IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොරණ කර්මාන්ත ශාලාව වහනවා - ඉසුර දේවප්‍රිය

ආරියරත්න රණබාහු 
 
හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් සැකසුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

 
පරිසරයට හානි වන අයුරින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන ගොස් ඇති බව පැවසූ මහ ඇමැතිවරයා ,  මදුරාවල ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද ලබාගෙන නැතැයිද කීය.
 
මහ ඇමැතිවරයා එම ප්‍රකාශය කළේ අද එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (36)

හොරණ කර්මාන්ත ශාලාව වහනවා - ඉසුර දේවප්‍රිය

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 20 April 2018 12:39 PM

කළ යුත්තේ කර්මාන්ත ශාලාව වසා රැකියා නැති කිරීම නොව සියලු ආරක්ෂා ක්‍රියා පටිපාටින්ට යටත්ව රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම සහ රජයේ නිලධාරීන්ගේ අතපසුවීම ගැන සොයා බැලීමයි.

:       0       864

A.Samathasena.Friday, 20 April 2018 03:38 PM

දැන් මේ මොනවද මහ ඇමතිතුමා දොඩවන්නේ? ඕක වැහුවම අනිත් අයගේ රස්සාවල් නැතිවෙන බව තේරුනේ නැතිද? අපූරු තීන්දු ගන්නේ. ඉස්සෙල්ලාම එළුවාගේ බෙල්ල කපනවා. පසුව මුට්ටිය බිඳිනවා. දැන් මහා උජාරුවට කතාකරන්නේ, කලින් මේ ගැන හොයා බලා නිසි පියවර ගත්තා නම් මේ දේ නොවෙන්න ඉඩ තිබුණා නේද?

:       1       366

BamunuarachchiSaturday, 21 April 2018 12:23 AM

ඔබතුමා හරියට හරි.

:       0       1

පිටිගල මිලානෝ Friday, 20 April 2018 12:46 PM

ඔන්න එ්කටත් මිලක් වැටුණා. වහන්නේ නැතිවෙන්න කීයක් විතර වියදම් වෙයිද?

:       0       81

පිටිගල මිලානෝ Friday, 20 April 2018 12:46 PM

ඔන්න එ්කටත් මිලක් වැටුණා. වහන්නේ නැතිවෙන්න කීයක් විතර වියදම් වෙයිද?

:       0       80

Sunil Friday, 20 April 2018 01:13 PM

අසරණ සේවක ජීවිත 5ක් නැතිවුණාට පස්සෙද හොයාබලන්න මතක් වුනේ? අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන්න නම් විශේෂඥයෝ ඕනෑ තරම් ඉන්නවා අපිට... කම්කරු ආරක්ෂක නීතිරීති ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බැලුවේ කවුද? හොරණ ප්‍රාදේශීය සභාව අදද දැන ගත්තේ? කර්මාන්ත ශාලාවට පරිසර බලපත්‍රයක් නැහැ කියලා? කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලා පරීක්ෂකවරු මොනවද කලේ? අන්තිමට එයාලා කර්මාන්තශාලාව පරීක්ෂණයකට භාජනය කලේ කවදාද?

:       0       314

MaheeFriday, 20 April 2018 02:51 PM

ඔබ සමග 100% ක් එකඟයි. පොර කකා ප්‍රාදේශීය සභාවල පුටු රත්කරන්න බෝක්කුවලින්, පාරවල්වලින් හම්බ කරන්න දේශපාලකයෝ දුසිම් ගණන් ඉන්නවා. හැබැයි, තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන කර්මාන්තශාලාවක් ගැන වත් දන්නේ නැහැ. කම්කරු නීති, රෙගුලාසි ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මාසික වාරිකය දුන්නහම සියලු අඩු පාඩු නොපෙනී යනවා. විසඳුම මොකක්ද? කීප දෙනෙකුගේ රස්සාව නැතිකරලා දාන එක. අනේ මේ අයගේ මොලේ!

:       1       108

නුවන්Saturday, 21 April 2018 01:52 AM

එහෙම නම් ප්‍රාදේශීය සභාවත් මේ මිනීමැරුම් වලට වග කියන්න ඕනෑ.

:       0       15

kamalSaturday, 21 April 2018 10:55 PM

සුනිල් ගේ කතාවට මමත් එකගයි. මේකට පරිසර අධිකාරිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතනත් වග කිය යුතුයි. මේ කර්මාන්තශාලාව වගේම රාජ්‍ය ආයතනත් නීතිය එදිරියට ගෙන ආ යුතුයි.

