IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමලා

(සනත් ගමගේ)

මෙගා වෝට් 3 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ  සුළං පෙති ගලවා දමා මාස 5 ක් පමණ ගත වුවත් එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 3 ක විදුලි බල ධාරිතාවය අහිමි වී ඇති බව විදුලි සේවකයෝ පවසති.
 
නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ පිහිටා තිබුණි.

වරාය ආරම්භ කර සේවා කටයුතු පවත්වාගෙන ගියද සුළං විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය එකතුකිරීම සුපුරුදු පරිදි සිදු වු නමුත්, හම්බන්තොට ජාත්‍යයන්තර වරාය චීන සමාගමට බදු දීමෙන් පසුව වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමෙන් පසු මීට මාස පහකට පමණ පෙර සුළං පෙති 5 ම  ගලවා ඉවත් කර ගැනීම විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලැබීය.
 
මේ  සම්බන්ධයෙන් ලංකා සුනිත්‍ය බල අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සුරීයකුමාර හෙට්ටිඅරච්චි මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ පැවසීය.

"මෙගා වොට් තුනක විදුලිය බල ධාරිතාවයක් හම්බන්තොට සුළං විදුලි බලාගාරයෙන් ලැබුණු බව සත්‍යයක්. එය දැන් ඉවත් කර තිබෙනවා. එම සුළං ‍විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමට දැනට මූලික කටයුතු  සිදු කරමින් පවතිනවා.  තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුවුණේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදුවීම නිසා."



අදහස් (20)

හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමලා

Rasi Tuesday, 02 April 2019 05:27 AM

"එම සුළං ‍විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමට දැනට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුව වූයේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදු වීම හේතුවෙන්" ඉවත් කරන්න නම් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනම හුලන් නැති එක. දේශපාලුවෝ ගැන නම් කියලා වැඩක් නැහැ. වැඩේ තියෙන්නේ, අමන නිලධාරී උඩ ඉන්න එකත් ලංකාව මේ තැනට වැටෙන්න හේතුවක්.

:       0       246

Sathya Tuesday, 02 April 2019 05:38 AM

අවුරුදු 30ක් තිබ්බ කියන්නේ මේක සාර්ථකයි කියන එකනේ.වැඩේ සාර්ථකනම් රට වටේ තියෙන මුහුදෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ ඇයි?අවුරුදු 30ක් වැඩ කලානම්, පෙති 5කින් මෙගා වෝට් 3 ක විදුලිය ගන්න පුළුවන්නම් මේ වගේ 100ක් 200ක් හදන්න ආයෝජනය කලොත් පාඩු නැහැ නේද?

:       0       129

Alan Tuesday, 02 April 2019 05:45 AM

වරායත් නෑ, සුළං බලාගාරෙත් නෑ , යහපාලුවන්ගෙන් රටට ලැබුන අපමණ අගයෙන් කොටසක්

:       84       292

Perakum Tuesday, 02 April 2019 05:51 AM

වසර 30 කට පෙර පටන්ගත් නියමු ව්‍යාපෘතිය එතනින් එහාට නොගියේ කාගේ වරදින්ද? මේ වන විට එය මෙගා වොට් 3 සිට 30ක් දක්වා වත් ව්‍යාප්ත කල හැකිව තිබුණි. එසේ නොකළේ කාගේ උවමනාවටද? බලධාරීන්ගේ සාක්කු පුරවාගැනීමට නොවේද? විදුලි බල ඇමති ඇතුළු රාජ්‍ය නායකයින් මර නින්දේද? වැඩක් නෑ මේවා ගැන කතා කරලා...

:       0       252

NissankaTuesday, 02 April 2019 08:21 AM

ඇමතිවරු කීදෙනෙක් ආවා ගියාද? ඒ නිසා මේකට දේශපාලකයින්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. මේවට වග කියන්න ඕන පෞද්ගලික බලාගාර වලින් ජරාව කන දුෂිත අමාත්‍යංශ නිලධාරින්. අවරුදු 30 ට මේ වගේ 10 ක් හදලා තිබුනානම් අද විදුලි කප්පාදුවක් නැහැ.

