IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හේම නලීන් කරුණාරත්න සමුගනී

ඉන්දිකා රාමනායක

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතා (55) හදිසියේ අභාවප්‍රාප්ත විය. 

හේමනලීන් මහතා මාලඹේ, මිල්ලගහවත්ත, 3 වැනි පටුමගේ පිහිටි නිවසේ තනිවම ජීවත් වී සිට ඇති  බව පොලිසිය සඳහන් කරයි.

ඒ මහතා අනුරාධපුරේ සිට පෙරේදා (4) සවස 6.00 ට පමණ නිවසට පැමිණ ඇති අතර දහවල් 12.00 ට වන තෙක් ඔහුගෙන් කිසිදු ප‍්‍රතිචාරයක්  ලැබී නොමැත.

දුරකතනයට පවා ප‍්‍රතිචාර නොදැක්වීම  හේතුවෙන්  ඔහුගේ හිතවතුන් පිරිසක් නිවසට පැමිණ ඔහුට කථා කළත් කිසිදු ප‍්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් පිරිසට සැක මතු වී  ඇති බව පොලිසිය කියයි.

පසුව එම පිරිස  ඉනිමගක් ආධාරයෙන්  නිවසේ කවුළුවකින් හේමනලින් මහතාගේ කාමරය නිරීක්ෂණ කිරීමේ දී ඒ මහතා කටින් සෙම පෙරෙමින් නිවසේ කාමරයේ ඇද මත  නිසොල්මනව   සිටින අයුරු දැක   සිද්ධිය තලංගම පොලිසියට දැනුම් දී ඇත.

තලංගම පොලිසියේ කණ්ඩායමක් එම  ස්ථානයට පැමිණි පරීක්ෂා කර ඇති අතර  හිතවතුන් එම නිවසේ දොර කඩා  නිවසට ඇතුලූ වී  ඇද මත වැතිර සිටි හේමනලීන් මහතා තලංගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඒ මහතා මියගොස්  සිට  ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දී ඇත.

තලංගම සහකාර  පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ  දැනුම් දීම මත පොලිස් ඇගිලි සටහන් අංශය හා අපරාධ ස්ථාන නීරික්ෂණ අංශයේ (සොකෝ) නිලධාරීන් එම ස්ථානයට පැමිණි පරීක්ෂණ ආරම්භ  කර තිබිණි.

හේමනලින් මහතාගේ මළ සිරුර  ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත තිබු අතර  හෙට (6)  ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවැත්වීමට නියමිතව බව පොලිසිය කියයි.

හේමනලීන් කරුණාරත්න මහතා රූපවාහිණී සංස්ථාව ආරම්භයේ  1980 දශකයේ  වාර්තා වැඩසටහන්   නිෂ්පාදකවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට එක්වී ඇති අතර   වාර්තා හා  විචිත‍්‍රාංග ඒකකයේ  සහකාර අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත .

එම කාලවකවානුවේ ඒ මහතා විසින් ඉදිරිපත් කළ 9.05 වැඩසටහන, ඉතාම ජනපි‍්‍රය වැඩහටනක්  බවට පත්විය. එම වැඩසටහනට  අමතරව ආයුබෝවන් ඇතුළු විවිධ වැඩසටහන ද ඒ මහතා විසින් ඉදිරිපත් කළ අතර තිබුණි.

පසු කාලයේ 2000 වසරේ රූපවාහිනි සංස්ථාවෙන් ඉවත් වී  ස්වර්ණවාහිණි  ආයතන සම්බන්ධ වී ඇති ඒ මහතා  2008 වසරේ ඉන් ඉවත් වී රූපවාහිනි ආයතන රැසකම විවිධ  වැඩහටන් ඉදිරිපත් කරමින්  ඒ මහතා නිදහස් මාධ්‍යවේදියෙක් වශයෙන් ද කටයුතු කර ඇත.  

මීට වසර 10 ට පමණ පෙර හෙරිටේජ් නමින්  කේබල් රූපවාහිනි ආයතයක් ආරම්භ කර ඇති අතර මිය යන තෙක්ම එහි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

හේමනලින් මහතා  කොළඹ රාජකීය විදුහලේ  ආදි සිසුවෙකි.

