IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ෆේස්බුක් තහනම ඉවත්කිරීම ජාතිවාදී ප්‍රකාශ නැත්නම් පමණී

රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සදහන්කළේය.
එමෙන්ම ආගම්වාදී ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා පැතිරයාම හේතුවෙන් පනවනු ලැබු සාමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක්  ආ‍ණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ජනාධිපති ලේකම්වරයා  කීවේය.
මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී සිදුවීම් උත්සන්නවීම  හේතුවෙන් පසුගිය 07 දා සිට  සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට රජය තීරණය කළේය.
එමෙන්ම ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා තුළ පලකළ නොහැකි අන්දමින් සාමාජ මාධ්‍ය පාලනය (FILTER) කිරීම සම්බන්ධයෙන්ද සාකචඡා කරන බව ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

- 044



අදහස් (26)

ෆේස්බුක් තහනම ඉවත්කිරීම ජාතිවාදී ප්‍රකාශ නැත්නම් පමණී

අමා Sunday, 11 March 2018 01:50 PM

තහනම් කරල තියනකොට ජාතිවාදී ද ,නැද්ද කියලා තීරණය කරන්නෙ කොහොමද?

:       11       96

sena Sunday, 11 March 2018 02:31 PM

කාගේදෝ ලණුවක් කාලා ආණ්ඩුව තවත් ජනතාවට එපා වෙන වැඩ කරනවා.

:       11       50

ජයරත්න Sunday, 11 March 2018 02:32 PM

ජාතිවාදය නැතත් සමාජ මාධ්‍ය ඕනේ නැහැ. මේවායින් වෙන්නේ ඇත්ත මානව සබඳතා බිඳ වැටීම පමණයි.

:       141       102

කපිල වසන්ත කුමාර Sunday, 11 March 2018 02:33 PM

ෆේස් බුක් වලින් ජාතිවාදේ අවුස්සනවා වගේද? ප්‍රසිද්ධියේම ආයුධ අතට ගන්නවා කියල කියන එක? කෝ ඒවාට නීතිය? ඔක්කොම සිංහල මනුස්සයාට විතරයි.

:       7       123

Mohan Jajantha Sunday, 11 March 2018 02:59 PM

මේ වගේ විහිළු වලට කොහෙන් හිනාවෙන්නද මන්දා...?

:       17       119

yaka manathaya Sunday, 11 March 2018 03:02 PM

පොඩ්ඩක් හිතන්න.. අන්තවාදී අදහස් පෝස්ට් කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි.. ලඟදි වුණු දේවල්වලට පස්සේ එෆ්.බී. එකේ පොස්ට් මොනිටර් කරනවා කිව්වා. ඉතින් ඕක කරන්න තිබුණේ ගින්න ඇවිළුණාට පස්සේද? රජයට පිස්සු.. එහෙම පිටින් අවුල්

:       2       88

athuraMonday, 12 March 2018 08:11 AM

අද, ඊයේ නෙමෙයි 2015 අරයා පැරදිලා ගිහින් ජනේලේ එල්ලිලා සුළුජාතික ඡන්දෙන් තමයි එයා පැරදුණේ කිව්වයින් පස්සේ...

:       0       0

RNG Monday, 12 March 2018 11:36 AM

නැතුව ඉතින්‍ මොළේ තිබුණු සිංහලයො නම් යමපාලනේට ඡන්දෙ දුන්නේ නෑ..

:       0       79

දුලා Sunday, 11 March 2018 03:03 PM

අපේ රටේ යංග් ජෙනරේෂන් එකේ වැඩි කොටසක් මේ දවස් වල මානසික රෝග වෛද්‍යවරු ළඟලු. නොසන්සුන්තාවයේ ලක්ෂණ වැඩි වෙලාලු. තනි වෙලා වගේ ලු, කැරකිල්ල වගේලු, හොස්ස ලගින් මැස්ස යන්න බෑලු, තරහ යනවා වැඩි වගේලු, හිතේ කිසිම ෆිට් එකක් නෑ වගේ ලු, මැච් එක නිසා ටිකක් ෂේප්ලු, පෝලිම දිගයිලු, දොස්තරලාට සරුයිලු, දොස්තරලාට සතුටුයිලු.

:       1       3

සුරම්‍ය Sunday, 11 March 2018 04:36 PM

ඕන දෙයක් කර ගන්න ,,එත් අපිට අන්තර් ජාල වේග සිමා කිරීමත් , සමජ මාධ්‍ය ජාල තහනම දිගටම මෙසේ තහනම් නොකඩවා වේ නම් අපේ අන්තර් ජාල සදහා මාසිකව අයකරන ගාස්තුත් අඩුකරන්න මේ කපා හරින දින වලට සාපේක්ෂව,,,ඒ වගේම යහපලනයේදී මෙසේ අන්තර් ජාල වේග සිමාවන් පාලනය කිරීමක් වත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කපා හැරීමක් වත් යහපාලනයට ජන්දය ප්‍රකාශ කිරිමදේ ජනතාව නම් බලාපොරොත්තු වුයේ නැත ,,, නොකඩවා මෙසේ බාධා කිරීමට සිතනවා නම් ජනතාව දැනුවත් කරන්න ඉක්මනින්ම , මන්ද අන්තර් ජාල අඩු එකක ඇති පැකේජයකට දැන්ම මාරු වීමට එවිට අපිට හැක ..

