IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හුංගම ලුණු ගබඩාවට සීල් තබයි

 

 

 

(සනත් ගමගේ)

 

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරිම සඳහා සූදානම් කරමින්  තිබූ හුංගම නගරයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල් හිමියකුට අයත්  ගබඩාවකට අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්  සීල් තබන ලදී.

ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ලෙසින් හා ලුණු ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන  ගොස් ඇති මෙම ස්ථානය කාලයක් වසා දමා තිබූ අතර එහි ගබඩා කැර තිබූ ලුණු තොග දැඩි ලෙස අපිරිසිදු වී තිබී ඇත. 

ගබඩාව විවෘත කර ලොරි රථයකට ලුණු පැටවීමට සූදානම් කරද්දී ලද තොරතුරක් මත මෙම ස්ථානය වැටලීමට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු සඳහන් කරති.

ගබඩාව තුළ තිබූ ලුණු තොග මත බල්ලන් මළ පහ  පවා කර තිබූ බව නිරීක්ෂණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ගබඩාව තුළ කල් ඉකුත් වූ ලුණු පැකට් විශාල තොගයක් තිබූ අතර දැඩි ලෙස අපිරිසිදුතාවයට පත් වූ මිනිස් පරිභෝජනයට කිසිසේත්ම   සුදුසු නොවන ලුණු විශාල තොගයක් ද තිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන්  කරති.

අම්බලන්තොට ප්‍රාදේශිය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.පී මාලක මහතාගේ උපදෙස් මත, හුංගම කොට්ඨාස මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.ඒ.සී.එච් කුමාර, ජී.එන් චන්දන කුමාර, කේ.ජී නිශාන්ත, එම්.එම් ඉමාෂුදින් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම වැටලීමට සහභාගී වූහ.

 



අදහස් (0)

හුංගම ලුණු ගබඩාවට සීල් තබයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 523 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 104 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 784 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 794 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1194 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1087 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site