:       0       1

Raveendra Friday, 20 April 2018 01:18 PM

එළහරකා ඇන්න නිසා ඒ සතාගේ බෙල්ල කපා දැම්මේය .. අනේ මේ අපේ රට තීරණ ගන්න "දේශපාලකයන් නොවැ... කතා කළොත් මුළු ලෝකෙම තියන දේවල් දන්නවා වගේ කතාව.. වැඩනම් ඉතින් රෝස්පාන් මොලෙන් තමා තීරණ ගන්නේ...

:       0       180

ගැබා Friday, 20 April 2018 01:19 PM

නිසි නියාමනයක් නැති කම්මැලි රාජ්‍ය යාන්ත්‍රණයත්, ඔලමොට්ටල දේශපාලකයනුත් මේවට වගකිව යුතුයි. අද උදේ වෙනකල් මෙහෙම ෆැක්ටරි එකක් තිබුණාද කියලවත් ඔය මහ ඇමත්තා දන්නැතිව ඇති...

:       0       166

Bandaranayake Friday, 20 April 2018 01:19 PM

හරිම වැඩේ ඔක්කොම වහන්න රටම මරුවට තියෙයි.

:       0       109

aaa Friday, 20 April 2018 01:23 PM

බස්නාහිර පළාත් මහ ඇමැති පොර වෙන්න ටෝක් දෙනවා වගේ...

:       0       184

සඳුන් Friday, 20 April 2018 01:28 PM

ලෙස්ලි මහතාගේ යෝජනාවට 100%ක් එකඟයි. දේශපාලනඥයන් කරන්නේ ජනතා අපවාදයෙන් මිදෙන්න කරන කෙටිම ක්‍රමයයි. අනාගතය ගැන හිතන්න තරම් බුද්ධියක් නෑ.

:       0       44

naradha Friday, 20 April 2018 01:34 PM

ඕක වැහුවම, මහ අැමැතිද ඔතන වැඩ කරන අයට රැකියා දෙන්නේ... නිකම් ගොන් වැඩ නොකර, වැරදුණු තැන නිවැරදි කරගෙන, කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට ඉඩ දෙන්න.

:       0       87

Ranjith Silva Friday, 20 April 2018 02:32 PM

මේ කතාව හරිම මුග්ධ කතාවක්. බස්නාහිර පළාත් සභාවත් වහන්න ඕනේ එහෙනම්... වැඩේ වැරදි නිසා. නිකම් වාචාල කතා නැතිව තවත් රැකියා නැති කරන්නේ නැතිව හොඳ ක්‍රමයකට ව්‍යාපාරය කරන්න උපදෙස් දෙන්න. මොලේ නැතිනම් කට වහගෙනවත් ඉන්න. ගැලරියට පොරක් වෙන්න එපා.

:       0       175

Sisira Friday, 20 April 2018 02:59 PM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වගෙයි.

:       0       23

samjay Friday, 20 April 2018 05:35 PM

මෝඩකමට බෙහෙත් නැහැ. කරන්න තියන්නේ වග කිව යුත්තන්ට දඬුවම් දීලා කර්මාන්ත ශාලාව නැවත සුරක්ශිත ආකාරයට ආරම්භ කිරීම මිසක් බොරු ෂෝ නෙමෙයි.

:       0       2

Kuma Saturday, 21 April 2018 03:13 AM

රැකියා නැතිව ඔක්කොම රාජ්‍ය සේවයට බඳවා ගන්න.

:       1       14

සතයපාල Saturday, 21 April 2018 03:27 AM

ලංකාව තුල යම්කිසි ආයතනයක් හෝ පුද්ගලයකු කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන්නේ නම් ඔහු හෝ ඔවුන් ලංකාවේ කම්කරු නීති හා පරිසර නීතිවලට අනුකුලව එය පවත්වාගෙන යා යුතු අතර ඔවුන් එම නීති උල්ලංඝනය කරන්නේ නම් අනිවාර්යෙන්ම ඒ සඳහා ක්‍රියාමාර්ග ගතයුතු වන අතර එය එම කර්මාන්තශාලාව වැසීම දක්වා විය හැකිය. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය කම්කරු දෙපාර්තුමේන්තුව මෙන්ම එම කර්මාන්තශාලාව අයත් පළාත් පාලන ආයතනය කටයුතු කළ යුතු අතර එම කර්මාන්තශාලාව නිසි නිරික්ෂණයට ලක් නොවීම සම්බන්ධයෙන් එම ආයතනයන්ට වගකීම පැවරේ. මහ ඇමතිවරයාගේ තිරණය විවේචනය කරන අයට ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් බව පැහැදිලි අතර ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ තව සේවකයින් කී දෙනෙක් මිය යනකම් බලා සිටිය යුතුද? මේ කර්මාන්තශාලාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න යන ප්‍රශ්නය වන අතර මිනිසුන්ගේ රැකියාවන්ව රැකෙන්න ප්‍රථම ජීවිත රැකිය යුතු බවට අවබෝධ නොවීම තුළම ඔවුන්ගේ තර්කයන්හී දුෂ්ඨබව ප්‍රදර්ශනය වේ. මා කිසි දිනක නිදහස් පක්ෂයේ සමාජිකයකු හෝ ඉසුරු දේවප්‍රියගේ අනුගාමිකයකු නොවන අතර ඔහු මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය පමණක් අගය කරමි.

