IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වතුර නැතිව පොළොන්නරුවේ 2525ක් අමාරුවේ

ක.ග කරුණාරත්න
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක පවුල් 885 කට අයත් පුද්ගලයන් 2525 ක් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

 
වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ තත්ත්වය බලපා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
 
මේ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ පාසල් 06 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 1475කු සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02 ක සිසු දරු දැරියන් 1150 දෙනෙකුද පානීය ජල හිඟයට මුහුණ පා සිටින බව ද ඒ මහතා කීය.
 
පානීය ජල හිගය පවතින ගම්මානවල ජනතාවට සහ රජයේ පාසල් සියල්ලට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හරින බවද වැලිකන්ද සහ දිඹුලාගල කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රකාශ කළහ.
 



අදහස් (4)

වතුර නැතිව පොළොන්නරුවේ 2525ක් අමාරුවේ

sampath Monday, 30 July 2018 02:04 PM

දැන් කිව්වේ, මම මොරගහවැව වියාපෘතිය කලා, රජ රට ප්‍රසන ඔක්කොම ඉවරයි. මීට පස්සේ රජරටට ජලය හිගයක් වෙන්නේ නැහැ කියල. රජ රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියලත් කිව්වනේ.

:       2       169

sampath Monday, 30 July 2018 02:04 PM

දැන් කිව්වේ, මම මොරගහවැව ව්‍යාපෘතිය කළා.... රජරට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මීට පස්සේ රජරටට ජලය හිඟයක් වෙන්නේ නැහැ කියලා. රජරට කිරියෙන්, පැණියෙන් ඉතිරෙනවා කියලත් කිව්වනේ..

:       12       1

gamini Tuesday, 31 July 2018 06:31 AM

පොළොන්නරුවේ ඉඳන් රට පාලනය කරන කෙනා මේක ගැන තවම දන්නේ නැතුව ඇති. අද පත්තරෙන් මේක දැක්කම ප්‍රශ්නේ විසඳයි. පොළව වේලිලා නිසා මතුවෙන්න බැරුව ඉන්නවද දන්නෑ...?

:       0       0

isurandi Tuesday, 31 July 2018 10:10 AM

නගරයෙන් පිට ජිවත්වන මිනිස්සු පුදුම අරගලයක් කරන්නේ තම ජීවිකාව ගොඩනංවන්න. එහෙව් එකේ ඒ පැතිවලට නේද යටිතල පහසුකම් වැඩියෙන් සැපයිය යුත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site