(නිමල් අල්ගේවත්ත,රවී ලියනගේ සහ අමල් වික්‍රමරත්න)
සිගරට් වැන් රථයකින් රුපියල් ලක්ෂ 14ක් පමණ මංකොල්ල කා පලායමින් සිටි බව කියන තරුණයන් සිව් දෙනකු යක්කලමුල්ල මාකුබුර ප්‍රදේශයේදී පැහැරගත් මුදල් සමග අද (12) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ 14ක්,මරුටි වර්ගයේ මෝටර් රථයක්, අත් බෝම්බයක්,කඩු දෙකක්,හොකි පිත්තක්,සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හෙල්මට් 06 සහ අත් ආවරණ 06ක් ද සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
අද දහවල් මෙම තරුණ පිරිස ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයකින් වාහනයක් කුලියට ගෙන පසුව එම වාහනයේ අංක තහඩු වෙනස් කර මංකොල්ලය කිරීමට පැමිණ ඇත.
සිගරට් වැන් රථයේ සිටි ආයුධ සහිත ආරක්ෂකයා ගේ බෙල්ලට හොකි පිත්තක් තබා බියගන්වා මෙසේ මුදල් පැහැරගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
කෙසේ හෝ මුදල් මංකොල්ලයෙන් පසුව පැමිණි මෝටර් රථයෙන්ම පලායමින් සිටියදී ඔවුන් අතින් බෝගහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු අනතුරට පත්වී ඇත.එහිදී ප්‍රදේශවාසීන් මෙම පිරිස ගැන හබරාදුව පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය වහා ක්‍රියාත්මක වීමෙන් මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

2025 දෙසැම්බර් මස 04
290
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිගරට් රථයෙන් ලක්ෂ 14ක් කොල්ලකෑ හතරක් අල්ලයි
wimal Wednesday, 13 September 2017 12:27 AM
දිවි නොතකා රාජකාරි කරන පොලිසියට ප්‍රණාමය!
Chanak Los angeles Wednesday, 13 September 2017 05:39 AM
ඒවුනාට උස් තැන් හැකිලෙන, මිටි තැන් දැක පුප්පන පොලිස් ක්‍රමවේදය තුරන් වෙන්නේ නැහැනේ...
Asanka Wednesday, 13 September 2017 10:54 AM
රිය අනතුර නොවෙන්න මේ අය මෙච්චර ඉක්මණට අල්ලන්න ලැබෙන්නේ නැහැ.