IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වන සංරක්ෂණය ගත් ඉඩම් යළි ගොවීන්ට

විනීතා එම් ගමගේ

 

පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව විසින් වගා කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ගත් ඉඩම් යළි නිදහස් කිරීමට  සංරක්ෂක ජනරාල්වරයා එකඟතාව පල කළ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

වනාතවිල්ලූව, ආණමඩුව, කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් විසින් වගා කරමින් සිටි ඉඩම් අක්කර 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කිරීමට වන සංරක්ෂකවරයා එකඟතාව පළ කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙකී ඉඩම් පවරා දීමේ කටයුත්තේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් ඉඩම්  අයිතිය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දී සිටි ගැටළු විසදීමට නොහැකි  වී තිබු බවත්  ජනතාව වගා කළ ඉඩම් නිදහස් කරන්නැයි පුත්තලමේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ 8 ක ජනතාව 2003 වසරේ සිට ඉල්ලීම් කරන බවත් හෙතෙම කියාසිටියේය.

මේ මාසය තුළ එම ඉඩම්වලින් සියයට තිහක් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් තවත් කොටසක් සැප්තැම්බර් මාසයේදීත් ඉතිරිය දෙසැම්බර් මාසයේදීත් නිදහස් කිරීමට පියවර ගන්නා බවටත් වන සංරක්ෂකවරයා පොරොන්දු වී යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන් කාරණයක් වන්නේ මේ වසර අවසන් වීමට පෙර පවුල්  දස දහසක් වෙත සින්නක්කර ඉඩම් ලබා දීමට හැකිවනු ඇති බවයි. වසර ගණනාවක් පුරා වගාකළ ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත ලබා දීමට තමන් කැපකිරීම් සිදු කළද ඒ සඳහා බොහෝ දෙනෙකුගෙන් කිසිදු දායකත්වයක් නොලැබුණු බවද පැවැසීය.

 



අදහස් (4)

වන සංරක්ෂණය ගත් ඉඩම් යළි ගොවීන්ට

රජින්ද Wednesday, 01 August 2018 09:01 AM

වනාන්තරයක අගනා නොදන්නා මොළයක්, බුද්ධියක් නොපිහිටි අය විසින් සිදුකරන මෙවැනි වූ ක්‍රියා නිසා මේ රටට තව නොබෝ දිනකින්ම අත්විඳින්නට සිදුවන ව්‍යවසනය ගැන කම්පාවෙමි.

:       0       29

adiri Wednesday, 01 August 2018 10:01 AM

මේ වනාන්තර විනාශයක්, විකිණීමක් වෙන විදියකට කරනවානේද මේ වනපාලුවා?

:       0       3

Sajith Fernando Wednesday, 01 August 2018 10:36 AM

බදියුදීන් පාර්ට් II වගේ අනේ ඉතිං මහා සේවයක් ජනතාවට කලා කියලා ලකුණු දාගන්නවා ඇති. රටක් විදිහට දිගුකාලීනව කරන අපරාදය තේරුම් ගන්න තරම් බුද්ධියක් තිබේ නම් දේශපාලනය කරයිද?

:       0       3

Chaminda Wednesday, 01 August 2018 11:14 AM

මොලේ කළඳක් නැති අය පාලකයෝ වෙද්දී, මේ වගේ තීරණ හැර හොඳ තීරණ බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site