(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නානුඔය කහ ඉරක් මතදී පාසැල් සිසුවියක ටිපර් රථයකට යටවි මිය යාමෙන් අනතුරුව නගරයේ සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන්   අත්අඩංගුවට ගනු ලැබූ 41 දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා අද (04) නියෝග කළේය.

ඉකුත් 15 වැනි දා නානුඔය නගරයේ කහ ඉරක් මත දී ටිපර් ලොරියකට යටවී නානුඔය ජේම්ස් පීරිස් විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබු දැරියක් මියගියාය. ඉන්පසු පිරිසක් ටිපර් රථය ගිනිතැබු අතර ඔවුන් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා නුවරඑළිය හැටන් මාර්ගය අවහිර කරමින් නානුඔය නගරයේ උද්ඝෝෂණයක නරත වූයේ මෘතදේහය ඈ මියගිය තැනම තබාගනිමිනි.  

රිය අනතුරට පසු ඇති වු කලහකාරි තත්වයට සම්බන්ධ යැයි සැකපිට 6 දෙනකු මීට පෙර රිමාන්ඩ් කෙරිණි.අද අධිකරණයේ පෙනී සිටින ලෙස තවත් 35 දෙනකුට නොතිසී නිකුත් කර තිබූ අතර එලෙස අධිකරණයේ පෙනි සිටි 35 දෙනා හා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටි හය දෙනා මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.

නානුඔය දි ගිනිතැබු ලොරියේ කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නුවරඑළිය අපරාධ පරීක්ෂක අංශය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.