IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හමුදාවේ 176ක්: පොලිසියේ 428ක්: ගිංතොට රැකවල් කරති

(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

ගිංතොට ඇතිවූ කලබලකාරී තත්ත්වය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවත් තවදුරටත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය සමග සාකච්ඡා කර එකඟතාවයට එළැඹී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසයි.

 අද සවස් වන විටත් යුද හමුදා (74) සහ නාවික හමුදා (102) සෙබළු 176 දෙනෙක්ද, ගිංතොට පොලිස් ස්ථානයට බාහිරින් අනුයුක්ත කරන ලද පොලිස් නිලධාරින් 428 දෙනෙකුද ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබිණ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (18) සවස පැවති සාකච්ඡාව සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංසකරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගී වී සිටියහ.

පසුගිය 12දා තරුණයකු විසින් පැදවූ යතුරුපැදියක මවක සහ දරුවන් දෙදෙනකු ගැටීමෙන් පසු එම ස්ථානයේ වූ බහින්බස් වීමක් සිදුව තිබිණි. ඉන් දින දෙකකට පසු 14දා පාපන්දු ක්‍රීඩාවේ යෙදී පැමිණෙමින් සිටි තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මේ කලබලකාරී තත්ත්වයට හේතුවී තිබිණි. එසේ වුව ද මේ සිද්ධීන්වලට ආදාල පුද්ගලයන් කිසිවෙකු ගැටුමට සම්බන්ධ වී නැතැයි ද ඔවුන් මේ ප්‍රශ්නය විසඳීම සඳහා මැදහත් වීම සඳහා සමගියෙන් සාකච්ඡා කිරීමට පවා සූදානම්ව සිටින බව ද පොලිසිය පවසයි.

ගිංතොට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ලයන් 22ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ. ගැටුම් අතර තුවාල ලැබූ පස් දෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා අතර හානි වූ නිවාස සංඛ්‍යාව 66කි. ගිංතොට වෙළෙඳ සැල් 26ට ද හානි සිදුව ඇති අතර මුස්ලිම් දේවස්ථාන දෙකකට ද හානි සිදුව ඇත. නිවාසවල නවතා තිබූ හා මාර්ගය අයිනේ තිබූ වාහන 10 ට ද හානි සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම ගැටුම් තවදුරටත් සිදුවීම වළක්වාගැනීම සඳහා ආගමික නායකයන් හා ආරක්ෂක හමුදා සමග ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රැස්වීම් දෙකක් පැවති අතර අදත් එවන් රැස්වීමක් පැවැත්විණි.

''අපි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික නායකයන් සහ ප්‍රදේශයේ නියෝජිත පිරිස් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එහි දී දෙපාර්ශවයම එකඟ වුණා මේ තත්ත්වය දුරදිග නොගොස් හැකි ඉක්මණින් පාලනය කිරීමට. බෞද්ධ පිරිස් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා හා දායක සභාවේ පුද්ගලයන් එක්වී පාලනය කරගැනීමටත්, මුස්ලිම් බැතිමතුන් පල්ලියේ ආගමික නායකන් විසින් පාලනය කිරීමටත් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය ම තම තමන්ගේ විහාරස්ථාන හා පල්ලිවල ඇති ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන ජනතාවට දැනුම්දෙන්නත් එකඟ වුණා. එහි දී විශේෂයෙන් ම වැදගත්ම දෙයක් වන්නේ මේ සුළු සිද්ධියක් මූළික කරගෙන ඇතිවූ මේ ප්‍රශ්නය පිටතින් පැමිණෙන පුද්ගලයන් විසින් දිගින් දිගටම පවත්වාගෙන යාම. සිද්ධියට හේතුවූ අය මේ තත්ත්වයට කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් වෙනත් පුද්ගලයන් හා ගමේ පදිංචිවත් නැති පිටස්තර පුද්ගලයන් පැමිණ මේ ප්‍රශ්නය දුරදිග ගෙන යාමට උත්සාහ ගන්නවා. ඒ වගේ ම ජාතිවාදී අදහස් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය කිරීමත් මෙවැනි තත්ත්වයක් මුතුවීමට එක් හේතුවක් වෙනවා. අපි මේ තත්ත්වය සමථයකට පත්කරගත යතුයි." යැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ කීවේය.

