(මනෝප්රිය ගුණසේකර)
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව සඳහා ලබන ජුලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (17) නියම කළාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරිය ඇයට මෙලෙස සිතාසි නිකුත් කළාය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතු`ථ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව වරද පිළිගැනීඹකින් තොරව අවසන් කරගැනීමට කැමති බව ඇය අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා එලෙස නියම කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන ජුලි මස 10 වැනිදා කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිරුණිකාට සිතාසි
Bandula Wednesday, 17 June 2020 09:40 AM
ඡන්දෙ පටන් අරන්... ගෝඨාගේ 2/3 දැනටම නැතිවෙලා වගේ... දැන් නින්දෙන් නැගිටලා වැඩ පටන් අරන් තියෙන්නේ මාස 6ක් ගියාට පස්සේ....
samWednesday, 17 June 2020 10:46 AM
ඇයි නඩුව අහන්න එපා කියලද කියන්නේ..?
BamunuarachchiWednesday, 17 June 2020 12:47 PM
මේ බදියුදීන්ගේ කට්ටියනේ...
BamunuarachchiWednesday, 17 June 2020 12:43 PM
ගෝඨාභයගේ 2/3 ලබා ගැනීම වෙලාවට සිදුවෙයි. අපිට ඕනේ පිරිසිදු සිංහල ආණ්ඩුවක්. මේ රටේ සිංහලයින් 69 ලක්ෂයක් ඉන්නවා. ඒ ගොල්ලන් එකතු වුනේ 2018 පෙබරවාරි සිට. ඒ ටික විතරක් මතක් කරන්නම්... ඉතිරි ටික අපි කෙරුවාවෙන් පෙන්වන්නම්. මේ නඩු දානෙත් නඩු අහන්නෙත් ඝෝඨාභය නොවෙයි අදාළ ආයතන... ඔබලාගේ ආණ්ඩුව 2015 ආවේ හොරු අල්ලන්න නේද? ඉතින් මොකද බැරි වුනේ හොරු අල්ලන්න? දාපු නඩු වලිනුත් ඔවුන් නිදොස් වී නිදහස් වුණා. දැන් අපේ වාරේ...
raviWednesday, 17 June 2020 04:35 PM
ආරච්චි මහත්තයෝ..., ඔබතුමා ගොට්ටෙක් නේද?
BamunuarachchiThursday, 18 June 2020 03:51 PM
ගොට්ටෙක් තමයි රවී... හැබැයි ඔබ වගේ කෙනෙක් නොවෙයි. ගොට්ටෝ කියන්නේ එජාප කාරයින්ට 1960 ගණන්වල කියපු නම... ඒ නිසා මම ගොට්ටෙක් නොවෙයි.
Asanka Wednesday, 17 June 2020 10:05 AM
කට වසමු... මේ රටේ මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවොත් ඇඟිල්ල දිහා බලලා ඒකේ ඇදයක් පෙන්නලා නඩු දානවා.
pradeepa Wednesday, 17 June 2020 11:18 AM
ඔයාට ඕනෑ වෙලාවට දොර ඇරලා දුන්නා නමුත් මෙදා සැරේ නම් හරියන්නේ නැහැ. ඔයාට කොහොම සලකයිද මන්දා...?
සරත්චන්ද්‍ර Wednesday, 17 June 2020 11:23 AM
මේ තරම් බරපතල වරදක් කරලා තියෙන කෙනෙකුට අර CCTV සාක්ෂි විතරක් ගෙනාවාම ඇති නේද? එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට රටේ නීතිය බලපාන්නේ නැද්ද?
yamunaWednesday, 17 June 2020 01:16 PM
ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වේ ප්‍රභූ නීතිය කියලා... මෙයාටත් එයාලා සැලකුවේ ප්‍රභූ නීතියෙන්...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 11:40 AM
තෙවැනි ලොව ඇතැම් රටවල, පක්ෂ දේශපාලනය නිසා රටේ පොදු නීතියේ ස්වාධීනත්වයට සිදුවූයේ සුළුපටු හානියක් නොවේ. නීතිය සැමට සාධාරණය වියයුතු වුවද, එම රටවල ඇතැම් දේශපාලකයන් හට, ආණ්ඩුවලට එසේ බලපෑවේ නැත. විධායක ජනපති ක්‍රමයෙන් පසු ජනපතිවරයාව අධිකරණයට ගෙනඒමට නොහැකි විය. එතැන් පටන් සමහර රටවල අධිකරණ විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැසීම් පවා සිදුවිය. අග විනිසුරුවන් ඉවත් කිරීම ආදී පක්ෂ විපක්ෂ සියළුම රජයන් රටේ නීතිය තමන්ට නතුකර ගැනීමට වෙර දැරීය. එම රටවල්වල ජනතාවද අබරන් ආතලා සේ තම දේශපාලකයාට පමණක් වාසි විය යුතුයැයි සිතුවේය. පක්ෂ දේශපාලනයට අන්ධවී සිටි බොහෝ දෙනා නීතිය තම පැත්තට වාසි වියයුතු යැයි සිතුවෝය. මෙසේ රජයෙන් රජයට තට්ටු මාරුවට නීතියද, හොඳ හැටි නම්‍යශීලී විය. වරද පිළිගැනීමකින් තොරව නඩුව සමාදාන වීමකට කැමැති බව කීමට තරම් දේශපාලකයා බලවත් විය.. අහෝ ! ඛේදයකි !!! ....
nimal Wednesday, 17 June 2020 12:21 PM
යහපාලන ආණ්ඩුවේ කෙනෙක්...
Rohana Thursday, 18 June 2020 02:51 AM
හිරුණිකා වරදක්කර ඇත්නම් ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීම ගැටලුවක් නැහැ. නමුත් 2015 කරනලද වරදක් සම්බන්ධව මැතිවරණයක් අතලගතියෙද්දි නඩුව කැදවන්නේ ඇයිද යන්න නොකීවාට කවුරුත් තේරුම්ගනු ඇතැයි සිතමි.