IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ හමුදා කර්නල්වරයා ඉදිරියේ හඩා වැටීම කොටි සංවිධානයට කළ ද්‍රෝහි කමක්‘ - එම්.කේ.සිවාජිලිංගම්

  (රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය.


මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුයේ 


‘තමන්ට අණ දුන් පාලකයෙකු වෙන්වන අවස්ථාවේදී අපේ ගම් වල මිනිස්සු හැසිරෙන ආකාරය මේ වගේ තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හිටපු කොටි සාමාජිකයින් මේ විදිහට හැසිරුණු එක වැරදියි . මොකද අවුරුදු ගාණක් මේ රටේ දෙමළ ඊළම ඉල්ලා මිය ගිය කොටි සාමාජිකයින් සිදු කළ ද්‍රෝහිකමක් කියලයි මම හිතන්නේ.


 ස්ථාන මාරුවීම ලබා ගිය කර්නල්වරයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඒ කර්නල් වරයාට එලෙස සැළකීම තුලින් අනෙක් පැත්තෙන් උතුරේ යුද හමුදාව කඳවුරු තුළ තවදුරටත් රැඳි සිටිය යුතුයි කියන මතය මිනිස්සුන්ගේ ඔලු වලට යනවා මෙම සිදුවීම නිසා. ‘



අදහස් (18)

‘ හමුදා කර්නල්වරයා ඉදිරියේ හඩා වැටීම කොටි සංවිධානයට කළ ද්‍රෝහි කමක්‘ - එම්.කේ.සිවාජිලිංගම්

ලුම්බිණි Tuesday, 12 June 2018 06:29 AM

කිසියම් දෙයක නරක පැත්ත නොව හොඳ පැත්ත අගය කිරීමට පුරුදු වෙන්න.

:       0       265

Rohan Tuesday, 12 June 2018 06:30 AM

මුගේ දත් ගලවන්න කවුරුත් නෙහෙනේ අම්මප

:       1       502

prakaash Tuesday, 12 June 2018 06:45 AM

දේශපාලකයෝ තමයි සංහිඳියාව නැති කරන්නේ. අහිංසක ජනතාව කල යුත්තේ රට ගැන නොසිතන අය දේශපාලනයෙන් ඈත්කර තැබීමයි...

:       0       261

piyal Tuesday, 12 June 2018 06:49 AM

සිවාජිලිංගම් මහතාණෙනි, ඔබතුමාගේ බුද්ධිය කොහෙද තියෙන්නේ ?ඒගොල්ලෝ හිටපු කොටි සාමාජිකයෝ වුණාට දැන් පුනරුත්තාපනයවූ පිරිසක්. දැන් සාමාන්‍ය ජනතාවට සාමාන්‍යයි....... තවද එකෙන්ම පේනවා එම කර්නල් වරයා ඔවුන් කොච්චර දුරට පුනරුත්තාපනය කරලා තියෙනවද කියල එහෙම හැගීම් බර වෙන්න. ඔබතුමාලට ඕන ඒ නොමග ගිය අහිංසක පිරිසට තවත් ජාතිවාදය වපුරලා වලපල්ලට දාන්නද? ඔබතුමන්ලවගේ ජාතිවාදය අවුස්සන පිරිසෙන් මේ අහිංසක ජනතාව බේරාගැනීමට තව තවත් හැකිවෙනු දැකීම මගේ ප්‍රාර්ථනයයි.....

:       0       371

BamunuarachchiTuesday, 12 June 2018 06:43 PM

මහතාණෙනි, අන්න එ්කට අපිට ඇඬෙනවා හලෝ...

:       0       0

sumith Tuesday, 12 June 2018 06:52 AM

අනේ රොහාන් දුටු ගැමුණුල වෙනුවට දැන් ඉන්නේ බස් ගමුණුලානේ.

:       127       207

Raveendra Tuesday, 12 June 2018 06:52 AM

යහපත් දෙය අගය කිරීමට අකමැති මෙවන් අය රටකට අවාසනාවකි. කවුරු කලත් හොද දේ අපි සියල්ලෝම අගය කිරීම මනුෂ්‍ය ගතියකි. එය "අගයනොකිරිම අමනුස්ස "ගතියක් බව මෙය කදිම නිදසුනකි.

:       0       137

එර්දි Tuesday, 12 June 2018 07:34 AM

රටක මිනිස්සු සහාජීවනයෙන් සහායෝගයයෙන් ඉන්න එක කොච්චර වටිනවද..........ඒ හමුදාවෙ මහත්මයගෙ නිහතමානීකමට ඒ මිනිස්සු හඩන්න ඇති................

:       0       144

udaya Tuesday, 12 June 2018 07:44 AM

දැන් සතියකට කලින් හෘදයාබාදයක් තිබ්බේ මෙයාට නේද.

:       0       104

KANDEPOLA Tuesday, 12 June 2018 07:57 AM

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තව දුරටත් බලාත්මක කල යුතු බවට මෙයා හොඳ නිදසුනක්. නැත්නම් මේ වගේ අය නැවතත් මේ රට විනාස කරනවා.

:       1       117

kithsiri Tuesday, 12 June 2018 08:01 AM

වහාම පුනරුත්තාපනය කරන්න අවශ්‍යයි වගේ.

:       1       84

upasena Tuesday, 12 June 2018 08:06 AM

මේ ගොල්ලන්ගේ ජාතිවාදී හොද්ද බොර වෙන්නේ නැහැනේ මෙහෙම වුනාම. ඒකයි.

:       0       80

Hafeel Tuesday, 12 June 2018 08:46 AM

මෙයා වගේ පට්ට ජාතිවාදියක් මමනං දැකලම නැහැ . උතුරේ නියෝජන කල කිසිම දේශපාලකයෙක් උතුරේ ජනතාව මෙහෙම සමීප වෙලා නෑ. ඉරිසියාව තමයි මේ ඇති වෙලා තියන්නේ.

:       0       110

sena Tuesday, 12 June 2018 10:23 AM

මෙයාලා බඩ වඩාගන්න ජාතිවාදය අවුස්සනවා - සිංහල දෙමල දෙපැත්තේම අහිංසක කොල්ලෝ කෙල්ලෝ මැරෙනවා.

:       0       25

ravin Tuesday, 12 June 2018 10:37 AM

කෙලෙහිගුණ සැලකීම පැරණි ආසියාතික සංස්කෘතිවල තිබුණු විශේෂ ලක්ෂණයක්. ආයුධයෙන් කරන්න හදන දේ මේ මහත්මයා කරනුයේ තමන්ගේ හැකියාවෙනුයි, උත්සහයෙනුයි. මහජනයා දේශපාලකයන්ට හරි පාඩම් කියාදෙන කාලය වැඩි ඇතක නොවේ.

:       0       23

Bamunuarachchi Tuesday, 12 June 2018 06:37 PM

සිවාජි මැරුණු කොටි ජීවතුන් අතර සිටියානම් ඒ අයත් අඬනවා. ඒත් ඔබලා මැරුණත් අඬන්නේ නැහැ කියලා මට ෂුවර්.

:       0       2

MAAR Fernando Wednesday, 13 June 2018 01:18 AM

එවැනි හමුදා නිලධාරීන් යටතේ තව ටික කාලයක් ඒ ජනතාව සිටිය යුතුය.

:       0       1

ෆාරුක් Wednesday, 13 June 2018 05:53 AM

කොටි සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් කියලා, මෙයාල තවම පිළිගන්නේ නැති එකයි දුක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1986 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1021 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 791 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 375 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 642 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 582 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site