ඡායාරූප සැපයුම - එච්. චන්දන

 

 

 

 

 

 

 

 

 



අදහස් (22)

හේම නලීන් කරුණාරත්න සමුගනී

Dasuni Tuesday, 05 June 2018 08:52 AM

අනේ ඒ මොනවා වෙලාද? නිවස් සුව එතුමාට

:       5       87

Samathasena A . Aluthgama Tuesday, 05 June 2018 09:23 AM

අනේ දෙවියනේ ඇයි මේවැනි සුන්දර මිනිසෙකු මෙතරම් ඉක්මනින් අපගෙන් ඈත් කලේ. අද උදෙත් මා හේම නලින්ගේ වැඩසටහනක් බැලුවා ඔහුගේ එච්ටීවී චැනල් එකේ. පසුගිය වසරක ජපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විභාගයක් ආරම්භයේදී ප්‍රශ්න පත්‍රයට වාඩිවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී අප දෙදෙනා මොහොතක් හමුවුනා. සුපුරුදු ලෙස හිස පාහත් කොට අවංක සිනහවෙන් පිරි මුහුණෙන් යුතුව "කොහොමද ඉතින්" කියා ඇසුවා.ඊට පසු මාහට ඔහු හමුවුනේ ඔහුගේ නිර්මාණවලින් පමණයි.ප්‍රතිභාපුර්ණ මාධ්‍යවේදියාණනි, ඔබට නිවන් සුව.

:       0       203

හිරාන් Tuesday, 05 June 2018 09:25 AM

දක්ෂ සුවිශේෂ හැකියාවක් තිබු මාධ්‍ය වේදියෙක් ....නිවන් සුව පතනවා ඔබට

:       0       54

Raveendra Tuesday, 05 June 2018 09:40 AM

ඉතාමත්ම කනගාටු දායක පුවතක්. අප ඔබගේ වැඩසටහන් හොදින් රසවිඳ . ඒවා සුන්දර මතකයන් පමණයි දැන්. ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරන්නෙමු!!!!!

:       0       58

දසුන් හේරත් Tuesday, 05 June 2018 09:44 AM

ඔබට නිවන් සුව...

:       0       52

තිස්ස Tuesday, 05 June 2018 09:45 AM

ඉතාම කනගාටුදායක ආරංචියක්. මාලඟ තිබු හේම නලින් රුපවාහිනිය සඳහා කල අතිගරු මර්සිලින් ජයකොඩි පියතුමා පිළිබඳ වැඩසටහනක පිටපතක් ලබන සතියේ ඔහුට යවන්න මම සුදානම් කරගෙනයි ඉන්නේ. අනේ අපොයි මේවගේ කනගාටුදායක ආරංචි.ඔහුර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

:       0       39

Ranjith Tuesday, 05 June 2018 10:05 AM

ඉතාමත් කණගාටුදායක පුවතක් , සුන්දර මිනිසෙකුගේ ඉක්මන් නික්මයාමක්, නලින් ඔබට නිවන් සුව!!!

:       0       6

පිටිගල මිලානෝ Tuesday, 05 June 2018 10:25 AM

දක්ෂ සහ ප්‍රසිද්ධ ලාංකික කලාකරුවන් විතරක් අකාලයේ මිය යන්නේ ඇයි?

:       37       53

Yasapala Ponnamperuma Tuesday, 05 June 2018 10:39 AM

හේම නලින් මහතා වැනි නිර්මාණවලින් ප්‍රතිභාපුර්ණ මාධ්‍යවේදියෙකු අප අතරින් නික්ම යාම ඉතාම කනගාටුදායක ආරංචියක්. ඔබට නිවන් සුව!

:       0       60

KANDEPOLA Tuesday, 05 June 2018 10:47 AM

මෙච්චර මේ රටට වින කරන අයට ඉහෙන් බහින රෝගයක් නෑ. රටට වැඩක් කරන සුන්දර හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ. ඔබට නිවන් සුව...!

:       0       123

ජගත් ලියනගේ Tuesday, 05 June 2018 10:51 AM

එතුමා අති දක්ෂ නිවේදකයෙක්............ උතුම් වූ නිවන් සුව පතමු .

:       0       31

නුමා Tuesday, 05 June 2018 11:26 AM

කණගාටුදායකයි. 9.05 ට සුභ ගමන්!

:       0       15

PIYAL BATUWANGALA Tuesday, 05 June 2018 01:22 PM

සොදුරු මාධ්‍යවේදීයාණනි ඔබට නිවන්සුව ......