''අපි ගිංතොට ප්‍රදේශයෙ ආරක්ෂක තත්ත්වය අධීක්ෂණය කරන්න එහි සංචාරය කළා. මේක දේශපාලන ගමනක් නොවෙයි. ආරක්ෂාව නිසි පරිදි තියෙනවා ද  කියා බැලුවා. ප්‍රදේශයේ ජනතාව බියකින් ඉන්නේ. මේක සිංහල අයත් බියෙන් ඉන්නවා. මුස්ලිම් අයත් බියකින් ඉන්නවා. ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ඉන්න අවස්ථාව සළසා දෙන්න රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. පුංචි රිය අනතුරක් නිසා ඉතා සාමකාමීව සිටි ගමක් බේද වෙලා. මේක යථා තත්ත්වයට ගැනීම තමයි අවශ්‍ය වන්නේ. හමුදාව, නාවික හමුදාව හා විශේෂ කාර්ය බළකාය මෙන් ම කැරළි මර්ධන ඒකකය මේ ගම්මානවල ස්ථානගත කරලා ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඊයේ දවසේ දී විශේෂ කාර්ය බළකාය ප්‍රමාණය අඩු කළා. ඒක කළේ තත්ත්වය සමථයකට පත්වූ නිසා මේ අඩුකිරීමත් සමග ආරක්ෂක තත්ත්වය නරක පැත්තට හැරෙන්න පටන්ගත්තා. අපි හිතුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් එනවා කියා. එතැන දී අඩුපාඩුවක් වුණා. ඒ නිසා ගම සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්වන තුරු අපි මේ ආරක්ෂාව යොදන්න කටයුතු කරනවා. අද දෙවැනි වතාවටත් පොලිස් ඇදිරිනීතිය යොදන්න සිදුවුණා. සිංහල හෝ මුස්ලිම් හෝ වේවා කිසිම සැකයක් තියාගන්න එපා. අපේ ප්‍රමුඛ අවශ්‍යතාව මේ ජනතාව ආරක්ෂා කිරීම ඒ සඳහා අපි උපරිම කටයුතු කරනවා. "

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

''සියලුම ජාතීන්ට අයත් ජනතාව සමගිව එකමුතුව යළිත් ඒ ප්‍රදේශවල ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය උදාකරගන්න කියා ඉල්ලා සිටිනවා. ආරක්ෂක අංශවලටත් අපි විශේෂ ස්තූතිය පිරිනමනවා. රජය වෙනුවෙන් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කරන්න ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ජනතාව මේ ප්‍රදේශවල තිබූ එකමුතුව යළි ඇතිකරගෙන ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කරගන්න කියා යළිත් මා ඉල්ලා සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  ඊයේ (18) පැවැති රැස්වීමට බොදුබල සේනාව නියෝජනය කරමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ද පැමිණ සිටියහ.

එහි දී අදහස් දක්වමින් ඥාණසාර හිමියන් කියා සිටියේ ගිංතොට ප්‍රදේශයේ ඇතිවූයේ ඉතාමත් සුළු සිද්ධියක් බවයි. ගලගොඩඅත්තේ හිමියෝ වැඩිදුරටත් මෙසේ ද කීහ.

