IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හොර ඩොලර් ව්‍යාපාරයක් පොලිසියට හසුවෙයි

(සෙනරත් බණ්ඩාර)

ව්‍යාජ  ඩොලර් 100 යේ කොළ ඩොලර් බවට පත් කිරීම සදහා රැගෙන යමින් සිටියදී පේරාදෙණිය තානායම අසලදී සුඛෝපබෝගී මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

බෝල නමින් හදුන්වා ඇති මෙම කළු පැහැති කොළ රසායනාගාරයකින් සේදීමේදී ඩොලර් 100 යේ නෝට්ටු බවට පරිවර්තනය වෙන බව කියති. එලෙස ඩොලර් බවට පත් කළ පසු ව්‍යාජ ඩොලර්වල  වටිනාකම රුපියල් කෝටි 13ක් පමණ බව පොලීසිය පවසයි. 

විදේශිකයෙකුගේ මැදිහත්වීමකින් සිදුකෙරෙන මෙම ජාවාරම විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේදී ඩොලර් බවට පරිවර්තනය කර ගැනීම සඳහා රසායනාගාර නිලධාරිවරයා ලෙස පේරාදෙණිය පොලිසියේ නිලධාරියකු ඉදිරිපත් වී ඇති අතර රසායනාගාර නිලධාරියා හමුවීම සඳහා සවස 5 ට පමණ පේරාදෙණිය තානායමට  පැමිණෙන ලෙස දන්වා පොලිස් නිලධාරින් රැකවල්ලා සිට ඇත.

එක් මෝටර් රථයකින් පළමුව සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර පසුව අනෙක් මෝටර් රථයෙන් බෝල හෙවත් කළු කොළ 7500ක් රැගෙන පැමිණි බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගලගෙදර ගුන්නෑපාන පිළිමතලාව මාරස්සන රජවැල්ල යන ප්‍රදේශවල අය වෙති.



අදහස් (4)

හොර ඩොලර් ව්‍යාපාරයක් පොලිසියට හසුවෙයි

Kalani Thursday, 06 July 2017 10:25 AM

ඉස්සර වැඩ කරලා තියෙන්නේ ඇමෙරිකාවේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ වෙන්න ඇති.

:       0       12

පිටිගල මිලානෝ Thursday, 06 July 2017 10:44 AM

ගම් වල මිනිස්සු ඩොලර් කෝටි දහතුනක් හොරෙන් ගැහුවා කියන්නේ ලෝක පුදුමයක් ! මේ අයව රටට වැදගත් දෙයක් නිෂ්පාදනය කරවන්න යොදවන්න.... හොරු ලෙස නොසලකා...

:       31       17

Kumara Thursday, 06 July 2017 01:09 PM

හොර ඩොලර් ව්‍යාපාර කරන්නේ නයිජීරියා, උගන්ඩා අය.. ඒ වගේ දුප්පත් රටවල මිනිසුන් යොදාගෙන තමයි මේවා කරන්නේ.. පසුගිය කාලේ කොලොම්බියාව, මියන්මාරය, උගන්ඩාව, ලාඕසය, වියට්නාමය, තායිලන්තය වගේ රටවලිනුත් වාර්තා වුණා.

:       0       5

[email protected] Friday, 07 July 2017 03:52 AM

මුන්ව එල්ල මරන්ඩ ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 261 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 803 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 431 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1347 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 613 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 697 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site