IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමතිට දුන්නේ කනේ පාරක් -සරත් වීරසේකර

 (නිමල කොඩිතුවක්කු)

සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට  එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය යුතු බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹදී පැවසීය.

හමුදා නිළධාරීන් උතුරු නැගෙනහිර  දෙමළ ජනතාවගේ ජන ජීවිතයට උපකාර කරන ආකාරය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් ඉන් මතු වන බවත් ඔහු සදහන් කියා සිටියේය.

ජාතික පුස්ථකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩළ ශ‍්‍රවණාගාරයේදී එළිය සංවිධානය අද(12) කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් සිදුකළ විමසීමකදී  හෙතෙම මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙසේද සදහන් කළේය.

 ‘‘ වර්තමාන රජය බලයට පත්වූ දා සිටම කලේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුනු යුධ සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තරය ඉදිරියේ නින්දිත ලෙස පාවා දීමයි. අප හමුදාවන් විසින් නොකල යුධ අපරාධ කලායැයි පිලිගෙන ඒ මතින් සැකසුනු 30/1 යෝජනාවේ තිබෙන නිර්දේශ එකින් එක ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.

අතුරුදන් වීමේ  කාර්්‍යාල පනත,  බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අදාල පනත් සම්මත කරගත්තා.  දැන් අපරාධ පිළිබඳ අන්‍යෝන්‍ය  සහයෝගිතා පනත සංශෝධනය කරමින් ඒ සදහා අවශ්‍ය ඉඩ ප‍්‍රස්තාව සකසමින් සිටිනවා.

2002 වසරේදී තමයි අපි මේ පනත අත්සන් කරලා තියෙන්නේ. ඒ පනතට අනුව අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ තොරතුරු  ඉල්ලිය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයට  අයත් රටවලට සහ අපිත් සමග ඒ සම්බන්දව ගිවිසුමක් ඇති කරගෙන තියෙන රටවලට පමණයි. 

නමුත් මේ පනතට දාලා තියෙන සංශෝධන මගින් වෙනත් රටවලට, සවිධාන වලටත් අපේ තොරතුරු ලබා ගත හැකියි.

එසේම යම්කිසි රටක් ලබාගෙන තිබෙන ලිකිත සාක්ෂි සහ වීඩියෝ තාක්ෂණය මගින් ලබාදෙන සාක්ෂි අධිකරනයේ පිළිගත හැකි සාක්සි බවට පත් කරලා තියෙනවා. එය චූදිතයාට විරුද්ධව තිබෙන ඉතාම අසාධාරණයක් වනවා.


අද අපේ රටේ රණවිරුවන් හිරේ දානාවා.  වර්ථමාන රජය රණවිරුවන්ට කරන මෙම හිරි හැර වගේම මේ රණවිරුවව ජාත්‍යන්තරයට මේ විදියට නින්දිත ආකාරයෙන් පාවා දෙන විට  ජනතාව නිහඬව ඉන්නේ ඇයි  කියන එක තමයි හමුදාවේ හිටපු පුද්ගළකේ විදියට මම අහන්නේ.  ජනතාව දැන්වත් නැගී හිටලා මේ වර්ථමාන පාළකයන්ව පුලූවන් තරම්  ඉක්මනට පන්නා දමන්න ඒකරාශී විය යුතුයි. 

රටේ ස්වාධිපත්‍යය, රටේ ස්වෛරීභාවය, රටේ අභිමානය  ජාත්‍යන්තරයට පාවා දිපු නින්දිත වෑයමක් විදියට  තමයි අපි මෙය දකින්නේ. ඒ නිසා ජනතාව  ඒකරාශී වෙලා මේ පනත කෙසේ හෝ පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ යැයිද ඔහු කියා සිටියේය.



අදහස් (20)

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමතිට දුන්නේ කනේ පාරක් -සරත් වීරසේකර

Samathasena A . Aluthgama Tuesday, 12 June 2018 10:15 AM

සාමාන්‍ය ජනයාගේ මෙම සැබෑ වෙනස් වීම රටේ යහපතට මහඟු පිටුවහලක් වේවි.

