බර්ග් හි ආසලර් මිත්තල් කන්ස්ට‍්‍රක්ෂන් ෆ‍්‍රාන්ස් නැමැති ඉදිකිරීම් සමාගම සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එම ව්‍යපෘතිය කැබිනට් තීරණයක් බවත් එම කැබිනට් තීරණය පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කරනු ලැබ නොමැති බවත් ස්වාමිනාදන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පැවසීය.

වගඋත්තරකාර ඇමතිවරයාගේ එම කරුණු දැක්වීමෙන් පසුව පෙත්සම්කාර මන්ත‍්‍රීවරයා සිය පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේය.

මෙවැනි නිවාස සෑදීමේදී වැයවෙන වියදම ,නාස්තිය ,එහි ඇති අඩුපාඩුකම් පිළිබඳ එම ප‍්‍රදේශවල සිවිල් නියෝජිතයින් සහ ජනතාව පෙන්වා දුන් බවත් ඒ පිළිබඳව තමන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බවත් පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.

පෙත්සම්කරු කියා සිටියේ මෙම ව්‍යාපෘතියට යන වියදමින් ගඩොල් සහ සිමෙන්ති ගඩොල් යොදා ගැනීමෙන් මීට වඩා විශාල නිවාස ප‍්‍රමාණයක් සෑදිය හැකි බවය.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්  මෙම ක‍්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව ප‍්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබිණි.

මේ පිළිබඳව නැවත ටෙන්ඩර් කැඳවා එම ප‍්‍රජාවේ අභිමතය පරිදි ගඩොල් සහ සිමෙන්ති ගල් යොදා අඩු වියදමින් නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා තිබිණි.



අදහස් (0)

සුමන්තිරන් පෙත්සම අස් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site