IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හක් බෙල්ලන් අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගයක් අළෙවි කිරීම ට සඟවා ගෙන සිටි සැකකරුවකු බත්තුළුඔය පුදිකුඩිරිප්පු  ප්‍රදේශයේදී  තම්බපන්නි නාවික කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් සහ ධීවර නිලධාරීන් එක්ව කළ වැටලීමකදී අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මුන්දලම බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අළෙවි කිරීමේ අරමුණින් මෙම හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගය සැකකරුගේ නිවස ආසන්නයේ වල දමා තිබියදී සොයා ගෙන තිබේ.

අත්අඩංගවට ගත් හක් බෙල්ලන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මීලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් බවත්.මෙම බෙල්ලන් උඩප්පුව සිට මන්නාරම දක්වා දකුණු මුහුදු තීරය දක්වා පමණක් ව්‍යාප්තව ඇති බවත් ධීවරයින්ගේ යම් යම්  ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වෙමින් ඇති බව කියයි.

හක් බෙල්ලන් 1996 අංක 2 ක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වන වගන්නිය යටතේ සන්තකයේ තබා ගැනීම නීති විරෝධී බවද එසේම මිලි මීටර් 70 කට වැඩි වට ප්‍රමාණයක් සහිත හක් බෙල්ලන් සන්තකයේ තබා ගන්නා පුද්ලයින් ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් බලපත්‍රයක් තබා ගැනිම අනිවාර්ය බවද කියයි.

එසේ බලපත්‍ර නිකුත් කිරීමේදි වෙළඳාම සඳහා විශේෂ කොන්දේසි ගණනාවකට යටත්ව බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවත් අත්අඩංගුවට ගත් සැකකරුට අදාල බලපත්‍රයක් නිකුත් කර තිබුණද බලපත්‍ර කොන්දේසි සියල්ලම උල්ලංඝණය කර ඇති බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ අයි .එම් .ජි. සරත් චන්ද්‍රනායක මහතා පවසයි.

 



අදහස් (0)

හක් බෙල්ලන් අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 45 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1333 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1189 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 675 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1726 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 87 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site