IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


උතුරුමහ ඇමැති පොලිස් බලතල ඉල්ලයි

රොමේෂ් මධුෂංඛ
 
පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන්  සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී කීවේය.


ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.


‘ඔය කියන අපරාධ කල්ලි කවුරු විසින් පවත්වාගෙන යනවද කියල අපිට කියන්න බැහැ. නමුත් මෙහෙ වැඩිපුර මිනිස්සු හිතන්නේ යුද හමුදාව ඉදිරියටත් මේ ප්‍රදේශවල ඉන්න ඕන නම් මේ වගේ අපරාධ පෙන්නලා මෙහෙම අපරාධ වෙන නිසා යුද හමුදාව ඉන්න ඕන නිසා මේ දේවල් වෙනව කියලයි.

 
මේ නිසයි අපි පොලිස් බලතල ඉල්ලන්නේ මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන නිසයි මේ ගැටලු පළාත් සභා වෙතට පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරු පළාතේ කුඩා ව්‍යවුහය තුළ පොලිස් බලතල නිසි ලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්න පුළුවන්.
 



අදහස් (15)

උතුරුමහ ඇමැති පොලිස් බලතල ඉල්ලයි

කිං දාවිත් Thursday, 02 August 2018 07:39 AM

ඇයි ඕක විතරක් ඉල්ලන්නේ.. අපි මේ රටම දෙන්න සූදානං වෙලා ඉන්නේ.. වෙන මොනවත් ඕනෙ නං ලැජ්ජා නැතුව ඉල්ලන්න ඕනෙ.

:       15       3

RaveendraThursday, 02 August 2018 11:44 AM

කිං දාවිත් මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදියි.

:       0       0

Perakum Thursday, 02 August 2018 08:02 AM

පොලිසියේ අකාර්යක්ෂමතාවය මහ ඇමතිගේ තර්කය තහවුරු කරයි. රජයේ බලධාරීන් මර නින්දේ...!

:       6       75

කිං දාවිත්‍ර් Thursday, 02 August 2018 08:22 AM

පොලිස් බලතල ඉල්ලන අගමැති. වගේ ඉස්සෙල්ලම දැක්කෙ...

:       0       16

KANDEPOLA Thursday, 02 August 2018 08:41 AM

දැන් අඩු එච්චරයි.

:       0       1

Perakum Thursday, 02 August 2018 09:19 AM

පළාත් සභා වලට පොලිස් බලතල දීමේ ඇති වැරැද්ද මට නම් තවම තේරෙන්නේ නෑ. වෙන රටවල වගේ නිසි ක්‍රියා පටිපාටියකට අනුව එය ක්‍රියාත්මක කලාම ඉවර නේ. මට පෙනෙන හැටියට මෙතන තියෙන්නේ අන්ත ජාතිවාදීන්ගේ අදුරදර්ශී ක්‍රියාවලියක්. දේශපාලකයින් එය වැරදි විධියට පාවිච්චි කරනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් ජාතිවාදය අමතක කොට එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතන්නට කාලය පැමිණ ඇත.

:       221       196

senaThursday, 02 August 2018 10:25 AM

දියුණු කාර්මික රටවල තියෙන ක්‍රම ඒ විදිහටම අපේ රටවල ක්‍රියාත්මක කරන්න බැහැ. උදාහරණයක් හැටියට යහපාලනයම ගමුකො දියුණු ප්‍රජාතාන්තික නිදහස රටට ගෙනාවා වැඩක් උනාද? අද හැම රජයේ සේවකයාටම ඕනේ වර්ජන කරලා පඩි වැඩිකරගන්න, තියෙන ජන මාධ්‍ය වැඩි හරියකටම ඕනේ තම තමන්ගේ ආණ්ඩු හදන්න, මොන වැඩේ කරන්න ගියත් කව්රුහරි අවුලක් දානවා. ඔය කියන පොලිස් බලතල දුන්නොත් වෙන්නේ පොලිස් රාලහාමිලාට වෙන්නේ පළාත් ආණ්ඩුවේ අතකොලු වෙන්න විතරයි