''අපි කවුරුත් මේ මොහොතේ වෑයම් කළ යුතුයි මේ ගිනි පුපුර ගිනි ජාලාවක් බවට පත්කර නොගෙන එය අවසන් කරන්න. කාටත් පිළිගතහැකි විසඳුමකට යන්න. මෙය ගමක මේ පොඩි පිරිසක් අතර ඇති වූ පුංචි සිද්ධියක්. නමුත් එළිවෙනකම් නින්ද නැත්තේ අපිට. මොක ද අද ආරක්ෂක අංශ අතේ තියෙන ආයුධවලට වඩා ප්‍රබල ආයුධය වෙලා තියෙන්නේ දුරකථනය. මේ අන්තර්ජාලය හරහා එන වැරදි තොරතුරු නිසා මේ ප්‍රශ්න නිසා බැටකනවා. අපිට හංගන්න වුවමනාවක් නැහැ. එක එක්කෙනා මේ සංසිද්ධි නිර්මාණය කරනවා. කට්ටිය නිවන්න බලනවා නෙවෙයි බොරු ප්‍රචාරය කරමින් මේක අවුළුවනවා. දැන් ගිංතොට ථූපාරාමයේ සුමේධ හාමුදුරුවෝ ඉන්නවා. ඒ වගේ ම පල්ලියේ මවුලවිතුමන්ලා ඉන්නවා. මේ ප්‍රශ්නය මේ අයට කතා කරලා විසඳන්න පුළුවන්. එතකොට තැන් තැන්වල සංවිධානය වෙමින් තැන් තැන්වල රංචු ගැහෙන එක නවතීවි. ඒවා අන්තර්ජාලය දාලා ප්‍රචාරය කිරීමත් නතර වෙන්න ඕනෑ."

ගිංතොට මුස්ලිම් පල්ලියේ එම්.සවාහිම් මහතා මෙසේ කීවේය.

''අපි මේ ගමේ බොහොම සමගියෙන් හිටියා. නමුත් මේ පුංචි පිරිසකගේ වුවමනාවට සිදුවූ ඉතාමත් අවාසනාවන්ත දෙයක්. මුස්ලිම් හා බෞද්ධ දෙපාර්ශවයේ ම සුළු පිරිසක් විතරයි මේකට සම්බන්ධ වුණේ. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ගමේම විසඳලා ඉවරකරගන්න පුළුවන් දෙයක්. එක එක පළාත්වලින් වෙනත් ඇමතිවරු ආවා කියලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ අය ඇවිල්ලා යාවි. නමුත් එකට ජීවත් වෙන්න ඕනේ මේ ගමේ මිනිසුන්. මේ වගේ දෙයක් සිදුවුණේ ඉතිහාසයේ පළමුවැනි වතාවට. අදහයි හෙටයි ඇදිරිනීතිය දාලා ආරක්ෂක අංශ යොදවලා මෙය පාලනය කරලා දෙපාර්ශවය අතර ‍ පොදු ස්ථානයක සාකච්ඡාවක් කරලා විසඳාගන්න පුළුවන්. "

මොහොමද් මව්ලවිතුමා අදහස් දක්වමින් මෙසේ කීවේය.

''අපි හිතුවාට වඩා හොඳින් මේ ප්‍රශ්නය විසඳාගන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න ලැබීම ගැන සතුටුයි. දෙපාර්ශවය වගබලාගන්නවා නම් ප්‍රශ්නය ඉවර කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් කලින් නොතිබූ නිසා තමයි අපිට මෙතැන රැස්වෙන්න වුණේ. මුස්ලිම් පැත්තෙන් ආගමික නායකයන් හැටියට වගබලා ගැනීමේ වගකීම අපිට තියෙනවා. ඒත් ඇයි අපේ සමාජය දැන් හැඩගැසී තිබෙන හැටියට හොඳ අය කියන දේ අහන අය ඉන්නවා වගේ ම පැනලා යන අයත් ඉන්නවා. මේ තත්ත්වය දැන් හැමතැනම තියෙනවා. අපේ පැත්තෙන් වගේම ඒ පැත්තෙනුත් වෙනවා. අපි පුළුවන්  තරම් උත්සාහයක් දරමු මේක ඉක්මණින් යතා තත්ත්වයට පත්කරගන්න. ගාල්ලේ අපේ ජනතාව සිංහල, මුස්ලිම්, දෙමළ කිසිම බේදයක් නැතිව එකට කාබී ජීවත් වුණා. මේ ජාතිවාදී අදහස් ඒ අයට කවදාවත් තිබුණේ නැහැ. සුළු පිරිසක් මේවා කරනවා. අපි එකතුවෙලා මේ ගැටළුව ඉක්මණින් විසඳාගත යුතුයි''

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානානයක්කාර මහතා මෙසේ කීවේය.

