Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 27 වන සඳුදා
(ඩයනා උදයංගනී)
වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.
පසුගිය රජය දුන් තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් මෙම පාඩුව ඇති වූ බව ඔහු ප්‍රකාශ කළේය.
එම කාලය තුළ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, කිලෝවක් රුපියල් 42 බැගින් මිලදී ගත් වී මෙටි්රක් ටොන් විශාල ප්‍රමාණයක් සත්ව ආහාර වශයෙන් පෞද්ගලික අංශයට කිලෝවක් රුපියල් 24 බැගින් අලෙවි කිරීම වැනි තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම පාඩුව සිදු වු බව සභාපතිවරයා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දීය.
වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව ද මෙහිදී අනාවරණය විය.
වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා වත්මන් රජය යටතේ වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව පැවසූ සභාපතිවරයා මණ්ඩලය විසින් පී.එම්.බී රයිස් නමින් සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාස 2 තුළ ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම 2018 යල කන්නයේ දී වී මෙටි්රක් ටොන් 20,000ක් මිල දී ගැනීම සඳහා රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
Raveendra Monday, 25 June 2018 08:51 AM
ඒ බෝබිලෝ වැරදි නිසා නේද මේ බෝබිලෝව තෝරාගත්තේ. ? දැන් එතකොට ලාබ ලබනවයි ??? දැනුත් පාඩුයි කියන්නේ " හිටිය තක්කඩි රැල = දැන් ඉන්න තක්කඩි රැල ". එබැවින් පසුගිය හරකුන්ට බනින ගමන් දැන් ඉන්න හරකනුත් තමන්ටම බැන ගත්තොත් හොද...
Reply : 355 432
Senarath Monday, 25 June 2018 08:53 AM
රජය රුපියල් මිලියන ගණනක පාඩුවක් ලැබුවත් කමක් නැහැ ගොවියා ආරක්ෂා කරන්න පියවර ගෙන. එහෙම කරපු නිසා තම ඒ රජය යටතේ වී අතිරික්තයක් තිබුනේ. එත් අද මොකද වෙලා තියෙන්නේ, රජය පිටරටින් සහල් ගෙන්වනවා, ගොයම් කැපෙන කාලෙට , එහෙම කලාම වී ගොවියෝ සුරක්ෂිත වෙනවද ? වී මුදලාලිලා නම් සුරක්ෂිත වේවි.
Reply : 1 166
duminda Monday, 25 June 2018 12:19 PM
රුපියල් මිලියන ගණනක පාඩුව ගෙවන්නෙත් ගොවියයි, අපියි ... මොන ආණ්ඩුවක් යටතේවත් රජයේ ආයතනයක් පාඩු ලබන එක රටට බරක්...
Reply : 0 2
Bandara Bathnayaka Monday, 25 June 2018 09:06 AM
හොඳ පියවරක්, ක්‍රියාත්මක කරනවනම්
Reply : 0 2
Jayantha Monday, 25 June 2018 09:07 AM
එතකොට බීර් සමාගමට විකුණු ඒවාට ලාභ ලැබුණාද?
Reply : 0 67
කසුන් වික්‍රම්සිංහ Monday, 25 June 2018 09:31 AM
මේ රජයේ පාඩුව කීයද? බියර් හදන්නත් හාල් දුන්නනේ...
Reply : 0 72
රවින් Monday, 25 June 2018 09:57 AM
ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා කතාවලින් අපිට වැඩක් නැහැ. ඊයෙන් පාඩම් ඉගෙන අද නිසි තීන්දු හා නිර්ණයන් කර හෙට අපිට ජිවත් වෙන්න සලසා දුන්නොත් තමා හොඳ. නැතිනම් අනිද්දට ගෙදර යන්න බලාගෙන ඉන්න.
Reply : 0 14