Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 27 වන සඳුදා
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (22) අත්අඩංගුවට ගත් මොහු අද උදෑසන සඟවා තිබු ආයුද පෙන්වීම සඳහා පොලිසිය විසින් රැගෙන යද්දි මාතර කිරලකැලේ ප්‍රදේශයේදි පොලිසියට අත්බෝම්බයක් ගැසිමට තැත් කළ මොහොතේ පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකරුගේ බෑගය සඟවා තැබූ තැනින් ගෙන ඒමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී අද පෙරවරු 7.15 ට පමණ බෑගයේ තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට සැකකරු උත්සාහ කළ බවයි.
“ඔහු බෑගයේ තිබූ අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට උත්සාහ කළ නිසා පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තිබ්බා. එයින් ඇතිවූ තුවාල නිසා ඔහුව රෝහල්ගත කළත් පසුව මියගියා” යයිද ගුණසේකර මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සැකකරු තවත් මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පරීක්ෂණ වලින් හෙළිවූ බවයි
.
පාතාල නායකයකු ලෙසින් හැඳින්වූ උදම්මිට සමරේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේද චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා යයි කියැවේ.
අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් සහ පසුගිය මැයි මාසයේ වේයන්ගොඩදී 54 හැවිරිදි කාන්තාවකට වෙඩිතබා මරා දැමීමටත් ඇයගේ පුතාට වෙඩි තැබීමටත් චාමර ඉන්ද්‍රජිත් සම්බන්ධ වී ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල නායකයාගේ ගෝලයෙකි.
කොල්ලය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
frank Saturday, 23 June 2018 04:25 AM
පොලිසිය ආපසු සුපුරුදු සෙල්ලම පටන් අරන් වගෙයි. අත්අඩංගුවේ ඉන්නන සැකකරුවෙකුට මාංචු දාලනේ අරගෙන යන්නේ අනික අත්අඩංගුවේ ඉන්න සැකකරුට කොයින්ද බෝම්බ. අනික උදේ පාන්දර ජනතාව නිදාගෙන ඉන්දෙද්දී තමයි මේවා වෙන්නේ. මෙහෙම මෝඩ කතා ගොතන්න එපා. ඕවා කොන්ඩේ බැදපු චීන්නුවත් විස්වාසකරන්නේ නැත.
Reply : 1 0
BANDULA Saturday, 23 June 2018 04:28 AM
මේක බොහෝ සැක කරුවන් කරන මෝඩ වෙඩක් , මාංචු පිටින් ඉඳගෙන බෝම්බ ගහන්න මේ අයට විෂෂ දස්කම් තෙයෙනවා
Reply : 0 0
Mahee Saturday, 23 June 2018 04:30 AM
අනික් එවුන් කීප දෙනාත් නිසැකවම ආයුද හංගල ඇති. උනුත් එක්ක ගිහින් ඒ ආයුද ටික ඉකමනට හොයා ගන්න තව ඉදිරියට එන්න හිතන එවුන්ටත් පාඩමක් වෙන්න.
Reply : 0 1
d.upul Saturday, 23 June 2018 04:59 AM
පොලිසිය දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ. ජය!
Reply : 326 279
channa Saturday, 23 June 2018 05:00 AM
තව ආයුධ ඇති. අනිත් අයට ඒවා පෙන්වන්න කියන්න.
Reply : 55 340
Thirupathi Saturday, 23 June 2018 05:12 AM
දෙයියනේ, අපි හිතපු විදිහටම වුණා.
Reply : 1 519
raheem Saturday, 23 June 2018 05:22 AM
බොහොම හොඳයි. හැමෝගෙම කාලය ඉතුරුයි. මෙහෙම කරනවට දැන් මානව හිමිකම් කට්ටිය කෑගහයි. ගණන් ගන්න එපා. දැන්වත් පොලිසිය හරි මගට ආව එක හොඳයි.
Reply : 449 502
R.Sampath Saturday, 23 June 2018 07:02 AM
පොලිසිය ආවා නෙවෙයි පූජිත යූ.එස්. ගියා. දැන් වැඩ බලන පොලිස්පති ව්ක්‍රමසිංහ මහත්තයා තමයි ඉන්නේ...
