(නිමන්ති රණසිංහ)
රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබඳින ලද පුද්ගලයින් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප‍්‍රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
කොළඹ හැව්ලොක් ටවුන් සිට ඔහුගේ මෝටර් රථය ලූහුබැඳූ පුද්ගලයින් පිළිබඳව සමාන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැදවා ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නැති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඒ අනුව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් මෙහිදී රහස් පොලීසිය දැනුම් දුන්නේය .
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි
sandun Thursday, 27 July 2017 12:54 PM
චන්දයක් තියන්නද හදන්නේ?
de silva Thursday, 27 July 2017 01:48 PM
ඡන්දයක් ලඟදීම බලාපොරොත්තු වන්න.
tony-maharagama Thursday, 27 July 2017 01:57 PM
ලංකාවේ නීතිය හැමෝටම පොදුයි කියනදේ බොරුවක් කියලා මේ සිද්ධියෙන්ම ඔප්පු වෙනවා. සාමාන්‍ය කෙනෙක් ඔය වැඩේට සම්බන්ධයි කියල දැනුණු හෝ ඇහුණු ඊළඟ තත්පරේම ඒ කෙනා මිනීමැරුම කළත් නොකළත් පොලිසිය වහාම කරන්නේ ඒ මනුස්සයා අත්අඩංගුවට රැගෙන ප්‍රශ්න කිරීමයි. හැබැයි, මේ සිද්ධියේදී ප්‍රභූවරුන්ගේ නම් ඇඳිලා තියෙන නිසා පොලිසියේ "කොන්ද" නැමිලා කියන එක මොනවට ඔප්පු වෙනවා. බලාගෙන යද්දී ආණ්ඩුව පෙරලුණාට පොලිසිය සහ රට කරන උදවිය තාමත් රාජපක්ෂවරුන්ට බයයි කියන එක සැබෑවක්. හැබැයි, රට කරන්නේ රාජපක්ෂවරුන් නම්.. මෙලහකට මොනවා වෙලා ඇත්ද කියලා, තාමත් රට කරන්නවුන්ට නොතේරුණු එක රටේම කරුමයක් මිස වෙන මොකවත් නෙමෙයි.
kamalFriday, 28 July 2017 07:59 AM
ඔබගේ කතාව මම අනුමත කරනවා...හැබැයි අර " ප්‍රභූ " කැල්ල හැර. ප්‍රභූ ලා හිටියේ 1960 ගණන්වලට ඉස්සර...දැන් ඉන්නේ " හොරු ".
Chanak Los angeles Friday, 28 July 2017 12:31 AM
ඇති තරම් සාක්ෂි තිබුනත් චුදිතයා දේශපාලකයෙක් නම් ලංකාවේ පරීක්ෂණ සිදුවෙන්නේ ඔවුන්ට වාසිවෙන අන්දමට මෙන්න මේ වගෙයි ..
රවින් Friday, 28 July 2017 05:04 AM
ගිය ආණ්ඩුව කාලේ සුදු වෑන් වැඩේ කරපු අය දැන් කරන්නේ මඩ කමෙන්ට් දාන වැඩේ තමයි.
sachith Friday, 28 July 2017 05:40 AM
මේ කරන පරීක්ෂණවලින් වෙන්නේ මේ මැරුණ මනුස්සයාටත් අපහාසයක්. කරනව නම් හරියට කරන්න.. නැත්නම් ඕක නවත්තලා දාන්න.
රුවන් Friday, 28 July 2017 10:44 AM
තව චන්දයක් ලග එනවා මේ රටේ මෙච්චර කාලයකට මැරිච්ච එකම කෙනා මේ කෙනා විතරද මේ ලොකු ලොකු ලොරි ටෝක්ස් දෙන අයියල ගෙන් අහන්නෙ 88-89 මැරුනෙ පිටරට තරුනයෝද කියල.
Saman Saturday, 29 July 2017 10:41 PM
මේ විදියට මැරුන එකමකෙනා, මගී ආසනයේ ඉඳගෙන වාහනය එලවල, හැප්පෙන්න එක වංගුවකට ඉස්සරවෙල තමන්ගෙ පර්ස් එක විසිකරල, ගස් දෙකක් මැදින් ගිහින් තාප්පයෙ සද්දයක් එන්නෙ නැතුව හප්පල, කාරෙක ගිනි අරගෙන මැරුනෙ කොහොමද කියල තමයි හොයන්නෙ.