:       0       22

Gayya Tuesday, 05 June 2018 03:51 PM

ඉතාම කණගාටුදායක පුවතක්. කෙසේ නමුත් ඔබතුමා ශරීර සෞඛ්‍ය ගැන මීට වඩා දැනුවත්ව හිටිය නං මෙවැනි දේවල් මෙච්චර ඉක්මනට සිද්ද වෙන්නේ නැ... සොයුර ඔබට නිවන් සුව

:       0       23

අප්පුහාමි Tuesday, 05 June 2018 06:29 PM

ඉතාම කනගාටුදායක පුවතක්. ඔබ වැනි නියම නිවේදකයින් රටට අවශ්‍යම මොහොතක ඔබ අපට අහිමි වී ඇත. නං දොඩවන නිවේදකයින් ගෙන් හෙම්බත් වී ඇති අපට ඔබ දැකීමත් සතුටක් විය. ඔබට නිවන් සුව.

:       0       29

Chanak Los angeles Tuesday, 05 June 2018 08:34 PM

පිටිගල මිලානෝ, පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියන එකයි ඊට පිළිතුර .

:       0       0

Chanak Los angeles Tuesday, 05 June 2018 08:41 PM

කඳපොල, ඔබ කියන විදියට නොවෙයි සංසාරය ක්‍රියාත්මක වන්නේ. ප්‍රාණය හරියට කුඹල්කරුවා තනන මැටි භාණ්ඩ වගෙයි.

:       0       0

ජූඩ් Tuesday, 05 June 2018 11:06 PM

ඇයි හොඳ මිනිස්සු අපිට කලින්ම නැතිවෙන්නෙ කියලා මම හිතුවෙ මේ ලගදි ප්‍රේම කීර්ති ද අල්විස් මහතා ගැන ලියවුණු සටහනක් කියවද්දි. ප්‍රේමකීර්ති කලාකරුවාගෙන් පස්සෙ තමන්ගේ සොදුරු හඩින් ප්‍රෙක්ෂකයාට ජාතික රූපවාහිනීය සමීප කලේ හේමනලීන් මහතාගෙ 9:05. හැමෝම එකට වාඩි වෙලා ආසාවෙන් බැලුවා. අදටත් 9:05 බලපු හැමෝම හේමනලීන් මහතාට ආදරෙයි.. හරිම සුන්දර මිනිසෙක් නැතිවීම පාඩුවක්. අද චැනල් වල ඉන්න අයියලා අක්කලාට හේමනලීන් ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. 9:05 ඔබට සුභ ගමන්.....

:       0       17

Rasi Tuesday, 05 June 2018 11:32 PM

අප පුංචි කාලයේ 9.05 වැඩසටහන තුලින් අපට ලංවූ ඉතා විශිෂ්ට සන්නිවේදකයෙක්. හරිම දුක්බරයි. ඔබට නිවන් සුව!

:       0       13

kalani withanage Wednesday, 06 June 2018 04:07 AM

මානව සංවේදනා මැනවින් හඳුනා ගෙන අප ඇමතු සොඳුරු මිනිසාණෙනි. පෘතුවී වාසියෙකු ලෙස කෙටි කලක් අප ඇසුරු කල සන්නිවේදකයාණනි , ඔබ විශ්වාස කරන බෝධියකින් නිවන් සුව ලැබේවා.

:       0       18

Wikum Silva Wednesday, 06 June 2018 08:16 AM

ඔබ වැනි නියම නිවේදකයින් රටට අවශ්‍යම මොහොතක ඔබ අපට අහිමි වී ඇත. ඔබට නිවන් සුව.

:       0       15

Chamila Friday, 08 June 2018 05:53 AM

අද උනත් රාත්‍රී 9.05 උනාම මතක් වෙන්නේ ඔබය. ඊයේ රාත්‍රි 10.30ට ඔබව අයෙත් දැක්කා. සමහරවිට මම ඔබව 9.05න් දැක්ක අවසන් අවස්ථාවද එය වන්නට පුළුවනි ඔබෙන් ඉගෙනගත් පාඩම් බොහොමයි ඔබට සුබ ගමන් සොයුර යලිත් අපි අතරම ඉපදේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 14 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 635 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 395 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1172 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2396 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site