IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ෆුල්ෆේස් පෙත්සම ඉල්ලා අස්කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව පුද්ගලයින් තිදෙනකු ගොනු කළ පෙත්සම එම පෙත්සම්කරුවන් විසින් අද (04) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් යතුරුපැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුමක් සකස් විය යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි මාලාවක් සකස් වී ඇති බවත් ,එබැවින් තවදුරටත් පෙත්සම පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොපවතින බවත් පෙත්සම්කරුවන්ගේ නීතීඥවරු අද අධිකරණයට දන්වා සිටියහ.

එබැවින් එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසද එම නීතීඥවරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලදී.

යම් හෙයකින් අදාළ නව රෙගුලාසි ක‍්‍රියාත්මක නොවුනහොත් යළි නඩු පැවරීමේ අයිතිය මත මෙම පෙත්සම ඉල්ලා අස් කර ගන්නා බවද පෙත්සම්කාර නීතීඥවරු අධිකරණයට දැන්වූහ.



අදහස් (5)

ෆුල්ෆේස් පෙත්සම ඉල්ලා අස්කරගනී

pitigala Saturday, 05 August 2017 02:26 AM

ඊයෙ පෙරේදත් ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ගිහින් කොල්ල කෑමක් වාර්තා උනා. මේවට වග කියන්නේ කව්ද? පෙරකදෝරු ගැට ගහලා පොලිසියේ ඉල්ලීමට ඉඩක් නොදුන්නට හොරකමක් අපරාධයක් උනාම ඒවාට තැලෙන්නේ පොලිසිය.

:       3907       544

Nuwan Saturday, 05 August 2017 05:49 AM

ලංකාවේ පමණක් නොවේ, ලොව සියලුම රටවල යතුරුපැදි කල්ලි හොරම්කම් කරන්නේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ගිහින්. ඕනෑතරම් යූටියුබ් එකේ තියෙන්නේ, වෙන විකල්පයක් සොයාගන්න ඕනෑ මේකට...

:       977       138

NuwanSaturday, 05 August 2017 09:23 AM

කොලර් ගාර්ඩ් නොදා ෆුල් ෆේස් හෙල්මට් දැම්මට අනතුරක් වැළකෙන්නේ නැහැ. අනතුරකදී හෙල්මට්ටුවේ නිකට කොටස බිම වැදීමෙන් ගෙල ආපසට හැරිම නිසා කොදුඇට පෙලට හානි සිදුවී මරණයට පත්වෙනවා. අපේ රටේ දක්ෂ මෝටර්සයිකල් ශුරයෙක් මියගියේ එම හේතුව නිසා. ඒ ගැන හොඳ විග්‍රහයක් කරලා තිබුන දැක්ක මතකයි. ෆුල් ෆේස් හෙල්මට් තහනම නිවැරදි තීරණයක්...

:       1246       517

gamage Saturday, 05 August 2017 08:08 AM

ෆුල් ෆේස් හෙල්මට් වලට බය මංකොල්ලකරුවන්, අපරාදකරුවන් බව පොලිසිය දන්නේ නැද්ද? ඔය පෙරකදෝරුවෝ කියන සමහර හොරුනුත් ඒ අයගෙන් කප්පම් ගන්න අය... පෙත්සම දෙනකොටම මාන්චුදාලා කොටුකර ගත්තානම් ගොඩක් මංකොල්ල අල්ලගන්න තිබුණා.

:       1002       797

ගයාන් Sunday, 06 August 2017 02:30 AM

ඔවු ඔවු තහනම් කරමු.හොරකම් වැඩි වෙනවනම්.ඒ වගේම රෙදි වලින් මුණ වහල හොරු එන නිසා ලංකාවේම රෙදි අඳින එකත් තහනම් කරලා,හොරු වාහන වලින් එන නිසා ලංකාවේම වාහන පාවිච්චි කිරීමත් තහනම් කරලා දාලා,අන්තිමට ඔය හොරු ඇවිල්ල හොරකම් කරන්නේ සල්ලි රත්තරන් වාගේ දේවල් නිසා ඒවත් තහනම් කරලා දැම්මා නම් හරි.එහෙම නැතුව ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය උසස් කරලා හරියන්නේ නෑ.අර දේවල් තිබුණොත් තමයි හොරකම් කරන්නේ.නේද පිටගල මහත්තයා ?????? ටිකිරි මොලේ අපූරුව

:       761       4743

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 134 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 346 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 874 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1165 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 398 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 189 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site