IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හිටපු ජනපති ශ්‍රිලනිප සභාපති ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අගෝස්තු 3 වැනි දා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රීලනිප මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ලබන අගෝස්තු 3 වැනි දා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (7) තීන්දු කළේය.

අදාළ පැමිණිල්ල කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අතර එහිදී එම නියෝගය නිකුත් කිරීම එදිනට කල් තැබිණි.

මීට පෙර පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්  අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙ බව  දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් , 2015 ජනවාරි 16 වැනිදා දක්වා පැවති පැමිණිලකරුවන්ගේ විධායක සභාවේ හා මධ්‍යම කාරක සභාවේ පැමිණිලිකරුවන් දැරූ තත්ත්වයේ වෙනසක් නොමැති බවට අධිකරණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.



අදහස් (19)

හිටපු ජනපති ශ්‍රිලනිප සභාපති ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අගෝස්තු 3 වැනි දා

පිටිගල මිලානෝ Friday, 07 July 2017 02:14 PM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම අාසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...සින්දුව මට මතක් වුනා.

:       5190       4127

SanjeewaSaturday, 08 July 2017 01:27 AM

පක්ෂය ආගාධයට යන අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට මහින්ද මහත්තයා වෙත පක්ෂය බාරදිය යුතුය. නැතිනම් වෙන්නේ ශ්‍රී.ල.නි.ප. අය වෙනත් පක්ෂයකට ඡන්දය දීමයි.

:       177       1704

indika milano Friday, 07 July 2017 06:51 PM

මෙයාගේ වැඩේ රටට අවංකව කළා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද? දන්නෑ...

:       451       62

sundara Saturday, 08 July 2017 12:16 AM

පිටරට පදිංචි අයට තේරෙන්නේ නෑ ලංකාවේ ඉන්න අපට තියෙන වේදනාව. එන්. ජී. ඕ. ආක්‍රමණ යටතේ බුද්ධාගමට කරන නිගාව සහ හානිය වලක්වන්න මහින්ද රාජපක්ෂ මහතා වැනි ජාති හිතෛශී නායකයෙක් අපේ ලංකාවට අවශ්‍යයි. හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහත්තයත් කිව්වනේ එ් අය මුල් වෙලා යහපාලන ආණ්ඩුව බලයට ගෙනාවේ කියලා.

:       435       1279

Tkoon Saturday, 08 July 2017 01:22 AM

හොරුන් එලවලා නියම නායකයන්ට බාරදෙන්න. එතකොට මේ ප්‍රශ්නය හරි...

:       6       2

ajith Saturday, 08 July 2017 01:53 AM

බණක් භාවනාවක් කරගෙන, සසර කෙටිකරගන්නේ නැතුව තවත් මොන සභාපතිකම් ද මහත්තයෝ?

:       678       164

රත්නායකSaturday, 08 July 2017 06:08 AM

අා.. එහෙමද කැමැති? ඔව් ඉතිං තාම රට කාලා ඉවර නෑනේ... ඔහොම යං.

:       426       321

Padmini Saturday, 08 July 2017 04:44 AM

අනේ ඔය වගේ හිටපු ජනාධිපතිකමත් නැවත බලාත්මක කරන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන්න කිව්වත් පුදුමවෙන්න දෙයක් නැහැ.

:       243       364

Susil Saturday, 08 July 2017 05:17 AM

පව් අප්පච්චි, බලයට ඇති කැමැත්තක තරම....

:       306       19

suresh dubai Saturday, 08 July 2017 05:24 AM

අනේ පාඩුවේ ඉන්න මහත්තයෝ දැන්වත්....

:       323       17

menna Saturday, 08 July 2017 05:35 AM

ඔබතුමා තරු ගැනලා ජනාධිපතිවරණයක් තියලා ඇනගත්තා. රටේ පාලකයාට අනුව ඒ රටේ ස්වභාවය තීරණය වෙනවා. ඔබතුමාට ජනාධිපති වෙන්න හේතු වෙච්ච කරුණු හොයලා බලන්න. ඔබතුමාට ජනාධිපති වෙන්න උපකාර වෙච්ච බලවේග මොනවද කියලා හොයල බලන්න. ඒ බලවේගවලට ඇත්තටම් ඕනෑකම තිබුනේ රටේ යුද්ධය නැති කරන්න. ඊට පසුව රටේ නිදහසේ ජිවත් වීමට සුදුසු පරිසරයක් ඇති කරවීම. රට හතර වටේට ණය කරන එක නොවේ. බොලිවුඩ් නළුවෝ වගේ අරකයි, මේකයි ඔක්කොම බදාගෙන කරන දරුවෝ ඇති කරන එක නොවේ. ඔබතුමාට ගෙදර යන්න වුනේ ඔබතුමාගේම වැරදි කටයුතු නිසා. මුළු පර්ලිමේන්තුවම පවුලේ අයගෙන් පුරවාගත්තානේ.. ඔබතුමාට දේශපාලනය ගැන දැනුමක් තියෙනවා නම් පැත්තකට වෙලා ඉඳගෙන දැන් ඉන්න ජනාධිපතිතුමාට සපෝට් එකක් දෙන්න.

