IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

විනීතා එම් ගමගේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා⁣ වෙත භාරදී තිබේ.

පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් වසර තුනක් තිස්සේ එම ධූරය දැරූ බැවින් දැන් ඇතැයි සිතුණු බැවින් ඉල්ලා අසවූ බවත් ලංකාදීප කළ විමසීමකදී රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කොට එහි ස්ථාවරත්වයක් සකසා ජාතික රූපවාහිනිය  ජනතාව  අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බැවින් සතුටින් ආයතනයට සමුදෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (6)

රූපවාහිනී සභාපති ඉල්ලා අස්වෙයි

PAKSIKAYA Sunday, 13 May 2018 04:37 PM

බහුතර මතයනම් රුපවාහිනියේ සභාපතිවරයා පමණක් නොව අයිටීඑන්. නාලිකාවේ සභාපතිවාරයද ඉල්ලා අස්විය යුතුය. නමට පමණක් මධ්‍ය ලේකම් තනතුරු දරන ක්‍රියාවෙන් එය ඔප්පු කළ නොහැකි දක්ෂයන්ට සහ අලුත් අදහස් වලට තැනක් කොහෙත්ම නොදෙන, කැපිල්ල සහ ඉරිසියාව නිසා සහ වෙනත් කව්රුන් හෝ එමතැනට පැමිණ ලේකම් කමින් විසිවෙය යන බිය නිසා බොරුවෙන් නායකයන් පවා රවටන කැමරාව ඉදිරියේ පමණක් පෙනීසිටීමට පමණක් සිටින, අලි ඔලුව පමණක් ඇති එය ඇතුලේ යමක් නොමැති, අලුතින් දෙයක් රටවෙනුවෙන් කිරීමට නොහැකි මොවුන් මාධ්‍යයෙන් පමණක් නොව දේසපාලන පක්සවලටද කරන්නේ හනිය මිස වාසියක් නොවන බව දැන්වත් වටහා ගත යුතුව ඇත. මොවුන් මෙතෙක් කල් අබ ඇටයක් තරම්වත් දෙයක් පක්ෂය වෙනුවෙන් සහ නායකයා අරක්ෂා කරගැනීම වෙනුවෙන් කර තිබේද

:       435       257

RaveendraMonday, 14 May 2018 02:19 AM

පාක්ෂිකයා වෙත, ඔබගේ අදහස්වට ගරු කරන්නෙමු. මොහු පමණක් නොව සියලුම තනතුරු හොබවන සියලුම අයාතනවල ඉහල සිට පහල සේවකයා දක්වා වැටුප් ගෙවන්නේ, ලබන්නේ ඔබෙත්, මගෙත්, අපගේත් බදුමුදල් වලින් බැවින් ඔවුන් " අබ ඇටයක් තරම්වත් දෙයක් පක්ෂය වෙනුවෙන් සහ නායකයා අරක්ෂා කරගැනීම වෙනුවෙන් " සිදු නොකළයුතු යයි අපගේ හැගීමයි. මක්නිසාදයත් නැවත වරක් මෙසේ සදහන් කිරීමට කැමැත්තෙමු. මේ සියල්ලෝම ලක් පුරවැසියන්ගෙන් එකතුකර ගන්න "බදුමුදල් වලින් " වැටුප් ලබන්නෝ බැවිනි. මෙය අප රටේ "මුල් පුරවැසියාටත් " වලංගුය . අඩුතරමින් තමන් ලබන "වැටුපටවත් අවංක සේවයක් කරන්න" යන්න කිව යුතුමය.

:       0       61

Suranga Sunday, 13 May 2018 10:12 PM

වෙනත් පාඩු ලබන තැනක සභාපති ධුරයට පත් කලොත් හොඳයි නේද ....

:       4       43

rohana kumara mendis Monday, 14 May 2018 06:23 AM

ඔව් ඔව් ලාභනම් ලබනවා ඇති? මොකද ටෙලි නාට්‍යයෙන් පවා ලාභ ලබන එකේ (දැන්වීම් කීයක් දානවද ඒ අතර මැදදී) ඒ මදිවට පුවත් ප්‍රචාරයේදී පවා දමන දැන්වීම්... එපාවෙලා තියෙන්නේ මට නම්... කිසිම පිළිවෙලක් නැති කසිකබල් ටෙලි නාට්‍ය කිසිම පැහැදිලි රුප රාමු නැති තත්වයෙන් බාල (ඩිජිටල් නැති) චැනල් තමයි ලංකාවේ තියෙන්නේ...

:       0       5

gamage Monday, 14 May 2018 08:10 AM

ජාතික රූපවාහිනිය ලාභලබනවාට වැඩිය ගුණාත්මක භාවයෙන් උසස් වැඩසටහන් පාඨකයා බලාපොරොත්තු වේ. නමුත් වර්තමානයේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් වල ගුණාත්මකභාවය පෞද්ගලික නාලිකා වලට වඩා පහත වැටී ඇත. (වෙළද දැන්වීම්වල පවා)

:       0       3

Ranjith Silva Monday, 14 May 2018 09:59 AM

මෙයාව අස් කරන්න තමයි හිටියේ... රනිල් නිසා ටිකක් පරක්කු වුනා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 581 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1012 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site