( කේ බුද්ධික කුමාරසිරි )
හංවැල්ල වග වැළිකන්න ඉහල මාඹුල ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සිදු කළ බවට සැකපිට එම ඝාතනයෙන් මිය ගිය කාන්තාවගේ සැමියා පොලොන්නරුව වැළිකන්ද ප්‍රදේශයේදී අද (24) දින සැකපිට අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සිදු කළ දින මධ්‍යම රාතී‍්‍ර 12 ත් අලුයම එකත් අතර කාලයේදී නිදා සිටි දෙදෙනාව මන්නයකින් කපා ඝාතනය කර නිවසේ දොර වසාගෙන පිටතට පැමිණ ලේ තැවුරුණ මන්නය විසිකර දැමූ බවත් පසුව එම අවස්තාවේදී සැකකරු යට ඇදුමක් පමණක් සහිතව සිටි බැවින් නිවස ආසන්නයේ නිවසක රෙදි වැළක වනා තිබූ ඇදුමක් හැඳ ඒ ආසන්නයේම නිවසක තිබූ මවුන්ටන් වර්ගයේ පාපැදියකින් කඩවත දක්වා ගමන් කළ බවත් ඉන් අනතුරුව කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අදාල පාපැදිය රුපියල් දහසකට උකස් කර වැලිකන්ද ප්‍රදේශයට පලා යාමට කටයුතු කළ බව පැවසූ බවද පොලිසිය පවසයි.
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සෝදිසි කිරීම්වල සිටි පොලිස් නිළදාරීන්ට මෙම සැකකරු පිළිබඳව සැක සිතී කළ පරීක්ෂාවේදී මොහු පොලිසිය අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවට අනාවරණ වීමෙන් පසු සැකකරු තම බාරයට ගත් බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගැනීමෙන් පසු හංවැල්ල ප්‍රදේශයට රැගෙන ආ සැකකරු ඝාතනය කළ බව කියන මන්නා පිහිය සොයා ගැනීමට සැකකරු රැගෙන ගියද එය විසිකර දැමූ ස්ථානය සැකකරුට සොයා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.
සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
මෙම ඝාතනය සිදු වූ නිවසේ නිදා සිටි 38 හැවිරිදි කාන්තාවක සහ 68 හැවිරිදි ඇයගේ මව තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් ඝාතනය කර තිබූ අතර 38 හැවිරිදි මවගේ මාස 02 ක් වයසැති දරුවා පැය 15 කට ආසන්න කාළයක් නිරාහාරව අඩමින් සිටියදී අසල්වාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර තිබුණි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වග වැළිකන්න ඉහල මාඹුල ලිපිනයේ පදිංචිව සිටි දෙදරු මවක වන රණසිංහ ආරච්චිගේ මේරි නෝනා(68) සහ ඇයගේ දියණියක වන සෙනෙරත් ලියනගේ ලක්මිනි ශි්රයාකාන්ති (38) නැමැති එක් දරු මවක් වන අතර මොවුන් දෙදෙනාම මෙයට වසර කිහිපයකට පෙර විදේශ ගතව ගෘහ සේවයේ යෙදී සිට ඇතැයිද පොලිසිය පවසයි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හංවැල්ල ද්විත්ව ඝාතනයේ සැකකරු වැලිකන්දෙන් අල්ලයි