(විනීතා එම් ගමගේ)
නිරෝධායන කලාප සහ නිරෝධායනය වන නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තුරු නවත්වා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අද (13) සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ වූ නමුත් මේ වනවිට නිරෝධායන කලාප ලෙස නම්කර ඇති කිසිඳු කලාපයකට හෝ නිරෝධායනය වන ලෙස දන්වා ඇති නිවෙස්වලට එම පත්‍රිකා නොබෙදූ බව නියෝජ්‍ය තැපැල් පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පැවැසීය.
ඉකුත් 11 සහ 12 දෙදින තුළ තේරිම්භාර නිලධාරින් විසින් තැපැල් දෙපාර්තමේන්තුවට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා භාර දුන් බවත් මේ වනවිට ඒවා තැපැල් කාර්යාලවලට යවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
බොහෝ ප්‍රදේශවල එම පත්‍රිකා නිවෙස්වලට බෙදා දීම අද ආරම්භ වූ බවත් මේ මස 29 වැනිදා වනවිට ඒවා බෙදා අවසන් කිරීමට නියමිත බවත් රණසිංහ මහතා කීය.
මේ කාලසීමාව ඇතුළත 19 හා 26 යන දිනයන් විශේෂ බෙදීම් දින ලෙස නම් කළ අතර එම දින දෙකේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා තැපැල් කාර්යාල විවෘත බව ද ඔහු කියා සිටියේය.
ඒ අනුව තැපැල් කාර්යාල 2200 ක 7500 ක් සේවක මණ්ඩලය විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සිදුකරන බව කී රණසිංහ මහතා සෞඛ්‍ය අංශවල උපදෙස් ලද වහාම නිරෝධායන කලාප හා නිරෝධායනය වන නිවෙස්වල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ද බෙදීම ආරම්භ කරන බව කිය.
නිරෝධායන කලාපයක පවතින බැවින් මේ වනවිට කන්තලේ අග්බෝපුර තැපැල් කාර්යාලය වසා දමා ඇති බවත් එවන් තත්ත්වයන් මත තැපැල් කාර්යාල වසා දමන්නේ නම් ඒ බව දෙපාර්තමේන්තුවට දන්වා වසන ලෙස ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන්ට දන්වා ඇති බවද රණසිංහ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
267
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිරෝධායන කලාපවල ඡන්ද පත්‍රිකා බෙදීම නවතා දමයි