ඉකුත් සිකුරාදා (28) ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් හා සුනාමියෙන් මියගිය ගණන 1,347ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පැවසූහ.

 

මීට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබූ ගණන 844ක් වූ අතර ඊයේ (2) සවස්වරුව වනවිට එම සංඛ්‍යාව 1,200 ඉක්මවා ගියේය.

 

භූ කම්පනයෙන් හා සුනාමිනයෙන් මියගිය ගණන 1,347ක් යැයි බලධාරිහු ඉන් අනතුරුව නිල වශයෙන් ප්‍රකාශ කළහ. 

 

සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් අනතුරුව එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය. එයින් පාලු වෙරළ නගරයට බොහෝ දෑ විනාශ ගියේය. 

 

ඉන්දුනීසියානු වැසියන් ආහාර, ඉන්ධන සහ ජලය සොයමින් සිටින බවත් ඇතැම් ස්ථානවල පෝළිම් දක්නට ලැබුණු බවත් වාර්තා  වූ අතර කඩ සාප්පුවල ආරක්ෂාවට පොලිසිය යොදා ඇතැයි ද වාර්තා විය. 

              

ඒ.එෆ්.පී/රොයිටර්

 

055