(ඉෂාන් සංජීව / නිමන්ති රණසිංහ)

සිසුන් අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ජූලි 19 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(14) නියෝග කළාය.

2008 දී  කොළඹ හා අවට  ප‍්‍රදේශවලින් පැහැරගත්  ළමයින් 5 දෙනකු ඇතුළු 11 දෙනකු  අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිසර නාවික හමුදා රෝහලේ  ප‍්‍රතිකාර  ලබමින් සිටියදීය.

ගිලන් රියකින් අධිකරණයට පැමිණි සැකකරු පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරිය ගිලන් රිය අසලට ගිය අතර ඒ අනුව ඔහු රිමාන්ඩ් කරන ලෙස නියෝග කිරීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර දීම හෝ බන්ධනාගාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම බන්ධනාගාර නිලධාරීන්ට බාර කළාය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)