:       0       310

sirimal Tuesday, 12 June 2018 10:24 AM

කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාගේ ස්ථානමාරු ඒ ගැන එතුමා සේවයකළ ප්‍රදේශයේ ජනතාව දැක්වූ ප්‍රතිචාරයත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට සමහර පුද්ගලයින් ගන්නා පටු උත්සාහය ඉතාම කනගාටු දායක කරුණකි. සමහර අවස්ථාවාදී දේශපාලඥයින් රත්නප්‍රිය බන්දු කර්නල් වරයාගේ දෙමල සම්භවයක් පිළිබඳව උලුප්පාදක්වමින් දෙමල වැසියන් එතුමාට ගරුකලේ හුදෙක් එනිසා බව ප්‍රකාශ කර තිබුණි. තවත් සමහරු මේ අවස්ථාව ගෙනහැර දක්වමින් එතුමාගේ ස්ථාන මාරුවට හේතුව විශ්‍රාම ගැන්වීමට නියමිත කාල සීමාව පැමිණීම නිසා බව පෙන්වා දෙමින් එම සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකර මාරුවීමක් ලබාදීම හෙලා දකින බව ප්‍රවෘති සාකච්චා පවත්වමින් ආණ්ඩුවට සහ හමුදාපතිට ඇඟිලි දික්කරමින් දෝශාරෝපනය කර තිබුණි. මේ හමුදා නිලධාරියෙකුහට මාරුවීමක් ලැබුන පළමුවෙනි අවස්තාව නොවේ. යම්හෙයකින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ස්ථාන මාරුව පිලිබඳ මෙවන් ජනතා ප්‍රතිචාරයක් නොලැබුනානම් මේ ගැන කිසිවෙක් කතාබහ නොකරනු ඇත. ඕනෑම බඩකඩිත්තුවක් යොදාගෙන ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්නට කැස කවන සමහර පිරිස් මෙම අවස්ථාවද තමන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නා ආකාරය පිළිකුල් සහගතය.

:       3282       1117

BamunuarachchiTuesday, 12 June 2018 10:45 AM

ආණ්ඩුවට පන්දම් අල්ලන්න ලෑස්තිවෙන්න එපා. මෙතන ආණ්ඩුව කරපු දෙයක් නැත ඒ නිලදාරියා මිනිසුන්ට කොපමණ සමීපව ජීවත් උනාද කියන එකයි මෙතන පෙන්වුවේ.

:       41       990

sirimalTuesday, 12 June 2018 12:26 PM

ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි. මෙම පිටුවේ ඔබගේ නිරන්තර අදහස් දැක්වීම් මම ඉතා සතුටින් කියවන්නෙමි. ඒවා ඉතා කාලෝචිත මෙන්ම වැදගත් අදහස් බව මගේ හැඟීමයි. මෙම ප්‍රවෘතිය ගැන මගේ අදහස් ප්‍රකාශය කිසිසේත් ආණ්ඩුවට පන්දන් ඇල්ලීමක් නොවේ. ඔබට එය එසේ පෙනෙනවානම් ඒගැන මට කළහැකි දෙයක් නැත. සරත් වීරසේකර මහතාගේ දේශපාලන කියවීම මෙන්ම කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාගේ ස්ථාන මාරුව පිලිබඳ විවිධ පුද්ගලයින් කර ඇති මට පෙනෙන අන්දමට නොගැලපෙන අර්ථකතන පිලිබඳ මෙනෙහි කරමිනුයි මම මගේ අදහස් සටහන් කලේ. සමහරු එතුමාගේ ස්ථාන මාරුව " රජය කතාකරන සහජීවනය කඩාකප්පල් කිරීමට ගත් පියවරක්" ලෙසත් " එතුමාගේ දෙමල සම්භවය නිසා තමා මෙවැනි ප්‍රතිචාරයක් දෙමල ජනතාවගෙන් ලැබුනේ " ලෙසත් " විශ්‍රාම යාමේ කාලය සමීපවීම නිසා මෙම මාරුව ලබා දුන් නමුත් හමුදාපති සහ ජනාධිපති එතුමාගේ සේවය දීර්ඝ කරන්නේ නැත්තේ ඇයිද" කියාත් දේශපාලඥයින් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමි කියා තිබුණි. මගේ අදහස් දැක්වීම සඳහා පසුබිම් උනේ මට ලැබුන මේ ආරංචි මිස ආණ්ඩුවට කඩේ යාමේ පරමාර්ථයක් නෙවේ.