“අපි මේ ප්‍රදේශවල සංචාරය කළාට පසු තත්ත්වය සුබදායී නොවන බව පෙනී ගියා. හැමතැනම රංචු ගැසීම් වෙනවා. දෙපාර්ශවයම දෙපාර්ශවය බයෙන් ඉන්නවා. සිංහල අය හිතනවා බේරුවලින් අලුත්ගමින් ඇවිත් ගහවි කියලා මුස්ලිම් අය හිතනවා රත්ගමින් බූස්සෙන් ඇවිත් ගහවි කියලා. මේක නොවෙන්න වගබලාගන්න අවශ්‍යයි. පූජකයන්ගෙන් හාමුදුරුවුරුන්ගේන ඉල්ලමු අයුතු ජනරාශියක් නොකරන්න වගබලාගන්න කියලා. අපි හැමෝම මේ වෙලාවේ දේශපාලන පක්ෂ පාට බේද නැතිව, ජාති ආගම් බේද නැතිව එකමුතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න මහන්සි වෙමු.''

දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින් හේවගේ මහතා මෙසේ කීවේය.

“අපේ බලාපොරොත්තුව වෙන්න ඕන මේක මෙතැනින් නවත්තන්නයි. ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කවුද පටන්ගත්තේ කියලා හොයාගෙන හොයාගෙන ගියොත් ඒක නවත්තන්න බැහැ. මේ ප්‍රමාණයෙන් මේක නිවාගන්න අවශ්‍යයි. පිටස්තර පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මෙතැනට එනවා. ගම්දෙකේ මිනිසුන් හැමදාම එකට ජීවත් වුණා. ඒ අය දිගටම එතැන ඉන්න ඕන. අවුළුවන්න විශාල පිරිසක් එනවා. වහාම මෙය නවත්තන්න. රංචු ගැසීම. මේක පෙට්‍රල් වක්කරනවා. 19ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොඩක් අය සිංහල අය මුස්ලිම් අය ඇල්ලුවේ නැහැ කියලා. අපේ ඉල්ලීම තියෙන්නේ මේ අය පුළුවන්නම් නිදහස් කරලා. මෙයින් පසු නීති කැඩුවොත් කිසිදු සමාවක් දෙන්නේ නැහැ කියන්න. නොදැන හෝ දැනුම්වත්ව වෙන්න පුළුවන්. අපිත් විශ්වාස කරනවා ඇඳිරිනීතිය පැනවීම වැදගත් වේවි. එස්.ටී.එෆ්. කෙරේ විශ්වාසය පොලිසියේ කෙරේ තිබූ විශ්වාසය බිඳ වැටිලා. හමුදාව මෙතැනට යෙදෙව්වොත් හොඳයි. ගිංතොට අවිළුණු මේ දේ ගිංතොට දී ම නිවාගෙන පිටින් මැදහත් වීම අඩු කරලා ආරක්ෂක අංශමගින් විතරක් විසඳමු.''

ගිංතොට ථූපාරමා විහාරවාසී අම්බලන්ගොඩ සුමේධ හිමියෝ මෙසේ කීහ.

''සිංහල මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්නයක් නැහැ. එක එක රැස්වෙන අය නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. අපිට පුළුවන් අපේ සිංහල අය ගැටුම් තත්ත්වයකට නොයා පාලනය කරගන්න. ඒ වගේ ම මුස්ලිම් පල්ලියෙන් ඒ අය පාලනය කරගන්නවානම් මේ ප්‍රශ්නය මතුවෙන්නේ නැහැ. මෙය සාකච්ඡා කරලා විසඳාගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කළා වගේ සියළුම ආගමික නායකයන් එකතුවෙලා ප්‍රකාශයක් හදලා බෙදමු. ඒ වගේ ම ආගමික ස්ථානවලින් අපේ ජනතාව දැනුම්වත් කරමු. එවිට මේ ප්‍රශ්නය සමථයකට පත්කරගන්න පුළුවන් වේවි."