:       0       162

Amila Tuesday, 02 April 2019 06:10 AM

අමන දේශපාලුවොයි නිලධාරීන්ගෙයි වැඩ තමා. මේ වගේ මිනිස්සු එක්ක රට ආපස්සට යන එක අහන්නත් දෙයක්ද?

:       0       48

dilhara sampath Tuesday, 02 April 2019 06:17 AM

මෝඩ දෙසපළුවන්, වරයා බදු දෙන කොට අඩු ගානේ මේක ගිවිසුමෙන් බැහැර කරන්න තිබුනනේ.

:       0       122

indika Tuesday, 02 April 2019 06:17 AM

ඕකේ බද්ද වැඩි නෙවේ, කොමිස් එක මදි වෙන්න ඇති. බද්ද වැඩි උනත් කරන්න පුළුවන් එතනනම් ඒක කරන්න එපැයි.

:       0       52

vipula Tuesday, 02 April 2019 07:08 AM

නොමනා දේශපාලකයන් පත්කරන්නේ රටේ ජනතාව මිසක් වෙන කවුරුන්ද? රටේ මිනිසුන්ගේ ගති පැවතුම් දේශපාලකයන් කෙරෙහිද බලපා ඇත..... හැමදාම දේශපාලකයන්ට බැන්නට වැඩක් නැත. හරි හැටි දැනුමක් තියෙන අය පමණක් සේවයට යැවීම ජනතාවගේ යුතුකමකි.....

:       0       10

missaka Tuesday, 02 April 2019 07:15 AM

සූර්ය බලය තමා හොදම විකල්පය අපේ රටට. සාමාන්‍ය ජනතාව අතරේ මෙය ප්‍රචලිත කිරීමට රජය උනන්දු උනානම්, මෙපමණ ප්‍රශ්නෙකට අපේ රට මුහුණ දෙන්නේ නැහැ.

:       0       64

dassua Tuesday, 02 April 2019 07:20 AM

තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුවුණේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදුවීම නිසා. මොන රටේද අප්පා අපි ඉන්නේ ??

:       0       34

janis Tuesday, 02 April 2019 07:37 AM

ආණ්ඩුවේ ඉන්න එකම මෝඩ ඇමතිවරයෙකුට වත් මතක් වුනේ නැද්ද කොයි මොහොතක හරි විදුලි බලාගාරය අක්‍රිය වුනොත් ඊට විකල්පයක් වශයෙන් අඩුගණනේ මොකද ගන්න තීරණය කියල ,ජනාධිපති ඇතුළු සියලු දෙනා මිට වඩා ඔලුව පාවිච්චි කරන්න ඕන .

:       0       4

BamunuarachchiTuesday, 02 April 2019 03:39 PM

පාවිච්චි කොරන්න ඔලු තිබෙන්න ඕනේ නේද?

:       0       0

susantha Tuesday, 02 April 2019 07:46 AM

රටේ සම්පත් විකුණලා ඒ මදිවට බදුත් ගහනවා...

:       2       60

Rohitha Tuesday, 02 April 2019 08:04 AM

මෙම ව්‍යාපෘතිය ඇරභුවේ 1999. ඉතින් කොහොමද 30 අවුරුද්දක් වෙන්නේ?

:       1       23

Perakum Tuesday, 02 April 2019 08:27 AM

එහෙම කොහොමද? එතකොට කොහොමද අපේ කට්ටියගේ සාක්කු පිරෙන්නේ?

:       1       0

jana Tuesday, 02 April 2019 08:37 AM

අපේ රටේ සවිකරන්න චීනෙට බදු ගෙවන්න ,කාට කියන්නද මේ අවනඩු ?

:       1       4

Alan Tuesday, 02 April 2019 09:15 AM

එංගලන්තයේ තියෙන සුලන් කුළුණු 175 කින් මෙගාවොට් 630ක් ගන්නවා , අපේ අය තාම ඉබි ගමනේ

:       0       59

ajith Tuesday, 02 April 2019 09:57 AM

ඒක චීනෙට දෙන කොට මේවට මොනවද වෙන්නේ කියල බැලුවේ නැත්තේ මොකද?

:       0       0

smith Tuesday, 02 April 2019 12:27 PM

පෙත්ත හුළගේ ගිහිල්ලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 57 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 251 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 348 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 328 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1596 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 652 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site