:       0       0

Chanak Los angelesTuesday, 12 June 2018 08:45 PM

ඔව් ඉල්ලාගෙන පරාද වෙලා ගෙදර යන්න වුනු අයගේ යටතේ මෙය සිදුවුනානම් පන්දම් ඇල්ලුවාට කම් නැහැ නේද ?

:       0       0

Ajith NissankaWednesday, 13 June 2018 02:23 AM

ඔයත් පරණ සෙට් එකට පන්දම් අල්ලනේ නැතුව ඉන්නකෝ!

:       0       0

nuwanTuesday, 12 June 2018 11:28 AM

බත් වෙනුවට වෙන ජාතියක් කනවා වගේ පෙන්නේ.

:       0       221

sirimalTuesday, 12 June 2018 12:49 PM

අදහස් දැක්වීම ගැන ස්තුතියි. මම තවම තණකොළ බුදින්නෙක් නොවෙමි. සමහර තෘණ වර්ග මිනිසාගේ ශරීර වර්ධනය සඳහා වටිනා බලශක්ති ලබාදෙන ශාක විශේෂයක් බව කියති. තණකොළ යුෂ පානය කිරීම දැන් විලාසිතාවක්ව ඇත. කෙසේනමුත් උක්ත වාර්තාව පිලිබඳ මගේ අදහස් දැක්වීම මට වැටහෙන අන්දමට සිදුකලෙමි. කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාට දෙමල ජනතාවගෙන් මෙතරම් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුනේ ඔහුගේ දෙමල සම්භවය නිසා බව ජනප්‍රිය දේශපාලඥයෙක් කියා තිබුණි. මෙය කෙතරම් අසාධාරණ කුහක ප්‍රකාශයක්ද? තවත් කෙනෙකු එතුමා මාරුකලේ විශ්‍රාම කාලය සමීපවීම නිසා බවත් ජනාධිපතිට හෝ හමුදාපතිට ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය තාවයක් නැති බවත් කියා තිබුණි. මගේ අදහස් ලිවීමට පසුබිම්වුයේ මෙවැනි ප්‍රකාශයන්ය. ලන්ඩන් නුවර ද්‍රවිඩ විරෝධතාවයක් සහ එහිදී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභිනයෙන් සිදුකල දෙයක් අල්ලාගෙන දේශප්‍රේමින් කියාගන්නා පිරිසක් අන්තර්ජාලය පුරා ගෙනගිය දැවැන්ත ප්‍රචාරය ඔබට මතක ඇති සිතමි. මේ හේතුවෙන් බ්‍රිගේඩියර් වරයා ඉතාම අසීරු තත්වයකට පත්විය. මම කියන්නේ මේ සියලු දේ පිටුපස ඇත්තේ කපටි දේශපාලන ව්‍යාපාර බවයි. ඉන් අමාරුවේ වටෙන්නේ මෙවැනි"රණවිරුවන්" මයි.

:       0       0

BamunuarachchiWednesday, 13 June 2018 01:08 AM

ඔය 62 ම බත් කන්නේ නැත.

:       0       0

කසුන්Tuesday, 12 June 2018 12:17 PM

සිරිමල් අයියේ, ඒ මිනිසුන්ගේ තියන උදාරතම මානුෂික හා සහෝදරත්වයේ හැගීම් ගැන පවතින දේශපාලන කෝණයෙන් බලන්න එපා. ඒ යුධ හමුධා නිලධාරියා කොපමණ සමීපයෙන් අපේම උතුරේ ජීවත් වෙන සොහොදර සොහොදරියන් ට කිට්ටු උනාද ? මෙන්න මෙයයි අපි අත්වැල් බැදගෙන ලොවට පෙන්වන්න ඕනේ. ඔබලා වැනි අය බුද්ධියට තැන දී කටයුතු කරනවා නම් අපේ රට කොච්චර ලස්සන තැනක් වේවිද ?