:       1098       141

රත්නායකSaturday, 08 July 2017 06:45 AM

මොන විදියේ සපොට් එකක්ද? හොරු රකින්නද? බුදධාගම නැතිකරන්නද? හම්බන්තොට, ත්‍රිකුණාමලය වරායන් විකුණන්නද? සාමස්සර කන්ද, සාලාව ගෙවල් හදල දෙන්නද? රට බෙදන්නද? පැහැදිලිව කියන්න.

:       22       781

Shan Saturday, 08 July 2017 07:42 AM

යුද්ධය කාලේ එක දවසක්වත් යාපනේ ගියේ නෑ. එත් සරත් ෆොන්සේකා ඇතුළු පිරිස් යුද්ධය දිනුවම, රටෙන් එලියට ගිහින්, පොලොව ඉඹ ඉඹ ආවානේද?

:       448       18

Wasantha Saturday, 08 July 2017 08:40 AM

මහින්ද මහත්තයාට බාරදෙන්න. අපි ඉතාලි හිටියට රට ගැන අවධානයෙන් ඉන්නේ...

:       101       372

ජයන්ත මිලානෝ Saturday, 08 July 2017 09:46 AM

ඇත්තෙන්ම රත්නායක, කැපුවහොත් නිල් නොවිය යුතුයි. අපි බලන්න ඕනෑ සමස්ථයක් වශයෙන් රටට වුණ හානිය සියලු පක්ෂ වලින්... හැමෝම හොරුන් ආරක්ෂා කරනවා මිසක් රටට ආදරය කරන කෙනෙක් කොයිද?

:       567       546

gamini Saturday, 08 July 2017 10:37 AM

ඔබතුමා නැවත බලයට පත් වූ පසු නාමල් මහතාව අගමැතිකොට මේ රට බේරා දෙන්න. ඔබ තමයි අපේ එකම නායකයා.

:       3075       523

mmiasab Saturday, 08 July 2017 04:06 PM

අනේ මෙහෙමත් මිනිසුන් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.. කොළඹ ගාලු මුවදොර, වරාය නගරය ඔක්කොම සින්නක්කර විකුණපු ආකාරය... උමා ඔය පටන්ගෙන සල්ලි හොරකම් කරලා රටට කරපු විනාශය, අධිවේගී මාර්ගය ප්‍රමිතියට නැතිව හදලා දකුණ ගං වතුරෙන් යටවිම,... වගේ තවත් දේවලුත් තියෙනවා. ඔය කොටස් වෙළඳපොළේ උඩින්ම ඉන්නේ ඔය සල්ලි වලින් තමයි.

:       104       2

boomiputhraya Sunday, 09 July 2017 12:44 AM

ගරු මහින්ද ජනාදිපති තුමනි. අලුත් පක්ෂය නිසා ඔබ ඉතිහාස ගත වේවි.ලංකා දේශපාලනය උඩු යටි කුරුවේවි. ඔබතුමා සදාකාලික නායකයා වෙලා නාමල් මහාතා අගමැතිවෙලා ගොටබාහය මහාතා ආරක්ෂක ඇමති වෙලා ශිරන්තිනෝන අදිකරණ ඇමති වෙලා 5 දෙනෙකුට කැබිනෙට්ටුව සීමා කරමු. රට සශ්‍රික වනවා නොඅනු මානයි. අපේ පැතීම රාජපක්ෂලයි. ලංකාවෙන් මිනිස්සු පිටරට රක්ෂාවට යන එක නවත්වමු.සිංහලේ අබිමානය රක ගනිමු. ලංකවට ගෙන පිටරටටින් බදු ගෙන එක නවත්වමු. පැරකුම් උගයක් උදා කරමු. මෙරටට පිටරට්යෝ එපා කියමු. අපේ රට සුරපුරයක් කරමු.

:       65       146

Lelwala Sunday, 09 July 2017 02:23 AM

ජයවේවා

:       2       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 137 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 109 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 434 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 529 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 396 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1777 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site