බිඟුන් මේනක ගමගේ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටිය ද එම තොරතුරු ලබා නොදෙන්නේ යැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට ලිඛිතව පැමිණිලි කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයට හා අගමැති කාර්යාලයට ද තමන් ලිඛිතව කළ කරුණු දැනුම්දීමට අනුව අදාළ ආයතන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දැනුම් දී ඇති නමුත් අමාත්‍යංශය ද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසයි.
කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ද මෙම සිදුවීම ගැන වෙන වෙනම විමර්ශන දෙකක් පවත්වයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ළමාරක්ෂකය තොරතුරු පනත කඩතැයි අමාත්‍යංශයට පැමිණිලි