:       0       8

SamuvelWednesday, 13 June 2018 04:30 AM

රජය අප්‍රසදය පත් කරන්න කවුරුවත් ඕන නෑ. ඒ අයගේ දෙශද්‍රෝහී වැඩ වලින්ම එය සිදු වෙලා අවසානයි. ඊයේ පෙරෙදා සිවාගිලින්ගම් කියලා තිබුන මෙසේ හමුදා කර්නල් කෙනෙකුට උපහාර පිදීම කොටින්ට කරන නිග්‍රහයක් කියලා. අපිට උවමනා දෙමල ජාතිය සමග සන්හිදියාවකට මිසක හිටපු කොටි හෝ දැන් ඉන්න කොටි කියන දේවල් කිරීම නොවන බව දැනගත යුතුය. මේ දේවලින් පෙනෙන්නේ යහපාලන රජයට අවශ්‍ය සන්හිදියාව යනු, දෙමල ජාතික සන්දානයේ මන්ත්‍රීවරුන්ගේ මනාපයයි. දෙමල සාමාන්ය ජනතාවගේ හඬ නොවේ.

:       0       2

සේනක Wednesday, 13 June 2018 06:26 AM

මහ බැංකුවේ මංකොල්ලකාපු හොරුටික කීයක් හරි දීල වගේ, මෙයා කඩේ යන්නේ. මේ අයගෙන් තමයි යහ පාලනයේ පැවැත්ම තියෙන්නේ.

:       0       0

Chaminda Tuesday, 12 June 2018 10:37 AM

හොද දෙයක් දකින්න බැරි මිනිස්සු මම හිතන්නේ ලංකාවේ විතරයි ඉන්නේ .

:       0       138

Hafeel Tuesday, 12 June 2018 10:50 AM

සරත් වීරසේකර මහත්තයෝ, මේක ජීනීවාවලට ඉදිරපත් කරන්න හොඳම අවස්ථාව. මේකෙන් ප්‍රයෝජන ගතයුතුමයි.

:       16       415

Kamal Tuesday, 12 June 2018 10:54 AM

සරත් වීරසේකර සම්බන්දයෙන් සාමාන්‍ය දෙමල ජනතාවගේ ප්‍රතිචාරය කුමක්ද?

:       431       275

පිටිගල මිලානෝ Tuesday, 12 June 2018 11:31 AM

මේ සිද්ධිය පෙන්නලා විපත්මගට ලකුණු දාගන්න නම් යන්න එපා. මිනිස්සු එතරම් මෝඩ නැහැ.

:       1265       1491

විදුර Tuesday, 12 June 2018 01:28 PM

සංහිදියාව වචනයෙන් නොව ක්‍රියාවෙන් ඉටු කල මහතෙක්. සංහිදියාව ඇති කිරීම සඳහා වූ රටේ ඉහළම තනතුර ඒ මහතාට ලබා දෙන්න.

:       0       0

PA - RA Wednesday, 13 June 2018 02:42 AM

කලක් යනවිට කල මෝඩකම් තේරෙනවා එකයි අද, එදා රැවටුන දෙමළ මිනිසුන් අද ඔවුන් මිරිගුව පස්සේ දිව්වා කියලා දැනගෙන තියෙන්නේ,

:       0       0

KASUN Wednesday, 13 June 2018 04:06 AM

සරත් වීරසේකර සේවයේ ඉන්න කොට කටේ ඉබ්බෝ දාලද?

:       2       0

prakaash Wednesday, 13 June 2018 04:26 AM

සරත් වීරසේකර කියන්නේ රට වෙනුවෙන් නිරතුරුව වැඩක් කරන කෙනෙක්. දැනට වුවද එක්සත් ජාතීන්ගේ ඊනියා වැඩපිළිවෙලට විරුද්ධව යම් හඬක් ගෙනයන සැබෑ විරුවෙකි. කොටි ඩයස්පෝරාව සහ තව ඔවුන්ගේ ඉත්තන් ලංකාවට එරෙහිව විශේෂයෙන් රණ විරුවන්ට එරෙහිව ගෙන යන කූඨ වැඩ පිළිවෙලට එරෙහිව රට වෙනුවෙන් නිර්භයව ක්‍රියාකරන්නෙකි. ලංකා රජයෙන් කලයුතු දේ කරන්නේ මෙතුමාය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1896 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 968 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 763 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 363 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 631 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 571 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site