Reply : 3 82
සේනක Saturday, 23 June 2018 07:04 AM
මමත් ඔබතුමාගේ අදහස් වලට එකඟයි. කවුරු කෑ ගැහුවත් මේක තමයි කෙරෙන්න ඕනේ වැදගත්ම වැඩේ.
Reply : 1 116
Lapaya Saturday, 23 June 2018 08:47 AM
මානව හිමිකම් කියන්නේ ජීවත් වෙන රස්සාවක් ................. ශරීරය මහන්සි නොකර ඩොලර් හොයන එක..............................
Reply : 0 3
janatha anura Saturday, 23 June 2018 08:58 AM
පාතාලයෝ 4 දෙනාට සරිලන ලෙස සිවිල් පුරවැසියන් 255 ඉක්මවා ඇත...
Reply : 0 0
පිට රැටියා Saturday, 23 June 2018 06:29 AM
ආයුධ පෙන්නන්න එක්කන් යන වැඩේට මානව හිමිකම් කාරයෝ කෑ ගැහුවට , අපි දන්නවා ඔය ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම විදිය ඔහොම තමයි කියල.......[පහුගියේ අවරුදු තුනේ මේ ගොල්ලෝ සෙල්ලම් දැම්මේ ඔන්න ඔය ටික කරේ නැති නිසා]
Reply : 0 2
yaha Saturday, 23 June 2018 06:31 AM
මෙහෙමවත් මේක ඉවර කරලා දන්නා
Reply : 0 0
ඩී. ජයදේව Saturday, 23 June 2018 06:50 AM
දැන් අනිත් දෙන්නත් යන්තම් නැගිට ගන්න පුළුවන් වුණු ගමන් ආයුධ හොයන්න එක්ක යන්න. ඇපදීලා නඩු කල් දදා කාලේ කන්නේ ඇයි?
Reply : 0 416
frank Saturday, 23 June 2018 07:48 AM
මේ වගේ සිද්ධි නිසා. අප ජාත්‍යන්තරය තුළ අප්‍රසාදයට ලක්වීම වැලැක්විය නොහැක.
Reply : 8 1
sarath hettiarachchi Saturday, 23 June 2018 08:07 AM
මේ නිව්ස් එක සැහෙන කලෙක සිටන් කියවල තියෙනවා. නම්. ගම් දින. වෙනස්වෙලා විතරයි වැඩේ හරි වෙන්න පුළුවන් නිවැරදි නැහැ. මෙහෙම හිතෙන්නේ මට විත්රක්දෝ මන්දා. යටගිය දවස පර්සි මහේන්ද්‍ර රාජෝත්තමයාණන් රාජ්‍ය විචාරණය කොරණ කල්හි මෙවැනිදේ බොහෝ සිදුවිය.
Reply : 0 76
Asith Saturday, 23 June 2018 09:06 AM
ඔහොම තමා කරන්න ඕනා..................
Reply : 24 3
Asith Saturday, 23 June 2018 09:06 AM
ඔහොම තමා කරන්න ඔනා.
Reply : 0 7
Asith Saturday, 23 June 2018 09:06 AM
ඔහොම තමයි කරන්න ඕනේ....
Reply : 1 2
aka Saturday, 23 June 2018 09:16 AM
යහපාලනේ යටතෙත් "සුදු වෑන්", "ආයුධ පෙන්වන්න යාම" පටන් ගත්තා එහෙනම්...
Reply : 10 103
piyal Saturday, 23 June 2018 10:23 AM
මෙසේ සිදුවීම ගැන සතුටුවිය හැකි නමුත් මෙහි දෙපැත්තක් තිබේ. ආයුධ පෙන්වන්න ගොස් ඇතිවන ප්රශ්නයේදී වෙඩි තැබීමට පොලිසියට ඉඩදීමේත් සීමාවක් තිබිය යුතුයි. නැතහොත් ඔවුන්ගේ පුද්ගලික වුවමනා එපා කම් සඳහාද මෙම කාරණය යොදාගනු ඇත. වාස් ගුණවර්ධන සිද්ධියේදී මෙය මනාව පැහැදිලි වේ.
Reply : 1 71
Anton Austria Saturday, 23 June 2018 10:40 AM
ඔබට ජය පොලිස් මහත්වරුනි. දැන්වත් රට හදනවට ස්තුතියි.
