IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොටදී පහර කෑ තරුණයා මාතර රෝහලේ

(ඉන්දිකා රාමනායක සහ දිලිප් ජයසේකර)

හම්බන්තොට විරෝධතාවයේදී හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගේ පහර කෑමට ලක් වු තරුණයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාතර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව  බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

පහර කෑමෙන්  කනට සිදු  තුවාල හේතුවෙන් එම තරුණයා මුලින්ම තංගල්ල රෝහලට ඇතුළත් කර  තිබු අතර අද  (8) ඔහු මාතර රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සදහා මාරු කළ බව තුෂාර උපුල්දෙණිය මහතා කීය.

රිමාන්ඞ් බාරයට පත් කර සිටින මෙම තරුණයා බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ මාතර රෝහලේ වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින  බවද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (24)

හම්බන්තොටදී පහර කෑ තරුණයා මාතර රෝහලේ

Tharaka Sunday, 08 October 2017 10:27 AM

ඉක්මණින්ම මෙවැනි දූෂිත නිලධාරීන්ට දඬුවම් කර රජයේත්, පොලිසියේත්, නිතියේත් ගෞරවය රැකගන්න.

:       303       324

maheeSunday, 08 October 2017 09:04 PM

ඔව් ඔව් මෙවැනි දුෂිත නිලධාරීන්ට දඬුවම් කර, අධිකරණය හෝ නීතිය තුට්ටුවකට මායිම් නොකරන, බංකොලොත් දේශපාලුවන්ට කඩේ යාම සඳහා තානාපති කාර්යාල වටලන කඩාකප්පල්කාරයින්ගේ ගෞරවය රැකදෙන්න.

:       267       257

SHAN SAUDI Sunday, 08 October 2017 11:51 AM

රතුපස්වල වතුර ඉල්ලුව ජනතාවට වෙඩිතියලා මරන්න හොඳා... වරදක් කළාම කනට ගහන්න බැහැ. මේක මේ අයගේ අම්මල හදපු නීතියක්ද? අධිකරණ නියෝග කඩ කරලා කළ උද්ඝෝෂණයට ඇවිත් කල විනාසෙට වෙඩි තියන්න දාන්න තිබුනේ. සේරටම අක්කර දහස් ගණන් පිටරටවලට වසර 99 බදු දෙනකොට, විකුණනකොට මේ අය කොහේද දන්න නැහැ උන්නේ?

:       459       981

buddikaSunday, 08 October 2017 02:54 PM

පොලිසියේ අයට කනට ගහන්න පුළුවන් කියලා නීතියේ කොතනද දන්නේ නැහැ තියෙන්නේ නේද? පහර කාපු පුද්ගලයා රෝහල්ගතව නම් ඉන්නේ පහර දුන් කෙනාට ඇප දෙන්නත් බැහැ.... එහෙමයි නීතිය එ්ත් කටඋත්තරයක් වත් අරන් නැහැ තාම.. සමාජය හඬක් නැගිය යුතුයි මීට වඩා....

:       304       350

shan saudi Monday, 09 October 2017 04:33 AM

බුද්ධික එතකොට ජලය ඉල්ලලා උද්ඝෝෂණය කලාම වෙඩි තියල මරන්න කියල නීති පොතේ තියනවද? ක්‍රීඩාවේ දක්ෂ වුණා කියලා මරල පුච්චන්න කියල නීති පොතේ තියනවද?

:       57       173

RANDIKA Sunday, 08 October 2017 12:15 PM

අපි දැක්කා ඒ ගහපු පාර රෝහලකට යන්න දෙයක් එතන නෑ.. බොරු නැතිව ගෙදර යන්න හලෝ ...!!

:       2325       269

dahamSunday, 08 October 2017 02:41 PM

ඔහේ කොහෙන්ද විශේෂඥ විද්‍යා උපාධිය ගත්තේ?

:       146       239

janatha anura Monday, 09 October 2017 04:28 AM

සිරිකොතෙන් අනේ, ගිනි තියාගන්න පෙට්‍රලුත් දෙනවා එහේ

:       2       18

ShanakaMonday, 09 October 2017 05:25 AM

එයත් ලංකාවේ බොරු රූකඩ චන්ඩියෙක්ද?

:       0       4

සෙනෙවි Sunday, 08 October 2017 12:32 PM

ගහපු කෙනා එලියේ... ගුටි කාපු කෙනා ඇතුලේ. මේක මාර සමාජවාදයක් ඕයි !!!

:       2       403

C.K.Lankaputhra Sunday, 08 October 2017 02:01 PM

ගුටි කාපු නිසා නොවෙයි හලෝ රිමාන්ඩ් වුණේ.... උසාවි නියෝගය උල්ලංඝණය කළ නිසා. ඇත්ත නැත්ත කරන්න හදන්න එපා. ගහපු එක වැරැදියි. වෙනස ඉස්සර වගේ වෙඩි තිබ්බේ නැහැනේ..

:       336       289

miasab Sunday, 08 October 2017 02:23 PM

උසාවි නියෝග කඩ කල නිසා තමයි ගුටි කාපු කෙනා ඇතුළට ගියේ...

