IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කිරිපිටි වලටත් මිල සූත්‍රයක්

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිලසූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමේ අරමුණෙන් පත් කරන ලද කමිටුව ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි කිරිපිටිමිල සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය යෝජනා කර ඇත.
 
එම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.



අදහස් (6)

කිරිපිටි වලටත් මිල සූත්‍රයක්

ගස්පෙ Wednesday, 13 March 2019 12:23 PM

ඇයි ඔය මිල සූත්‍රය දියර කිරි වලට දාන්නෙ නැත්තේ ?. රුපියල් 50ට ගන්න දියර කිරි ලීටරයක් පෙට්ටිවල දාල විකුනන්නේ රුපියල් 240 ටයි.

:       230       155

Chandima Wednesday, 13 March 2019 12:24 PM

මිල සුත්‍ර බැරිනම් ඕනි එකක් හදා ගදාගන්න. මම නම් ඔය කිරි පිටි වල කිරි මේද අයින් කරලා ඒ වෙනුවට කටු පොල් තෙල් හෙවත් පාම් තෙල් අඩංගු කරලා තියෙන බව කොම්පැනි කාරයගේම කටින් එලියට පැන්නට පස්සේ ගේ හරියට වත් ගේන්නේ නැහැ. හදවත් රෝග වැඩි වෙන්න වෙන මොනවාද ඕනි. අනික ඔය නන් ෆැට් කිරි පිටි බොහොමයක ෆැට් නැතුවට ඒ බරට හරියන්න තියෙන්නේ සිනි. ඉතින් ෆැට් නැහැ කියල සීනි අඩංගු කිරි පිටි බිව්වම වෙන දේ අහන්න ඕනි නැහැනේ. විශ්වාස නැත් නම් ඔය නන් ෆැට් කිරි පිටි ටිකකට සීනි සඳහා කරන සරලම රසායන පරීක්ෂණයක් කරලා බලන්නකෝ. අපි කොතනද ඉන්නේ කියල තේරේවි.

:       544       1140

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 12:40 PM

මේ සුදු පිටිබීම වර්ගයට කිරි කියන්නේ ඇයි? එහෙම කියන්නේ අපේ රටේ අනාගත පරම්පරාව නොමග යවන්න නේද? මේ කිරි නෙවෙයි ඒ නිසා සුදුසු නමක් යෝජනා කරන්න. දොඩම් යුෂ නොවන දෙයකට දොඩම් යුෂ කිව්වොත් නඩු දාන්න පුළුවන් නම් මේ සුදු පිටිබීමට කිරි කියන අයට විරුද්ධව නඩුදාන්න. මේක ජාතික ප්‍රශ්නයක්...

:       421       515

kule Wednesday, 13 March 2019 03:31 PM

අපේ පැරැන්නෝ කිරි පානය කලේ කල්කිරි කියලවත්, මේද රහිත කියලවත් නෙවෙයි... තනිකරම එලකිරි දැන් වගේ ඒ කාලේ යෝගට් වර්ග සහ කිරිවලින් නිෂ්පාදිත අතුරු නිෂ්පාදන තිබුනේ නෑ. වාණිජමය අවශ්‍යතාවයන් නිසා අද කිරිවලින් මේදය අරගෙන ඒ අඩුවෙන මේද කොටසට තවත් දේවල් අඩංගුකර කිරිවල මේදය බොන්න එපා. ඒ නිසා මේද රහිත කිරි බොන්න කියලා ව්‍යාපාරිකයින් අපිට කියන්නේ ඔවුන්ගේ ඉතිරිවන කිරි වෙළඳපලට යැවීමටයි. පිටරට කරන්නේ එළකිරි තවත් රසායනික දේවල් අඩංගුකරලා පිටිබවට පත්කරලා අපි වගේ රටවල ඉන්න ඉහළ කොමිස් කාක්කන් මාර්ගයෙන් විස අපේ රටට ගෙනෙන එකයි. කෙසේ වෙතත් කල්තියා ගන්න කිරිවල අඩංගු කල්තියා ගැනීම සඳහා එක්කර ඇති රසායනික ද්‍රව්‍යයන් අපේ ශරීරයේ පැවැත්මට නම් හොඳ නෑ.

:       175       16

nihal c k Wednesday, 13 March 2019 08:46 PM

මම නම් කියන්නේ රජයේ සේවකයින්ගේ පඩි පතටත් නිල සුත්‍රයක් ඇතිකලොත් හොදයි කියලයි.

:       0       610

Master Thursday, 14 March 2019 02:27 AM

ඔය දාලා තියන අදහස් වල වැරදි දෙයක් නම් කියලා නැ ඒත් මට තියන ප්‍රශ්නේ ඒවාට dislike කරපු පිරිස කිරිපිටි සමාගම් වෙනුවෙන් කඩේ යන අය පිරිසක්ද කියලා

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site