(තිලිණි ද සිල්වා )
ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12)ට යෙදී ඇති අතර මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව "දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම" යන්නයි.
ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්න යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලොව සෑම රටකම අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රමුඛතම කාරණයක් ලෙස එරට ළමා පරපුර හැඳින්විය හැක.
මේ නිසා නිසි වයස තුළදි අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔවුනගේ සෞඛ්‍ය නගා සිටුවීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වේයි.
එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය මඟින් දරුවන්ට සමාජය තුළ වඩාත් යහපත් අයුරින් කටයුතු කිරීමේ අවකාශය උදා වන අතර, එම කාලය තුළදි දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතය මඟින් ඔවුනගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටද සිදු වන හානිය සුළුපටු නොවේ.
දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීමට ආසන්නතම හේතු ලෙස ආර්ථිකය, අධ්‍යපානය, සංස්කෘතික වටපිටාව, ජනතාවගේ වගකීම හා වගවීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම යනාදි කරුණූ රැසක් බලපානු ලබයි.
මෙම කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය ලබා දෙන ලොව සදාචාරාත්මක හා ශිෂ්ටසම්පන්නතම සමාජයන් තුළ දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීම සිදු වන්නේ ඉතාමත්ම කළාතුරකිනි.
ශ්‍රි ලංකාව තුළද වර්තමානය වන විට ළමා ශ්‍රමිකත්වයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබීම ඉතා සතුටට කරුණකි.
දරුවන් පිළිබඳව වගවීම සමස්ත සමාජයේම යුතුමක් වන අතර, දැයේ දරුවන් ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුය.
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ළමා ශ්‍රමිකයන් ගැන 1929 ට කියන්න