(ඞී.කේ.රත්න )
 
බණ්ඩාරවෙල දකුණු කැඹිල්ලෙවෙල අඹගහකුඹුර ප‍්‍රදේශයේ උත්සව ගෙදරකදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම  සම්බන්ධයෙන් අද (25)  පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි.
 
බණ්ඩාරවෙල දකුණු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ සහ හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හත්දෙනෙකු මෙසේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
දකුණුකැඹිල්ලෙවෙල අඹගහකුඹුර ප‍්‍රදේශයේ මල්වර උත්සවයක් අවසානයේ දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක්  දුර දිගයාමෙන් ඇතිවූ ආරවුලකදී පිහියකින් කපා කොටා මෙම තරුණයා මරා දමා තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.