:       51       0

බිනර ගුනසේකර Saturday, 21 April 2018 03:49 AM

ඉතා මෝඩ කතාවක්... අප රටේ දේශපාලනයේ යෙදෙන උදවියගේ බුද්ධි මට්ටම ඉතාකදිමට පෙන්වන කතාවක්.

:       0       4

gamaathi Saturday, 21 April 2018 03:56 AM

මහ ඇමතිතුමනි, මහජන නියෝජිතයෙක් හැටියට කර්මාන්තශාලා වහන්න යෝජනා කිරීමෙන් වැළකී තව තවත් කර්මාන්ත ඉදිකරන්නට යෝජනා කරන්න.

:       0       3

සතයපාල Saturday, 21 April 2018 04:21 AM

මේ රටේ මධ්‍යම හා සුළු පරිමාණයේ කර්මාන්තශාලා බෝහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ කම්කරු පාරිසරික, බදු හා සෞඛය නීති තුට්ටුවකටවත් නොසලකා ලාභය පමණක් අපේක්ෂාවෙන් වෙන අතර රටේ පවතින දුර්වල හා අකාර්යක්ෂම රාජය යාන්ත්‍රණය හා දූෂිත දේශපාලන අධිකාරියේ පිහිට ආශිර්වාදය සහිතවය. මේ නිසා ඉතාම දැනුවත්වම හා වුවමනාවෙන් යුතුව කෙරෙන සේවකයන් පීඩනයට ලක් කීරීම හා පරිසරය වැනසීම සමබන්ධයෙන් වන ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතු අතර මෙම කර්මාන්තශාලා හිමිකරුවන්ට අවශ්‍ය නම් මේ අඩුපාඩු නිවැරදි කරගෙන නිසි අවසරකින් යුතුව මෙම කර්මාන්තශාලාව නැවත විවෘත කිරිමේ අයිතියද හිමිවේ.

:       0       1

නුවන්Saturday, 21 April 2018 10:50 AM

හරියටම හරි. නමුත් එහෙම කරන්න හැමෝම එකඟ වුනොත් ඇරෙන්න කෙරෙන්නෙ නෑ. අපි මේ නීති කඩනවා විතරක් නෙවෙයි, ඒ ගැන උජාරුවට කතා කරන්නේ කිසි හිරිකිතයක් නැතුවයි. ඒ තරම් පහත් තත්ත්වයට වැටුණු සමාජයක මේ දේශපාලකයෝ ඩෑෂ් පාරවල් ගහනවා. "මහ ඇමතිතුමෝ අපේ රස්සා වලට මොකෝ වෙන්නෙ කියලා" අහන්න කාටවත් කොන්දක් නැත්තේ ඒකයි.

:       0       0

Badrani Saturday, 21 April 2018 04:26 AM

විශ්ෂ්ඨ තීරණයක් මැතිතුමණි. කර්මාන්ත නිසා පරිසරය දූෂණය වෙනවා.

:       170       67

Gamage Saturday, 21 April 2018 05:13 AM

මේ කරන්නේ ආණ්ඩුව ගැන තව තවත් මිනිස්සු කලකිරවන එක... ඒක මොවුන්ට ලැබිලා තියෙන රාජකාරියයි. මොවුන් තීරණය කළාට වැරැද්ද යන්නේ එජාපයටයි.

:       0       70

ඔබා Saturday, 21 April 2018 05:41 AM

ඕනෑම ගොනෙකුට වහන්න පුළුවන් පගා අරගෙන මේක බැලුවේ නැති අයගේ මහකෙනා තමයි මකලා දාන්න ඕනේ...

:       0       17

ddd Saturday, 21 April 2018 10:07 AM

ඔක්කොම වහල දාන්න. උඹලා ගාව රස්සාවල් තියෙනවනේ දෙන්න....

