IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ෆේස්බුක් සමාගමට සිංහල කතා කරන පිරිස් බඳවාගනී

තම කාර්යමණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම සඳහන් කරයි. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගන්නා බව ද එම සමාගම සඳහන් කර සිටී. 

මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී කලකෝලහාල වලින් මාස තුනකට පසු ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී මහනුවර ඇති සිදුවීම් හේතු කරගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. 

එම තාවකාලික තහනම සතියක මුළුල්ලේ පැවැති අතර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවන වෛරී, ජනයා කුපිත කරවන සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටියේය. 

“අපි වැරැදි කළා. ඒ ගැන අපි තරමක් සෙමින් කටයුතු කළේ ” යැයි ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක අම්රිත් අහුජා පැවැසීය.  සිංහල භාෂාව කතා කරන පිරිස් සමාගම වෙත බඳවා ගන්නා බව ද හෙතෙම කීය.

එහෙත් දැනට සේවය කරන සිංහල භාෂාව කතා කරන පිරිස සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සමඟ ද සාකච්ඡා කරන බව අම්රිත් අහුජා කීය. 

“මේක අපට තියෙන ප්‍රශ්නයක්. අපි ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කරනවා. ඔවුන්ට සිංහල මූලාශ්‍ර අවශ්‍යවී තිබෙනවා” යැයි ද ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය. 

“ෆේස්බුක් සමාගම 2013 සිට සිදුවන බොහෝ දේවල්වලට වගකිව යුතුයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවා. පොරොන්දු දුන් කාලය අවසන්. දැන් අවශ්‍යවෙලා තියෙන්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එමෙන්ම ඒ ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් සහ වගවීම ආරක්ෂා කළ යුතුය” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂක සංජන හත්තොට්ටුව පැවැසීය.

ඒ.එෆ්.පී ඇසුරිනි 

055



අදහස් (2)

ෆේස්බුක් සමාගමට සිංහල කතා කරන පිරිස් බඳවාගනී

දිමුත් Thursday, 07 June 2018 01:27 PM

එතකොට දෙමළ භාෂාව දන්න අය?

:       0       0

sirimal Thursday, 07 June 2018 02:39 PM

අර රේඩියෝ නාලිකාවල කතා කරන සිංහල භාවිතා කරන අය නම් ගන්න එපා. එහෙම කලොත් ෆේස් බුක් එක නිකම්ම නිකම් "ෆේක්" බුක් එකක් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 915 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2143 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 955 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 178 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 757 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 394 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site