IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට රතන හිමිගේත් විරෝධය


 
බිඟුන් මේනක ගමගේ 
 
ජනතාව දැඩි ජීවන බරින් පෙළෙන අවස්ථාවක මැති ඇමැති වැටුප් වැඩිකිරීමට තමා විරුද්ධ යැයි ජනාධිපති හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ.
 
සංඛ්‍යාලේඛනවලින් පවසන දත්තවලට වඩා රටේ දුගී දුප්පත්භාවය වර්ධනය වී ඇතැයි ද එවැනි අවස්ථාවක තම වැටුප් වැඩිකරගැනීමක් ගැන කතා කිරීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද රතන හිමියෝ අවධාරණය කර කීහ.
 
ජනාධිපතිවරයාම නියෝජනය කරන පොළොන්නරු ගොවි කලාපයේ සීයට පනහක ජනතාව සිය ඉඩම් උකස් කර ඇතැයි කී උන්වහන්සේ එම පෙදෙස්වල ඇත්තේ මිනිසුන් මන්දපෝෂණයෙන් පෙලෙන තත්ත්වයක් යැයි පැවසූහ.
 
ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතුරලියේ රතන හිමියන් මෙම අදහස පළ කළේ ‘ලංකාදීප’ සමග සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී මැති ඇමැති වැටුප් සීයට 215 කින් වැඩිකිරීමේ සූදානම ගැන කළ විමසීමේදීය.
 
දියුණු රටවල මහජන නියෝජිතයන් භාවිතා කරන්නේත් පොදු ප්‍රවාහන සේවය යැයි ද මෙරට මැති ඇමැතිවරුන් ද සරල ජීවන පැවැත්මකට පරිවර්තනය විය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.
 
මහජන බදු මුදල් යොදා නාස්තිකාර මෙගා ව්‍යාපෘති කිරීම පැවැති ආණ්ඩුවට එල්ල වූ විවේචනයකැයි කී උන්වහන්සේ යහපාලන ආණ්ඩුව ද සාමාන්‍ය ජනතාව අමතකර කර ඒ මාර්ගයේම යෑම ලැජ්ජාවට කරුණකැයි ද කීහ.
 
නුවර හා කතරගම අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය ප්‍රවාහන සේවය නගාසිටුවිය යුතු වුවද මේ ආණ්ඩුව ද මුදල් යොදමින් සිටින්නේ ඉහළ පංතියේ අවශ්‍යතා වෙනුවෙන් යැයි උන්වහන්සේ චෝදනා කළහ.
 
රටේ සිදුවන ප්‍රතිපත්තිමය වැරැදි නිවැරැදි කළහැක්කේ පුළුල් ජාතික එකමුතුවකින් පමණකැයි ද රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
 



අදහස් (1)

මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට රතන හිමිගේත් විරෝධය

Perakum Thursday, 02 August 2018 01:47 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැකල නැද්ද ඉතියෝපියාවේ රාජ්‍ය නායකයින්ගේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් දොරවල් යාන වාහන...? ලෝකයේ ලොකුම ධනවතුන්ගේ නිවාස පරාදයි. වාහනත් ඒ වගෙයි. බොහෝ දෙනෙකුට පෞද්ගලික ජෙට් යානා තියනවා. අපේ කට්ටියට මොනවද තියෙන්නේ? කොහොම හරි ඉතියෝපියාව පරද්දන්න බලන්නකෝ. උත්සාහ කලොත් බැරි වෙනෙකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site