:       0       2

Upali Saturday, 21 April 2018 10:28 AM

ඔය කර්මාන්ත ශාලාවේ විතරක් නෙමේ.... මේ රටේ තියෙන අනිකුත් බොහෝ කර්මාන්ත ශාලාවලත් ඔය තත්වයමයි තියෙන්නේ. දැන්වත් අදාල බලධාරීන් නින්දෙන් නැගිටලා පාරිසරික ගැටළු මෙන්ම සේවකයින්ගේ ආරක්ෂාවට යොදා ඇති ක‍්‍රමවේදයන් නිසියාකාරයෙන් පවත්වා ගෙන යන්නේ දැයි සොයා බලා අඩු පාඩු ඇත්නම් වහාම පිළියම් යෙදීමයි කළ යුත්තේ. රටේ මෝඩ ජනතාව චූන් නොකර කර්මාන්ත ශාලා වැහීමෙන් නැතිවන රැකී රක්ෂා මෙන්ම රටේ ආර්ථිකයට වන හානිය කොතරම්ද? යන්න සිතා බලා වචන පාවිච්චි කිරීමට මහ ඇමතිවරයා වග බලා ගන්නේ නම් හොඳයි.

:       0       0

erdi Saturday, 21 April 2018 11:45 AM

ඉතා දියුණු රටවල අධි අරාක්ෂාවක් ඇතුව පවත්වාගෙන යන තැන්වලත් හදිසි අනතුරු සිදුවනවා. විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ පිළිබඳව නිපුන නිලධාරීන්ගෙන් උපදෙස් ලබමින් මෙවැනි නිෂ්පාදන කාර්යක්ෂමව කිරීමෙන් කිහිප දෙනෙකුට රැකියා කිරීමට අවස්ථා උදාවෙයි.

:       0       1

de silva berlin Saturday, 21 April 2018 11:47 AM

මේක වසා දැමීමෙන් ප්‍රශ්‍නය නොවිසදේ, හොඳම විසදුම මුලින්ම මේකට විශාල දඩයක් ( රුපියල කෝටි 2-3 විතර) ගසා එම මුදල් සමාගමෙන් අයකර අගතියට පත්වූවන්ගේ පවුල් වලට ලබාදිය යුතුය, දෙවනුව මෙවැනි රසායනයන් ගැන දැනුමක් ඇති උගතුන්ගේ උපදෙස් ඇතිව කම්හල නවීකරණය කොට නිෂ්පාදන ඇරඹිය යුතුය, කම්හල වසා දැමිමෙන් අගතියට පත් පවුල් වලට කිසිම සෙතක් නොසැලසෙන අතර මෙහි රැකියා කල අයගේ රැකියා අහිමි වීමෙන් තව පවුල් කිහිපයක් අගතියට පත්වනු ඇත .

:       0       11

Anura Saturday, 21 April 2018 01:00 PM

ලංකාව වටේ මුහුදු වෙරළ සහ ජලාශ සියල්ල වහාම වසා දැමිය යුතුයි. ඇයි මාසෙකට කීයක් මැරනෙවද ඔයවගේ ගිලිලා. මීට කැකිල්ලේ රජතුමා...

:       0       19

asiri Saturday, 21 April 2018 03:33 PM

මේ දේශපාලකයෝ හරිම මෝඩ තීරණ තමයි ගන්නේ

:       0       309

[email protected] Saturday, 21 April 2018 07:12 PM

මේ වගේ ඒවා මේ රටේ ඕනේ තරම් තියෙනවා. මේවා මෙහෙම වෙන්නේ නිසි බලධාරීන්ගේ අවදානය මේවට යොමු වන්නේ නැති නිසා. මම වැඩ කරන කොම්පැනි එකේ ISO බලන්න එන්නේ අපිට කියලා. ඉතින් අපි හොඳට සෙට් වෙලා ඉන්නවා පිළිවෙලට. ඒ අය ගියාම ආයෙත් යකාගේ කම්මල වගේ අපේ වැඩ කරන තැන. ඇයි එන්නේ නැත්තේ එක පාරට නොකියම?

:       0       0

de silva berlin Sunday, 22 April 2018 05:03 AM

අසිරි මහත්මයා, ලංකාවේ ඡන්ද ඉල්ලන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ චරිත සහතිකයක් අවශ්‍ය වන්නේ නැහැ, ලංකාවේ මිනිස්සු කතිරේ ගහන්නේ පුද්ගලයාගේ පක්ෂය, ධනවත්භාවය, ජාතිය, ආගම කුලය ඡන්දෙ දවසට බොන්න දෙන මත්පැන්, බත්පැකට් එක වැනි සාධක.

:       0       26

Nishantha Monday, 23 April 2018 12:10 AM

දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ජිවිත දේශපාලකයන්ගේ සාක්කුවල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 590 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1987 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1467 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 830 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2030 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site