:       0       111

Chandra Sunday, 11 March 2018 04:40 PM

ලියන්නන් කෙසේ ලිව්වත් කියවන්නන් බුද්දීමත්ව එය තේරුම් ගත යුතුයි. ආයේ මුහුණු පොත ආරම්භ කලොත් එකී නෙකා තමුන්ගේ මතය ප්‍රකාශ කරනවා .ඒක කාටවත් නතර කරන්න බැහැනේ .

:       2       224

RNG Monday, 12 March 2018 11:41 AM

ඉතින්‍ දැන් මේක අදහස් ප්‍රකාශනයේ අයිතිය අහිමි වුණු රටක්ද ..? තව ටික දවසක් යනකොට භාෂණයේ නිදහසත් අහිමි වෙනවා.... ඒකාන්තයි.

:       0       135

kumar (galf) Sunday, 11 March 2018 07:23 PM

ජනාධි පති තුමනි, මද පෙරදිග සේවය කරන බොහෝ දෙනාට තම දරුවන් සමග වෙලා ගෙන කතාකිරීමට, එකිනෙකා දැකගැනීමට ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා තුලින් පමණි, මෙහෙ ටෙලිපොන් වලට ගොඩක් සල්ලි යනවා, හැකි ඉක්ක්මනින් මේ තහනම ඉවත් කරන්න.

:       0       86

Sam Sunday, 11 March 2018 08:29 PM

ඒකාධිපති පාලකයෝ කරන දේවල් මෙව්වා.

:       2       73

Rasi Monday, 12 March 2018 02:42 AM

සමාජ මාද්‍ය යනු නුතන යුගයේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම සදහා ක්‍රමයකි. මෙය කොතරම් ජනතාවට අවශ්‍ය යයිද කිවහොත්, සමහර විදේශගත දෙමව්පියන්ට, දු දරුවන්ට තම ආදරනියන්ට සමග කතා කිරීම සහ සම්බන්ධතා පවත්වා ගැනීම නැතුවම බැරි දෙයක් බවට පත්වී ඇත. එම නිසා, යමෙකු වැරදි කරයි නම් ජාතිවාදය පතුරවයි නම් ඒ සදහා කලයුතු දෙයනම් ඔවුන්ට නීතියෙන් දඩුවම් කිරීම වේ.

:       1       58

Kuruttuwa Monday, 12 March 2018 03:06 AM

ආන්ඩුවට පාරට බහින්න වේවි අවහිරය අයින් කලෙ නැත්නම්. මොකද ෆේස් බුක් එකත් එක්ක දැන් ගොඩක් මිනිස්සු සමීප වෙලා. Vpn දාගෙන fb ගියපු මිනිස්සුන්ට ඕවා අවහිර කරලා වැඩක් නෑ. ඒකට තව මොකක් හරි විදියක් හොයා ගනී. ඒ නිසා මේ ආන්ඩුවට යන එන මං නැති කර ගන්නෙ නැතුව අවහිරය නැති කරන්න. නැත්නම් ඕකටත් මිනිස්සු පාරට බහීවි. අනිත් එක fb අවහිර කරලා ප්‍රශ්ණ විසදන්න බෑනෙ. ඒක තේරුම් ගන්න තරම් මේ ආන්ඩුව මෝඩයිද?

:       22       437

asabka Monday, 12 March 2018 03:53 AM

දැනු ඔය තහනම ඉවත් කරන්නේ නැද්ද

:       0       19

lalithsjm Monday, 12 March 2018 04:22 AM

හන්ගනකොට කට කතා පැතිරෙනවා. මේ ගොල්ලෝ පුදුම බයක් නේ තියෙන්නේ

:       2       81

චන්දික Monday, 12 March 2018 05:25 AM

ලංකාවත් දැන් උතුරැ කොරියාව වගෙයි.

:       1       64

ගාමිණී Monday, 12 March 2018 05:49 AM

ජාතිවාදී ප්‍රකාශ නවත්තනකම් පාර්ලිමේන්තුවත් තහනම් කරමු.

