IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිටපු දේශපාලනඥයකුට යළි අපේක්ෂකත්වය දුන්නැයි පැමිණිල්ලක්

(විනීතා එම්. ගමගේ)

මාස හතක් තුළ නීති විරෝධී මත්පැන් නඩු 16 ක පැටළුණු හිටපු ප‍්‍රාදේශිය සභා සභාපතිවරයකුට යළි අපේක්ෂකත්වය දී ඇති බැවින් එය වළක්වන්නැයි ඉල්ලමින් ගම්වැසියන් පිරිසක් මාර්තු 12 ව්‍යාපාරයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

ගම් වැසියන් පිරිසක් සමඟ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් ගමේ පොලිසියෙන් මෙම පුද්ගලයාට පවරා ඇති නඩු පිළිබඳ විස්තරයක් ද රැගෙන විත් තිබු බවත් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරුවෙකු වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

අදාල දේශපාලඥයාට පමණක් නොව ඔහුගේ බිරිඳට, දරුවන්ට පවා හොර මත්පැන් ජාවාරම් පිළිබඳ නඩු ඇති බව පොලිසියෙන් ලබාදී ඇති ලේඛනයේ සඳහන් වන බවත්, පස් ජාවාරම්, ලී ජාවාරම්  පිළිබඳවද මෙම තැනැත්තාට චෝදනා ඇති බවත් එහි සඳහන් වන්නේ යැයි ද හෙට්ටිආරච්චි මහතා කීවේය.

දූෂිත දේශපාලනඥයින්ට මෙවර අපේක්ෂකත්වය දෙන්නට එපා යැයි පුන පුනා පවසද්දී මෙම හිටපු සභාපතිවරයාට මෙවරත් අපේක්ෂකත්වය දීමට අදාල පක්ෂය කටයුතු කර ඇති බවත් එම පක්ෂයේ ආධාරකරුවන් වන තමන්ට මේ හේතුවෙන් අකමැත්තෙන් වුවද එම දුෂිත පුද්ගලයාට ඡන්දය දෙන්නට වන බැවින් එකී අපේක්ෂකත්වය වළක්වන්නැයි ඉල්ලා සිටින බවත් ඔවුහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.



අදහස් (15)

හිටපු දේශපාලනඥයකුට යළි අපේක්ෂකත්වය දුන්නැයි පැමිණිල්ලක්

saliya Friday, 08 December 2017 10:50 AM

මක් කරන්නද? ඡන්ද දායකයින් අතර මේ වගේ අය නේද හොඳටම මාර්කට්..? ඉහලින්ම දිනන අය..

:       0       363

Raveendra Friday, 08 December 2017 11:03 AM

මෙහි ඇති වරද කුමක්ද? මේ උන්දැ " දේශපාලකයෙක් " වීමේ උපරිම සුදුසුකම් සපුරා ඇති බැවින් මේ අයට එසේ බූරුවන් තේරීමේ තරගයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැත. තවද අපගේ මව්බස හොඳින් හැසිරවීමට හැකි, ලක්මවට ආදරය කරන සියලුම ලක් මවගේ දූදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අප රටේ දේශපාලඥයන් නොමැති බැවින් "දේශපාලනඥයා" යන වැදගත් වූ වචනයට නිගරු නොකරන මෙන්ද ඉල්ලා සිටිමි. දේශපාලනඥයා යනු තම උපන් මවුබිමේ දියුණුව වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් ඥනාන්විත ලෙස තීන්දු තීරණ ගන්නා "මහත්මා ගතිගුණ " ඇති සහ ලාභ ප්‍රයෝජනයන් ගැන නොසිතා "ගරු සේවයක්" කරන උතුම් වූ මනුස්සයකුටය.

:       55       3159

Raveendra Friday, 08 December 2017 11:04 AM

මගේ අදහස් එලෙසම පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       26

naradha Friday, 08 December 2017 11:34 AM

මහජනයාගේ යුතුකම මෙවැනි අයට ඡන්දය දීමෙන් වැළකී සිටීමයි. නැතිනම්, මෙවැනි අය ඉදිරිපත් වන ඡන්ද වර්ජනය කිරීමයි.

:       0       180

Lapaya Friday, 08 December 2017 01:55 PM

ඉතාමත් සුදුසුයි කෙළින්ම දියවන්නාවට යන්න ඉල්ලන එක. හොඳම සුදුසුකම් සපුරා ඇති ප්‍රවීන දේශපාලකයෙක්...

:       0       428

rocky Friday, 08 December 2017 01:56 PM

ඇත්ත වශයෙන්ම ඔහු එබඳු පුද්ගලයෙක් නම් ඔහුට නාම යෝජනා ලබා දුන් නායකයා ඊටත් වඩා ජන හතුරෙක් විය හැකිය. පක්ෂය කුමක් වුවත් ජන හතුරන්ට ඡන්දය දීමෙන් වලකින්න! ඔක්කොම හොරු වගෙයි මට නම් පෙනෙන්නේ. ඔවුන්ට ඡන්දය දීම අනාගත පරපුරට කරන හතුරුකමකි !

