IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් තෙල් ඇද්ද 9ක් සැකපිට - බවුසරය මන්ත්‍රීවරයකුගේ

සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක
 
වවුනියාව නගරයේ පිහිටි රජයේ ඉන්ධන ගබඩා සංකීර්ණයෙන් ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන ලීටර 2800ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු   නවදෙනකු    අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇති බවුසරය වවුනියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් බවත් එම මන්ත්‍රීවරයාට ඉන්ධනහල් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.  
 
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වැටලීම් අංශ නිලධාරීන් කණ්ඩායමක්  ඉන්ධන සොරකමක් සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී ඉන්ධන ලීටර 2800 රැගෙනයමින් තිබූ බවුසරයද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවටගත් පිරිස අතර වවුනියාව රජයේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ ප්‍රධාන ගබඩා ආරක්ෂක නිලධාරී සහ  කම්කරුවන් සිව්දෙනකු ද  පුද්ගලික ඉන්ධන පිරවුම් හලක ඉන්ධන බවුසර් රථ රියදුරු සහ රිය සහයක  ද සිටින බව පොලිසිය කියයි.   සැකකරුවන් දීර්ඝ කාලයක සිට රජයේ ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන සොරාගෙන පුද්ගලික ඉන්ධන පිරවුම්හල් වෙත  අලෙවිකොට මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.



අදහස් (4)

හොරෙන් තෙල් ඇද්ද 9ක් සැකපිට - බවුසරය මන්ත්‍රීවරයකුගේ

de silva berlin Sunday, 04 March 2018 08:07 PM

අනිවාර්යයෙන්ම මන්ත්‍රී මේකට සම්බන්ධ ඇති නමුත් මේගැන ඇහුවොත් මන්ත්‍රී කියාවි , පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරයෙක් ගෙදර හිටපු භාර්යාව කරපු රුපියල් කොටි 16 ක ගනදෙනුව ගැන දැනගෙන හිටිය නැති එකේ , බවුසරයේ රියැදුර සහ ගෝලය බවුසරය කොපමණ තෙල් පුරවනවද දන්නවද කියල මගෙන් අහන එක සාධාරණද කියලා

:       0       32

රවින් Monday, 05 March 2018 03:47 AM

දෙශපාලුවෙක්නේ බවුසරය අයිති. හොරකම දෙපැත්තෙන්ම.

:       0       71

සමන් - ඕමානය Monday, 05 March 2018 04:10 AM

මන්ත්‍රීවරයෙකුගේ? මම හිතුවා යහ පාලනය යටතේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු ඉතාම අවංක, පිරිසිදු, මනා චරිතයෙන් යුත්, හොර බොරු නැති මහත්වරු කියලා. ඔය කතාව කවුරුහරි ඊර්සියාවට කියන බොරුවක් වෙන්න ඇති. හී! හී!! හී!!

:       0       66

Nandalal DE SILVA - France Monday, 05 March 2018 08:54 AM

කට්ටිය එක්ක හොඳට බීලා තියෙනවා වගෙයි! ඒකට මාට්ටු වෙලා ඉන්නවා කියන වව්නියාවේ (හොර) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමත් ඔහුගේ පක්ෂයත් ප්‍රසිද්ධ කළානම් කොච්චර හොඳද? එහෙම වුණා නම්, පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයින් මින් ඉදිරියටවත් තණකොළ කා පුන්නක්කු බීමෙන් වළකිනවා ඇත!

:       0       49

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 175 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 478 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1178 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1452 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 469 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 216 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site