IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට පමණයි

(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය  50 කට සීමා කර ඇති  බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්.  ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

කෝවිඩ් 19 වයිරසය පැතිරීයාමත් සමඟ මාස තුනක පමණ කාලයක්  සම්පුර්ණයෙන් වසා දමා තිබු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් දිනපතා විවෘත කර ඇති බවත් වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත ඇති බවත් ඒ මහතා කීය.

පස්වරු 2.00 න් පසුව වනෝද්‍යානයට කිසිම පුද්ගලයෙකු ඇතුළත් කර නොගන්නා බවත් දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කොට ඇති බැවින් හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන පිරිස් හැකිතාත් උදෑසනම පැමිණීමෙන් සිදුවිය හැකි දුෂ්කරතා සහ අපහසුතාවයන් මග හරවා ගත හැකි බවත් ඒ මහතා පැවැසීය.

දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු  බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා ස්වාභාවික මංපෙත් සියල්ලම වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකුරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට පමණයි

විජිත් Sunday, 21 June 2020 08:33 AM

මට ආරංචි විදිහට හෝර්ටන් ප්ලේන්ස් වල පරිසරය නව ජීවයක් ලබා නැගී සිටිනවාලු. ඒ ප්‍රදේශයේ "සත්වයා" ලෙස සලකන ගොන්නුන්ගේ ගහනයත් වැඩිවෙලාලු... වනජීවී කාර්යාලය අවටත් ඒ ගොල්ලෝ හැසිරෙනවලු. වනෝද්‍යානයේ අභ්‍යන්තරයේ ඇති කුඩා පාරවල්වල කොටි ඔහේ වැතිරිලා ගිමන් හරිනවලු. වනජීවී මහත්වරුන්ගේ වාහනවත් ගණන් ගන්නේ නැහැයිලු. කොටි පැටව් පාරවල් අසලට ඇවිත් සෙල්ලම් කරනවලු. " මා රත් මල්" පිපිලාලු.. ගහ කොළ, ඇලදොළ, ගංගා, වන සතුන්, කුරුල්ලන්, සුළඟ, ඉර හඳ, තාරකා.. මේ ඔක්කොම ස්වභාව ධර්මයේ දරුවන්. ඔබත්, ඔබගේ දරුවන්වත් මේ ගමනට එකතුකර ගන්න. සොබාදහම විඳින්න ඒ ගොල්ලන්ට කියා දෙන්න. පරිසරය ආරක්ෂා කරගන්න හැටි කියා දෙන්න. ප්ලාස්ටික්, කුණු, බෝතල් වැනි අපද්‍රව්‍ය කිසිවක් ඔබ නැවත එනවිට එහෙ ඉතිරි කර එන්න එපා. ඔබ දන්නවද හිස් බෝතල්වල අඩිය කොටස " උත්තල කාචයක් "ලෙස ක්‍රියාකරලා වියලි කොලරොඩු ඇවිලී ලැව් ගිනි හටගන්නවා කියලා... අපි පරිසරය විඳිමු. ඒ ගමන්ම අපිව සතුටු කරන පරිසරයට ගරුකරමු.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 126 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 338 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 836 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1129 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 391 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 185 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site