IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හොරොව්පතාන ශ්‍රීලනිප මන්ත්‍රී විමලවංශ හිමියෝ අස්වෙති


 
 
පැතුම් දර්ශන
 
 
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ලිපියක් අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉකුත් (1) බාරදී තිබේ.
 
පෞද්ගලික හේතුවක් මත සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් තමන් වෙත ලිපියක් භාර දුන් බව අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා අප කළ විමසීමේදී පැවසීය.
 
2011 වසරේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ විමලවංශ හිමියන් 2018  පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මරදන් මඩුව මැතිවරණ කොට්ඨාසයට තරග කර ඡන්ද 519 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තාය. 
 
මෙවර පළාත් පාලන මැතිවරණයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ කොට්ඨාස දෙකක් පමණි. 
 
ඒ මරදන් මඩුව සහ අගුනචිචිය  යන  මැතිවරණ කොට්ඨාස දෙකය.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉහළ දියුණුව විමලවංශ හිමියන්ගේ කළ විමසීමේ දී උන්වහන්සේ මෙසේ කීය.
 
"ආසන සංවිධායකවරයාගේ තිබෙන අඩුපාඩු නිසා සහ ඡන්ද ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසා මහජනතාවට අබමල් රේණුවක සේවයක් කරන්න බෑ. බොරු කරන්න බැරි නිසා මම ඉල්ලා අස් වුණා."යැයි උන්වහන්සේ පැවසීය.



අදහස් (5)

හොරොව්පතාන ශ්‍රීලනිප මන්ත්‍රී විමලවංශ හිමියෝ අස්වෙති

sirimal Wednesday, 06 June 2018 08:45 AM

සිව්පසය සපයාදෙන දායකයනට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කරනවා වෙනුවට භික්ෂුන් වහන්සේලා ජරාජීර්ණ දේශපාලනයට සම්බන්ධ වීමත් ශාසනය අද පවත්නා දුක්ඛදායක තත්වයට පත්වීමේ තවත් එක් හේතුවක්.

:       87       96

faizer Wednesday, 06 June 2018 08:46 AM

හාමුදුරුවනේ... ඔබ වහන්සේට ජනතා සේවයක් කරන්න බැරි බව දැනුන නිසා ඉල්ලා අස්වුණා. හරි කලාතුරකින් මේ වගේ අය දේශපාලනය කරන්නේ. මේ කාරණාව අනිත් දේශපාලනය කරන උදවියටත් අනුශාසනා කරන්න අපේ හමුදුරුවනේ. ඒ අය පුළුවන් තරම් හම්බ කරන්න බලන්නේ සේවයක් කරන්න බැරි බව දැන දැනත්...

:       0       204

Sanath Wednesday, 06 June 2018 09:43 AM

සාධු! සාධු!!! සාධු!!!

:       0       19

රවින් Wednesday, 06 June 2018 12:03 PM

සියලුම පූජකවරු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීම අනිවාර්ය කලයුතුවේ. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂවල ගරුතර අනුශාසකත්වයට සියලුම ආගම්වලට අයත් පූජකවරු පත්වීමද අනිවාර්ය කළයුතුවේ.

:       0       0

kalani withanage Wednesday, 06 June 2018 05:11 PM

" සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුය. නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම සම්පුර්ණ කරන්න. " ඒ බුදුන් වහන්සේගේ අවසාන අවවාදයයි. නිශ්චිත අරමුණක් නොමැතිව පුද්ගල ආත්මාර්ථය සඳහාම පමණක් කරන දේශපාලනයට ඔබ වහන්සේලාට තරම් නොවේ. ඔබ වහන්සේ යහපත් මිනිසුන් උදෙසා ආධ්‍යාත්මක උපදේශනය සඳහා යොමුවෙන්න. බොහෝදෙනාගේ හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්නබුදුන් වහන්සේ ඔබ වහන්සේලා ව යොමු කලේ පක්ෂ දේශපාලනයට නොවේ. රාගයෙන්, ද්වේශයෙන් සහ මෝහයෙන් ගිනිගත් ලෝකයක ජීවත්වෙන අප කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න. පල ගඳ හමන මඩගොහොරුවෙන් ඉවත්වීම ඉතාම කාලෝචිත දෙයකි. .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 171 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 403 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 73 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 66 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 641 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site