:       0       2

PushpasiriThursday, 02 August 2018 12:37 PM

පොලිස් බලතල යන්නේ කා අතටද කියන එකයි ප්‍රශ්නේ. ලංකාවේ හැටියට කොයි පළාතට ඔය බලය ගියත් තත්වය අති භයානකයි. ඒ ඒ පැතිවල ඉන්න විවිධ බලවත් ජනකොටස් බලය අඩු වර්ගයන්ට බලපෑම් කිරීම අනිවාර්යයි. වසර 20 පමණ යනවිට එක එක පළාත් ඒ ඒ ජන කොටස් වලට අයිති තත්වයට පත්වෙනවා. අනිවාර්යෙන්ම ලොකු ප්‍රශ්න වලකට මුල.

:       0       0

prabha Thursday, 02 August 2018 11:20 AM

පැරකුම් එකම රටක් එකම ජාතියක් කියලා හිතනවා නම් හිතන්න ඕන මහ ඇමතිතුමා. එක වතාවක් පොලිස් බලතල දීලා වෙච්ච විනාශය අහලා නැත්නම් දෙමව්පියන්ගෙන්වත් අහො දැනගන්න.

:       0       0

kumar (gulf) Thursday, 02 August 2018 11:54 AM

මෙයාගේ වෙනම මැර කල්ලියක් ඇති ඔය තරම් ඉක්මනට අනිත් මැර කල්ලි මර්ධනය කරන්න.

:       0       0

කමල් Thursday, 02 August 2018 03:07 PM

පොලිස් බලතල පළාත් සභා වලට දුන්නහම මැජික් වගේ ප්‍රශ්න විසදෙනවද ? මොකටද පලාත් සභාවලට පොලිස් බලතල ? පලාත් සභාවලට හමුදා බලතලත් ඕනද? පොලිසි නැති රටවලුත් ලෝකේ තියෙනවා. ලංකාවෙත් ඒ විදිහට කරමුද ලෝකෙ තියෙන හින්දා? කවුද දැං අන්ත ජාතිවාදීන් ?

:       0       0

කමල් Thursday, 02 August 2018 03:16 PM

බළලා මල්ලෙන් එලියට පැන්නා !!

:       0       0

anura Thursday, 02 August 2018 05:00 PM

මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මෙම කල්ලි මෙහෙයවන්නේ ඒවා පහසුවෙන් මර්ධනය කරන්නම් කියන පුද්ගලයන්ම බව. ඒකනේ ඒවා ලේසියෙන්ම මර්ධනය කරන්න පුළුවන් කියන්නේ.

:       0       0

nuwan Thursday, 02 August 2018 05:15 PM

එහෙනම් මේවා කරන්නේ මෙයාද දන්නේ නැ.. පොලිස් බලතල ගන්න ඕනෙවට. හමුදාව ඉන්නේ පොලිසියේ රාජකාරියට නෙමෙයි. පොලිසියට අපරාද මර්දනය කරන්න අමාරු ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත්වීම නිසා. පොලිස් බලතල නැතිව තම යුද අතට අරන් LTTE එක බිහිකළේ. පොලිස්බලතලත් තිබුනානම් රජයේ යුද වලින්ම රජයට ගහයි. ලංකාවේ තියෙන වෙන කිසිම ප්‍රාදේශීය සභාවක් පොලිස් බලතල ඉල්ලන්නේ නැහැ. එහෙනම් මෙයාලට විතරක් මොකද ඕනේ? අනෙක මෙයාලට ආයුද අතට අරන් අවුරුදු 30 ක් තිස්සේ කරපු විනාශය මදිවෙලාද? පොලිස් බලතල කියන්නේ මෙයාලට ඕනේ කණ්ඩායම් පොලිසියට දාගන්න පුළුවන් එකෙන් වෙන්නේ වෙනම පාලනයක් ඇති කරගන්න හදන උවමනාව.

:       0       0

Bandula. Friday, 03 August 2018 05:41 AM

එහෙමද ආස!.......... අනේ කමක් නැද්ද? ඡන්දෙ ලංවෙනකොට මොනවා හරි දොඩවනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site