:       0       848

RaveendraFriday, 08 December 2017 03:14 PM

රොකී මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් පිළිබඳව අපද සතුටු වන්නෙමු. මෙහිදී පක්ෂ කිසිසේත්ම "අදාල නැත". අඩු තරමින් ඔබ කී පරිදි අප අපගේ දරුවන්ට පුරුදු පුහුණු කල යුතුය. මහත්මයාට මහත්මයා කීමටත්... බූරුවට බූරුවා කීමටත්...

:       0       232

BamunarachchiSaturday, 09 December 2017 01:31 AM

රටේ පත්වෙන දේසපාළුවන් රටේ මිනිසුන්ගේ මට්ටම පෙන්වනවා. එදිනෙදා හමුවන මිනිසුන්ගෙන් කී දෙනක් රට පාලනය කරන්නන් තෝරන්න ඡන්දයක් සුදුසුයි කියා ඔබ සිතනවාද.

:       0       0

Hafeel Friday, 08 December 2017 03:30 PM

ඒ වුණාට මෙයාට දේශපාලනය කරන්න ආවාම සුදුසුකම් තියෙනවනේ...

:       0       292

dhamneth Friday, 08 December 2017 03:47 PM

මේ පුවතත් හරියට අර මියගිය අයගේ නම නොමැතිව මරණ දැන්වීමක් පලකලා කියන පුවත වගෙයි.. මේ පුවතෙත් මේ දේශපාලකයා අඩුම වශයෙන් මොන පළාතෙන්ද කියාවත් සඳහන් කරන්න තිබුණා. පක්ෂය සඳහන් කරන්න අකමැති නම්..

:       0       141

Bamunuarachchi Saturday, 09 December 2017 01:24 AM

දේශපාලනඥයා යනු තම උපන් මවුබිමේ දියුණුව වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් ඥනාන්විත ලෙස තීන්දු තීරණ ගන්නා "මහත්මා ගතිගුණ " ඇති සහ ලාභ ප්‍රයෝජනයන් ගැන නොසිතා "ගරු සේවයක්" කරන උතුම් වූ මනුස්සයකුටය. අනේ මහත්තයෝ ඔය කියන අය දැන් මොන ලෝකෙද ඉන්නේ අපට එකෙක් ගෙන්න ගන්න. එස් ඩබ්ලිව් ආර් ඩී සහ සිරිමාවෝ බණ්ඩාරනායක කියන උත්තමයන්ගෙන් පසු මේ භූමියට ඔය කියන "දේශපාලනඥයා" කියන වැදගතා පහල වෙලා නැත.

:       0       0

maal Saturday, 09 December 2017 02:18 AM

දැනට සිටින ලේකම් වරුන්ගෙන් වැඩකරගන්නවානම් හොඳටම ඇති.

:       0       0

සන්ජේ ද silvaa Saturday, 09 December 2017 05:49 AM

මොහුට දේශපාලනය කරන්න හොඳටම සුදුසුකම් තියනවා. මොහුට කෙසේ හෝ මත්වතුර බලපත්‍රය දියයුතුයි. එතකොට තවත් හොඳට දැනට යෙදෙන වෘත්තිය කරයි. නව මත්වතුර නිෂ්පාදන සොයාගන්නත් කටයුතු කරයි. දැනට ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ වැඩිහරියක් ඉන්නේ මේ වගේ අය තමයි. ඕනෑම වෘත්තියකට අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අවශ්‍යයි. එ්ත් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට එය අනවශ්‍යයි. උගත් වැදගත් අයට ඡන්ද ගන්න වියදම් කරන්න සල්ලි නැති නිසා ඔහු දිනෙක පාර්ලිමේන්තු එනවාමයි... ඒකේ දෙකක් නෑ.

:       0       282

himal Saturday, 09 December 2017 01:54 PM

තමන් යම් පුද්ගලයෙකුට හෝ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිපත්ති වලට අකමැති නම්, පක්ෂය කුමක් වුවත් මෙවැනි ප්‍රාදේශීය ඡන්දයකදී, වෙනත් සුදුසු කෙනෙකුට ඡන්දේ දෙන එක තමයි සුදුසුම දේ. ඒ වගේම චෝදනා තිබ්බ පමණින් වැරදිකරුවෙක් වෙන්නේ නෑ.

:       0       0

Muhan Sunday, 10 December 2017 08:10 AM

අපේක්ෂකත්වය දෙන පක්ෂය කියන්න. එමගින් පක්ෂ නායකින්ට බලපැමක් වෙනවා. එවිට මේවා පාලනය වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 559 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 174 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1498 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 692 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 355 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 1011 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site