IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිමි නමකට නවක වධය දුන් ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබා දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (19) නියෝග කළාය.

 
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික,  හික්කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්ඛිත , බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤ්ඤාසාර , බණ්ඩාරවෙල හටන්ගල අමිත  හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.
 
වැඩි ආරක්ෂාව වෙනුවෙන් නවක සිසුන් පිළිගැනීමේ කාල සීමාව පසුකොට අදාල හිමිනම ඉකුත් 09 වැනිදා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට ඇතුළත්වී තිබෙන බවද එදින රාත්‍රීයේදී මෙම නවක වධ සිද්ධියට භාජනය වී තිබෙන බවද පොලීසිය පැවසීය.
 
භික්ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුලදී සැකකාර හිමිවරුන් පැමිණිලිකාර හිමියන් නිරුවත් කොට නවක වධය ලබා දී තිබෙන බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
 
කෙසේ වෙතත් පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පොලීසිය මාතර මහ රෝහල වෙත ඇතුලත්වන ලෙසට උපදෙස් ලබා දී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොයන බව පවසා වැඩවසන විහාරස්ථානය වෙත නික්ම ගොස් තිබේ.
 
මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අදහස් (8)

හිමි නමකට නවක වධය දුන් ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් රිමාන්ඩ්

Keppetipola Thursday, 19 July 2018 02:20 PM

භික්ෂුන්ට ඉගෙනීම් කටයුතු කිරීමට කැප ස්ථානය තමයි පිරිවෙන. නායක හාමුදුරුවරු දැන්වත් මේවාට තදින් පියවර ගත යුතයි

:       0       665

ලුම්බිණිFriday, 20 July 2018 01:08 AM

මම හිතනවා මේ කතාව හරි කියල. එදා බණ්ඩාරනායක මහතා භික්ෂුන්ට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම ඉඩ දීම තුලින් සිදු උනේ බලාපොරොත්තු උන දේ නොවෙයි. පිරිවෙන් වලට පහසු කම් දී බුදු දහම ගැන ඉගැන්වීමයි කල යුතු.

:       0       45

AbaranFriday, 20 July 2018 06:16 AM

මට හිතෙනවා කොතලාවල මහතා කියපු කතාව හරි කියලා....

:       0       1

ජගත් ලියනගේ Thursday, 19 July 2018 04:48 PM

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බණ දහමට කරපු විශාල නිග්‍රහයක් ඔය කරලා තියෙන්නෙ .

:       0       391

vidya Thursday, 19 July 2018 08:26 PM

මතු බුදු වන රේරුකානේ චන්දවිමල ශාතෘ වරයාණන් වහන්සේ කතාවක කියල තිබුන විද්‍යෝදය (ජපුර ) , විද්‍යාලංකාර (කැලණිය ) විශ්වවිද්‍යාල පිහිටවීමේ ප්‍රදාන පරමාර්ථය වුයේ ධර්ම ධර විනය ධර භික්ෂුන් වහනේසේලා බිහිකිරීමටය.අද මොකද වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාල කලාට පස්සේ මේ චීවර ධාරියෝ සතුන් මුර්ගයන් වගේ හැසිරෙනවා.

:       36       147

ධම්මික හිමි Friday, 20 July 2018 02:51 AM

මම.කැළනිය සරසවියෙ ඉද්දි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් දුන් නවක වදය නිසා සුව කළ නොහැකි ස්නායු ආබාධයකට ලක්වුනා. මට එතකොට වයස 22යි. මෙහි සඳහන් කළ නොහැකි අන්දමේ අපචාරවලටත් මාව ලක් කළා.

:       0       122

NimalFriday, 20 July 2018 05:43 AM

ඔබවහන්සේ සද්ද නැතුව ඉන්නේ නැතුව මානව හිමිකම් ආයතනයේ පැමිණිල්ලක් දාන්න. නොමිලේ නීති සහය ලැබෙනවා. මගේ රැකියා ආයතනයෙන් සිදුවූ මානව හිමිකම් කඩකිරිමකට විරුද්දව මම ඔවුන්ගේ සහය ලබාගත්ත මගේ නඩුව දිනුම්. අයුක්තියේදී නිහඬව ඉන්න එපා

:       0       64

Anton Austria Friday, 20 July 2018 08:27 AM

සදාචාර, අති පූජනීය, සුද්දවත් මෙය බෞද්ධ රටකි. කෝ එහෙම කියන අය? මෙහෙම කියාගන්න රටේම මිනිස්සු විකාරෙන් වගේ... මම බැන්නේ බුදු හාමුදුරුවන්ට නොවේ අපේ සිංහල මිනිසුන්ටයි. යුරෝපයට එන්න කවදාවත් කියන්නේ නැහැ. මේක කතෝලික කියා අපි හැමෝම මිනිස්සු කියලයි කියන්නේ.... එ්කයි වෙනස..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 110 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 144 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 89 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 179 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1991 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 552 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site