:       0       120

කොබා Monday, 12 March 2018 06:32 AM

තහනම කියන්නේ විසඳුම නෙවේ. ඇමෙරිකානුවන් දැන් ගිනි අවි තහනම් කරන්න දත කනවා, එත් ඔවුන්ට අමතක වෙලා දශක කීපයකට පෙර ආයුධ තිබුනත් මේ විදියට මිනී මරණ සංස්කෘතියක් නොතිබුන බව, මේ විදියම තමයි ලංකාවෙත්. ෆේස් බූක් කියන්නේ හොඳ යහපත් අරමුණක් ඇතිව යොදාගන්න පුළුවන් දෙයක්, සමාජ සම්බන්ධකම්, ව්‍යාපාර ප්‍රවර්ධන ආදියට ප්‍රයෝජනවත්, එත් දුෂ්ඨ මිනිසුන් අතට පත් වුනාම ඒ යහපත් අරමුණ යටපත් වෙලා විනාශකාරී දේ සඳහා යොදාගන්නවා, වෛරී ප්‍රකාශන කරන බොහොමයක් අය ළමා කාලයේ දී බිලි වුනු අය, ඒ කියන්නේ නොයෙක් තාඩන පීඩන වලට ලක්වුණු අය, ඒ වේදනාව දුක පිට කරගන්නේ ඔය සමාජ ජාල වලින්, ව්‍යාජ අකවුන්ට් හදල වගකීම් රහිතව වැඩ කරනවා, ආණ්ඩුවට උවමනාවක් තියෙනවා නම් අනන්‍යතාවය තහවුරු නොකළ ෆේස්බූක් අකවුන්ට් තහනම් කරනවා නම් මේ තත්වය යහපත් අතට හැරේවි,

:       0       32

Gayan Monday, 12 March 2018 07:32 AM

මේ රජය කරන්නේ ඉන්ටර්නෙට් ලිමිට් කරලා අපේ සල්ලි ටික හුරාගෙන කන වැඩක්... බදු හම්බෙනවනේ හොඳට... මේ ටික කාලේ...

:       0       8

Niluka Monday, 12 March 2018 08:02 AM

මේකට විසඳුම මෙය අත්හිටවා තියන එක නොව මේකෙන් මිනිසුන්ට පවතින රජය තව එපා වෙනවා. ජාතිවාදී කෝලාහල වැරදි මේ වැරැදි පණිවිඩ මිනිසුන්ට යාම වළකන්න රජයට පනතක් ගේන්න පුළුවන්. කාගේ හෝ මුහුණු පොතාට ජාතිවාදී හෝ වෙන යම් වැරදි තොරතුරක් ලැබුණු වහාම එය ලඟම පොලිසියට හෝ වෙනයම් තැනකට ඉදිරිපත් කරන්න. එතැනදී ඒ කෙනාට ගෙවීමක් කරන්න ඕනෑ. එය රජයෙන් නොව ඒ වැරදි තොරතුරු කෙනා අල්ලාගෙන එයාව නීතියට කොටු කර ගන්න ඕනේ. එතකොට කිසි කෙනෙක් වැරදි තොරතුරු දෙන්න සමාජයට. එහෙම ආවත් එක දිගටම යන්න විදියක් නැහැ. මෙතැනදී වැරදි පණිවිඩ යවන කෙනාගෙන් ලොකු දඩයක් අරගෙන අර ඉදිරිපත් වන මිනිසුන්ට දෙන්න ඕනෑ. එතකොට වැරදි පණිවිඩ යන්නෙත් නැහැ. කිසි කෙනෙක් දඩ කාගෙන ඔහොම වරදක් කරන්නේ නැහැ.

:       0       215

Siri- Oman Monday, 12 March 2018 08:23 AM

දියුණු රටවල් තාක්ෂණය ජනතාවගේ ප්‍රයෝජනයට වැඩි දියුණු කරනකොට අපේ රට තියෙන පහසුකම් කප්පාදු කරනවා. මෙයට මූලික හේතුව තමයි නීති රීති පනවන අයගේ ආකල්ප හා ඔවුන්ගේ පරිගණක දැනුම අඩුකම... අපේ රට සාක්ෂරතාවය ඉහළ වුනාට පරිගණක සාක්ෂරතාවය කලාපයේ අනෙකුත් රටවල් හා සංසංදනය කරනකොට ඉතාමත් පහළ මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ පරිගණක දැනුම වැඩි කරන වැඩ සටහන් නිෂ්පාදනය කර ඇසිදිසි මාධ්‍ය මගින් ප්‍රචාරය කල යුතුයි. තාක්ෂණය යහපත් ආකාරයට යොදා ගන්න අයුරු පෙන්වා දිය යුතුයි.

:       0       27

rosh Monday, 12 March 2018 09:22 AM

නොමිලේ වයිෆයි දෙනවා. ටැබ් දෙනවා කියලා කාලයක් දඟල, දඟල හිටපු කට්ටිය නේද මේ වාරණය කරන්නේ? එෆ්.බී. එකෙන් ව්‍යාපාර කටයුතු කළ උදවියට දැන් කවුද උදව් කරන්නේ ව්‍යාපාර සංවර්ධනය කර ගන්න? ආණ්ඩුවෙන්ද?

:       0       62

බගියා Monday, 12 March 2018 10:10 AM

ආණ්ඩුව හරි මෝඩයි. මේ කපේදී ජාතිවාදී අදහස් දැක්වීම් නවත්තන්න බෑ. එහෙනං ඉස්සෙල්ලාම ට්‍රම්ප්ගේ බුකි ගිණුම, ටී.ආර්.සී. ලවා මොනිටර් කරවන්න.

:       0       71

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 71 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 417 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 313 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 79 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 328 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 248 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site