:       256       149

daham Sunday, 08 October 2017 02:42 PM

හරි නම් මේ වනවිට ඒ පොලිස් නිලධාරියා ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ...

:       75       184

Chanak Los angelesSunday, 08 October 2017 07:37 PM

2015 ජනවාරි 08 වෙනිදාට පෙර කාලයට පොඩ්ඩක් ඔලුව දාල බලන්න ඒකාලේ කී දෙනෙක්ව හිරේ දැම්මද කියා ? ඔබට මතකද සහාසික දුෂණ අපරාධය කල තංගල්ලේ ප්‍රාදේශීය සභාපතිව අත් අඩංගුවට ගන්නත් ජනතාව මොනතරම් සටනක් කලාද කියා .. කඩේ යනවා කියල ඔහොම කඩේ යන්න එපා ..

:       287       526

MOHANMonday, 09 October 2017 05:02 AM

හරියටම හරි, දැන් ලංකාවේ සමහරු ඉන්නේ 2015 න් පස්සේ ඉපදුන නොදරුවෝ වගේ. කඩේ යනවා කියලා ඔහොම කඩේ යන්න එපා.

:       0       2

යසිත්Monday, 09 October 2017 08:01 AM

වැරද්දක් කරාම කනට දෙකක් දීලා කූඩුවට දාන්න බැරි පොලිස් ඇඳුමෙන් වැඩක් නැ. ඒ අයට ඕනෙකම තිබ්බේ ගුටි කන්න තමා.

:       22       4

wishwa Sunday, 08 October 2017 05:30 PM

තුෂාර දළුවත්ත කියන පොලිස් කාරයට අනේ කරුණාකරලා පොලිස්පති තනතුර දෙන්නකෝ.............

:       1       139

Jayantha Sunday, 08 October 2017 05:57 PM

ඒ ගහපු පරවලවලට ඉස්පිරිතාලෙ යන්න දෙයක් නැහැ,අද සමහර මිනිස්සු පොලිස්සියේ නිලදාරීන්ගේ රාජකාරියට බාධා ක‍රන හැටි දැක්කහම වෙලාවකට හිතෙනව අර ඒ දවස්වල පොලිසිය අයට තලපු කාලේ ආයේ එන්න ඕනේ කියල.

:       1       44

Chanak Los angeles Sunday, 08 October 2017 07:26 PM

රටේ හොරාකාපු හොරුන් විසින් මිනිසුන්ව මෝඩයන්ට අන්දවා උසාවි නියෝගයන් පවා උල්ලංගනය කරවමින් ඔවුන්ව කරදර වල පටලවා එමගින් හොරුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට කරනා නීච ක්‍රියාවන් මේ .පොලිස් නිලධාරියෙකුට කලහයකදී දෙන ලද නියෝගයන්ට අවනත නොවීමෙදී ආයුධ හින්සනයකින් තොරව ඔවුන්ව ශාරීරිකව මෙල්ල කරගැනීමට මුක්තිය හිමියි ...

:       203       54

විදුර පතිරාජ ලොස් ඇන්ජලීස්Monday, 09 October 2017 02:35 AM

ඔයාගේ ප්‍රතිචාර ඉතිහාසයට සාක්ෂියක්......

:       0       0

ranjith Sunday, 08 October 2017 11:43 PM

දේසපාලඥයින්ගෙ කුණු කොන්තරක් කරන්න යන උන්ට වෙන වැඩ

:       101       74

pitigala Monday, 09 October 2017 04:12 AM

මම නම් හිතන්නේ ඔය රෝහල් ගතවීම පිටුපස ඉන්න දොස්තරලා ගැන ටිකක් හොයල බලන්න. අර බන්ධනාගාර රෝහලේ හිටපු ජාතියේ දොස්තරලද දන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ කඩේ යන දොස්තරලා ගොඩක් හැමතැනම ඉන්නවා, ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න ඒ ගොල්ල ඕනෑම දෙයක් කරනවා.

:       102       95

Padmini Monday, 09 October 2017 07:18 AM

හොර ලෙඩ අරන් හොර දොස්තරලගෙන් සහතික අරන් අර වැලිකඩ හෝටලේ ඉන්න අය ගැනත් ඔය කනේ පාර සැරට වැදුණු ඇත්තෝ හොයල බලනවද? .දුෂිත ක්‍රමයේ හෙවනැලි රට හැමතැනම.අපි කුඩා කාළේ නම් ඔය පොලිස් රාළහාමිලා අතේ තඩි බටන් පොල්ලකුත් තිබුණා.

:       0       0

සෙනෙවි Tuesday, 10 October 2017 11:51 AM

පොලිස් කාරයෙක් මිනිහෙක්ගෙ කණ පලපු එක සාධාරණීය කිරීමට වලිකමින් මෙහි අදහස් දාපු අයගෙ හෝ ඔවුන්ගෙ දරුවන්ගෙ කණ් පැලීමටත් මේ අතම එසවෙන දාට කතා කරන්න එකෙක් වත් ඉතුරු වෙන එකක් නෑ.

:       0       104

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 147 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1444 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 177 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 543 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 930 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 282 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site