Reply : 1 29
ලකිත් ශ්‍යාමන් Saturday, 23 June 2018 11:41 AM
මම මේ නිකමට අහන්නේ. අර සේයා දියණිය මැරුවයි කියලා මුලින් අල්ලපු ඒලෙවල් ළමයාව හරි, කොන්ඩයාව හරි ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් තිබ්බා නම් මොනවා වෙන්න තියෙන්න ගියාද?
Reply : 0 93
ප්‍රියන්ත Saturday, 23 June 2018 01:49 PM
එතැනදී පොලිසියේ දුර්වලතාවය වසා ගන්න තමයි ඒ අයව ගත්තෙ. දක්ෂයෝ දන්නවා ටාගට්එ ක හරියටම.
Reply : 0 3
tommy Saturday, 23 June 2018 03:00 PM
මං හිතන්නේ පොලිසිය ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නේ ෂුවර් එකටම ආයුධ තියෙනවා කියල දන්නවා නම් විතරයි.
Reply : 0 100
Cyril Saturday, 23 June 2018 03:48 PM
මේක හිට්ලර්ගේ වර්ගයේ ක්‍රමයක්. පොලිසිය කියන කියන විදියට ඉන්න වෙනවා.
Reply : 4 0
banda Saturday, 23 June 2018 05:11 PM
ලංකාවේ මරු නිතිය ...කෝ මානව හිමිකම් ....
Reply : 12 0
sanath Saturday, 23 June 2018 06:59 PM
පොලිස් කාරයෙක් මරල යහතින් ඉන්න දෙයිද?
Reply : 0 11
Chanak Los angeles Saturday, 23 June 2018 07:50 PM
අපි දන්නා විධියට අපරාධ කරුවෙකු පොලිසිය මගින් ප්‍රවාහනය කරනවිට අත්මාන්චු දමනවා . එහෙම තිබුනානම් ඔහුට ඔය විදියට මැරෙන්න කොහොමත් වෙන්නේ නැහැ .අපි දන්නේ නැහැ ලංකා පොලිසියේ රෙගුලාසි ? සැකකරු එක්වරම බෝම්බයක් දමා ගසන්න ගියා කීවම අපිට මතක් වෙන්නේ හින්දි චිත්‍රපට වලනම් එකපාරටම බෝම්බ අතට එනවා ...කිනම් සැකකරුවෙකු වුවත් පොලිස් භාරයට පත්වූ පසු ආරක්ෂා කිරීම පොලිසියේ රාජකාරියක් ඔවුන් මරණයට පත්වීම පරීක්ෂණ කටයුතු වලට මහත් බාධාවක් . අපි දකිනවා මෙරටේ දරුණු අපරාධ කරමින් වෙඩිතියමින් පුද්ගලයන් පොලිසිය විසින් පැය ගණන් පසුපස හඹා යමින් මහන්සි වී අත්අඩංගුවට ගත් පසු පොලිස් රථයට ඇතුළු කරන විට පවා පොලිස් නිලධාරියා සැකකරුගේ ඔලුව අතින් ආවරණය කරනවා කොහෙවත් නොවදින ලෙසට ..
Reply : 5 102
Sudelmi Sunday, 24 June 2018 12:47 AM
ගරු මංගල පින්සිරි ඇමතිතුමනි. අපිට හොදින් තේරෙනවා ඔබ කියන දේ වගේම මේකෙන්ම අපිට අවබෝදවෙනවා මාතර පාතාලය මෙතරම් ව්‍යාප්ත වෙන්න හේතුවත් අපි ජන්දය දුන්නේ රට පාතාලයක් කරන්නත් නෙමේ. රට වෙනුවෙන් දිවිදුන් අහිංසක පොලිස් නිලධාරියකුගේ මරණයට කතා නොකරන හොර දෙශපලුවන් පත්ලයෙකුගේ මරණයට බොහෝ කණගාටු වෙන බව අපි දන්නවා
Reply : 0 21
rocky Sunday, 24 June 2018 03:21 AM
මේ ගැන සැකයි. මේක අනිත් අපරාධකාරයින්ගේ කෙරුවාවලුත් මොහුගේ ගොඩට දාන්න යොදාපු එක්තරා උපායක්ද කියල කියන්නත් බැහැ!
Reply : 1 0