 



අදහස් (8)

හමුදාවේ 176ක්: පොලිසියේ 428ක්: ගිංතොට රැකවල් කරති

erdi Sunday, 19 November 2017 12:51 PM

ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවො හිත යටින් මේවා වර්ධනය වෙනවා දකින්න කැමතියි වගේ. මීට කලින් අලුත්ගම වෙච්ච සිද්ධියෙත් ජාතිවාදී ගින්නට පැට්‍රල් දාපු කෙනෙක්. රටේ නායකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ ගෝත්‍රික ගැටුම් ඇතිවෙන්නෙ නෑ. සමහර පැරදිච්ච පාලකයොත් ඒ අයගේ පැවැත්ම සඳහා මේවා වර්ධනය කරමින් සිටියි.

:       12888       1320

GihanSunday, 19 November 2017 01:27 PM

අනිත් කෙනාට ගහලා අන්තිමේ සුදනා වෙන අය අපේ පන්ති වල හිටියා පොඩි කාලේ. මුස්ලිම් අයත් ඒ වගේ. මධ්‍යවල යන්නේ සිංහලයෝ අහිංසක මුස්ලිම්වරුන්ට ගැහුවා කියලා. ඇත්ත දැන ගන්න ගිංන්තොට කෙනෙක්ට කතා කරලා බලන්න.

:       5       4350

erdiSunday, 19 November 2017 02:30 PM

ගිහාන් මහත්මා, මා කිසි තැනක සඳහන් කර නෑ සිංහල අය මුස්ලිම් අයට ගහන කතාවක්. සමහර අපේම අය මේ වගේ සිදුවීම්වලින් කාලකන්නි සතුටක් ලබන අතර මේවා අවුලවන්න උඩගෙඩි දෙන බවයි පේන්නේ. (විල්පත්තුව සහ වත්මන් යාපනයේ උද්දච්ඡ දේශපාලකයින් හන්දයි... ඔය වර්ග දෙකම මට පේන්න බැහැ)

:       1185       173

warnanSunday, 19 November 2017 02:41 PM

හා හා කලබල වෙන්න එපා කට්ටිය එකතු වෙලා මේ අතීසාරයට ලස්සනට අමුඩේ ගහලා තියෙන්නේ...

:       25       9

SAHANSunday, 19 November 2017 04:23 PM

ගිහාන් වගේ අය නිසා තමයි මේ වගේ තත්ත්ව ඇතිවෙන්නේ ,අවුරුදු තිහක යුද්දයක අපි පැටලුනේ.

:       4       1

GihanSunday, 19 November 2017 09:28 PM

එර්දි දන්නා දෙයක් කතා කරනවා නම් තමා හොද. ගලගොඩඅත්තේ හාමුදුරුවෝ නොගිය නම් හමුදාවටවත් ඔතන පාලනය කරන්න ලැබෙන්නේ නැති බවදැන ගන්න.

:       43       9

don Sunday, 19 November 2017 01:06 PM

මරු කට්ටියක් පේන්න ඉන්නේ සංහිඳියාවට සිව්රුත් පොරවාගෙන. මේ හින්දා තමයි මේ ප්‍රශ්න වැඩි කරන්නේ. සංවිධානය වෙලා පිටින් කට්ටිය ගෙනැල්ලා ගමේ ඉන්න ජාති දෙකේම අයට ගහලා ඔවුනොවුන් අතර වෛරය ඇති කරනවා. මේක මේ අයගේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක්. හැබයි කවදා හරි මැරෙන්නේ හොඳට විඳවලා. යහපාලනයටත් මේ පාර ඇඩ්‍රස් නැති වෙනවා.

:       2591       394

sitizan Monday, 20 November 2017 01:16 AM

පොතක් පතක් නොකියවන ,එකම පොත හරියයි සිතන , මිනිසුන් සිටින නිතිය ගරුනොකරන ජනසමාජයක් පාලනය කිරීමට නිතිය තදින් ක්‍රියාත්මක කල යුතුය.

:       0       21

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2541 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4532 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6979 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2929 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4130 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7510 7

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site