හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් , පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර තවත් ඇතැයි යුරෝපා සංගමය සඳහන් කර ඇත.
තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සංචාරය අවසානයේදී නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය ඒ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27ට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිත පිරිස මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමු කළහ.
එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා සලකා බැලෙන කොන්දේසියයිග ශ්‍රී ලංකාව පෙන්වන ලද ප්‍රගතිය හේතුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට ඉඩ ලැබුණු අතර මේ වසරේ මැයි මාසයේදී ජී එස් පී ප්ලස් තීර්බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවිය. යුරෝපා සංගම් වෙළෙඳපොළ ලොව විශාලතම වෙළෙඳපොළවල් අතරින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වේ.
ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස දින 10ක් මෙරට රැඳි සිටියහ.
2025 නොවැම්බර් මස 04
330
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මානව හිමිකම් අතින් ලක් රජය ඉදිරියට ඇවිත් - යුරෝපා සංගමය
KENATH Thursday, 14 September 2017 04:57 PM
පරිසරය අතිනුත් ඉදිරියට ඇවිත්ලු ..අනේ මන්ද ...අරහේ විල්පත්තුව, මුලතිව් රූස්ස වනපෙත් විනාස / වෙනවා අක්කර දහස් ගණනින්, වැව් ගංගා සිදීගොස් මහා ඉඩෝර , සුළු වැස්සටත් මහා ගංවතුර , එහෙන් ආණ්ඩුව අලි පිටරට විකුනන්න හදනවා රටට බරක් කියල , අනෙක් සත්තු මරන් කන්න නීති ගෙනෙන්න හදනවා . ඉතින් අපි පරිසරය ඉදිරියෙන් තමයි නමුත් පරිසරයනම් අපි ඉදිරියේ නැතිවෙයි යන විදිහට.
husen-riyadFriday, 15 September 2017 05:55 AM
නෑ... බේබි කරුවල ගස් කපලා බෝගස්වැව කියල ගම්මානයක් හදපු එකත් ඔය කතාවට ඈඳාගත්තා. ඒ වැඩේ ගොඩක් අයට අමතකයි වගේම වැඩේට සම්බන්ධවුණේ රාජපක්ෂ කෙනෙක් නිසා වැඩේ යට ගහන්නයි උත්සාහ කරන්නේ.
hewawqitharana Friday, 15 September 2017 02:25 AM
යුරෝපා කොමිසමෙන් ලංකාවට පුදුම විදීහේ බටර් ගැවිල්ලක් ගාන්නේ.
gallage Friday, 15 September 2017 02:51 AM
මම හිතන්නේ බැදුම්කර හොරකම වගේ හොරකම් කිරීමත් ගොඩක් ඉදිරියට ඇවිල්ල. නැද්ද මන් කියන්නේ.
raveendra Friday, 15 September 2017 02:54 AM
ඒකියන්නේ තව ""හෙනගෙඩි තොගවශයෙන් ඉදිරියේදී ඒමට නියමිත "" බවය.
manikahemamali Friday, 15 September 2017 03:41 AM
කෙනත්, ඔබේ ප්‍රචිචාරය ඉතාමත් අගේ, ඔය ටික අපේ දේසපාලන උත්තමයන්ට තේරෙන්නේ නැහැ.
chandra Friday, 15 September 2017 04:18 AM
ඒ දවස්වල කිව්වේ යුරෝපා සංගමයෙන් කොන්දේසි දාල නැහැ කියලනේ. එහෙම නම් අයි මේ බලන්න එන්නේ.